සමන්ත විජේකෝන් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන දෙවැනි සිනමා නිර්මාණය වන ‘පතිකුලය’ චිත්‍රපටයෙහි මුහුරත් උලෙළ පසුගිය දින වෝටර්ස් එජ් හෝටලයෙදි කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. ග්‍රීන් එකෝ වෙනුවෙන් සනත් චන්ද්‍රසිරි පතිකුලය නිෂ්පාදනය කරනු ලබයි.
සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, නෙතලී නානායක්කාර, උද්දික ප්‍රේමරත්න පාලිත සිල්වා, නිහාරී පෙරේරා, උදයන්ති කුලතුංග, මිෂෙල් දිල්හාරා, මලින්ද පෙරේරා, මිලින්ද මඩුගල්ල, රධිකා ගුණවර්ධන, ඉන්දික මධුරගේ, කැලුම් රාජභරණ, ඕෂධී සේනානායක රංගනයෙන් එක්වෙති.
කැමරා අධ්‍යක්ෂණයෙන් කුල රුවන් ගමගේ, කලා අධ්‍යක්ෂණයෙන් සරත් චන්ද්‍ර ජයවීර, අංග රචනයෙන් ඉන්දික උදාර, සංස්කරණයෙන් සිතුම් සමරජීව, සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රේෂල රවිදු, වස්ත්‍රාභරණයෙන් ලසන්ත උඩුකුඹුර, වර්ණ සංයෝජනයෙන් ගිහාන් සංජය, දෘශ්‍ය ප්‍රයෝග (ඍජ්ඔ) හේමජිත් සමරකෝන්, සහාය අධ්‍යක්ෂණයෙන් මහේෂ් උයන්වත්ත,ඩ්‍රෝණ කැමරාකරණයෙන්, මහේෂ්, ග්‍රැෆික් නිර්මාණයෙන් හර්ෂ ප්‍රේමචන්ද්‍ර, නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක, නිශ්චල ඡායාරූපකරණයෙන් චතුරංග සදිප දායක වෙති. මාධ්‍ය සම්බන්ධීකරණ උපුල් නිශාන්තගෙනි.
