5
ගෲප් කපිතාන් ක්රිශාන්ත මනම්පේරි අධ්යක්ෂණය කරන ‘පරම වීර පූජා’ චිත්රපටයේ මුහුරත් උලෙළ පසුගිය 7 වෙනිදා පිටකෝට්ටේ සෝලීස් හෝටල් පරිශ්රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ලුතිනන් සුජිත් චමින්ද විසින් රචිත ‘අවි බිමක ගිනියම්’ කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්රපටයේ තිරරචනය ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න ගෙනි. ප්රථම පරම වීර විභූෂණ සම්මානිත කපිතාන් සාලිය අලදෙණියගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන මෙම චිත්රපටයේ සාලිය අලදෙණියගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්රිය යොවුන් නළු මේඝ සූරියආරච්චිය.
