විවිධ මාදිලියේ ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කර ඇති ප්‍රකට සංගීත නිර්මාණවේදී, ගැලැක්සීස් සංගීත කණ්ඩායම් සාමාජික ප්‍රියන්ත නාවලගේ විසින් නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් කැරොල් ගී ත්‍රිත්වයක් එළිදක්වා ඇත. සෑම වසරකම කිතුනු ගීත නිර්මාණය සඳහා වැඩි ඉඩක් ලබා දෙන ප්‍රියන්ත විසින් මේ වන විට නිර්මාණය කරන ලද කිතුනු හා නත්තල් කැරොල් ගීත ප්‍රමාණය පනහකට ආසන්නය. සිරස නිර්මාණය කළ සුපර් ස්ටාර් තරු රැසකට නත්තල් ගීත නිර්මාණය කර ඇති ඔහු, මේ දිනවල නිතරම ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වන දිමංක වෙල්ලාලගේ ගායනා කරනු ලබන ‘ජේසු ජේසූ ඔබ මාගේ රජු වේ’ යන ගීතයේ ද නිර්මාණකරුවා වෙයි. ඔහු මෙවර නිර්මාණය කරන ලද නත්තල් ගී අතර, ගැලැක්සීස් සංගීත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ මැදියම් රෑ හඬ නංවන සීනු නාදයයි ගීතය විශේෂිතවේ.
මෙම ගීතය ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ නායක රෝයි ප්‍රනාන්දු සමගින් අජිත් පෙරේරා, චමින්ද විමලසේන සහ ප්‍රියන්ත නාවලගේ ගයන මෙම ගීත රූප රචනාවන් සමඟින් රූපවාහිනී නාළිකා හා සමාජ මාධ්‍ය තුළින් රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා ඇත.
“තරුවක් වෙලා පායා ඒ රැයේ” ගීතය ගායනය සංගීත ආචාරිනී විශාරද පද්මිණී කළුආරච්චි ද “දුර ඈත අතීතේ දවසක ජුදා පුරවරේ” ගීතය ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන, අයිවන් ප්‍රනාන්දු සහ නිලන්දි ප්‍රනාන්දු යුවළ ගයති. මෙම ගීත ත්‍රිත්වය පද රචනය ඇන්ටන් ජේ. ප්‍රනාන්දු සිදුකර ඇත. කිතුනු නත්තල් කැරොල් හා කණ්ඩායම් ගී රැසක් හා සංගීත ක්ෂේත්රයේ මෙන්ම, චිත්‍රපට හා ටෙලි නාට්‍ය තුළින් රසවත් ගීත රැසක් නිර්මාණය කර ගීත ශ්රාවකයා හට තිළිණ කිරීමට ප්‍රියන්ත නාවලගේ සමත්වී ඇත.
