Home » පත්තර මහගෙදර ඡායාරූප කතුවරුන්ට හා ඡායාරූප ශිල්පීන්ට ඓතිහාසික දවසක්

පත්තර මහගෙදර ඡායාරූප කතුවරුන්ට හා ඡායාරූප ශිල්පීන්ට ඓතිහාසික දවසක්

by mavan
October 9, 2025 10:50 am 0 comment

ඕනෑම සිද්ධි සමුදායක සදානොමැකෙනා මතකයන් යළි යළිත් සිහිපත් කරන්නට තෙවැනි ඇසින් බැලූ සුවිශේෂ පුද්ගලයන් ද අප සමාජයේ කොතෙකුත් ඇත. ලෝකයේ ලස්සන තෙවැනි ඇසින් අප වෙත ගෙන ආ ඔවුන් තම අත රැදි කැමරාවේ ඒ සදා නොමැකෙන ඡායාව සටහන් කරගනු ලැබුවේ හුදෙක් බොහෝ කැපකිරිම් කොට විය හැක. තෙවැනි ඇස තම නෙතට ළංකොට අපුුර්වතම රූප රාමුවක් තම කැමරා කාචයේ සටහන් කරගන්නට දරන කැප කිරීම කොතෙක්ද කිවහොත් එම ඡායාරූපය යළි යළිත් අපට ස්මරණය කොට ජීවයක් අත්විදිය හැකිවීම ද සුවිශේෂි සිද්ධි දාමයකි. මේ අපුර්වත සිද්ධි දාමයේ එක්තරා ඇරැඹුමක මතකයන් රැසක් යළි යළිත් සිහිපත් කිරීමේ සුවිශේෂී අවස්ථාවක් පසුගිය දා පත්තර මහගෙදර (ලේක්හවුස්) ඡායාරූප අංශයේ සිදුවුයේ පත්තර මහගෙදර ඡායාරූප අංශයේ එදා මෙදා තුර නායකත්වය දැරූ පුද්ගලයන් ඇගැයීමට ලක්කරමිනි.

ලේක්හවුස් ඡායාරූප අංශයේ වත්මන් ඡායාරූප කර්තෘවරයා වශයෙන් කටයුතු කරන ප්‍රවීණ ඡායාරූප ශිල්පී තිලක් පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව වත්මන් ඡායාරූප අංශයේ සියලු සාමාජිකයන්ගේ සංවිධානයෙන් කෙරුණු මේ සුවිශේෂී ඇගැයිම් සැමරුම තුළ දී ලේක්හවුස් ඡායාරූප අංශයේ ආරම්භයේ පටන් මේ දක්වා ඡායාරූප කර්තෘත්වය හොඹවන ලද පුද්ගලයන්ගේ ඡායාරූප නිරාවරණයක් ද සිදුකරනු ලැබීය. එමෙන්ම එදා මෙදා තුර ඡායාරූප අංශයේ සේවය කළ ඡායාරූප ශිල්පීන්ගේ හා ඒ හා බැදුණු අනෙකුත් කාර්යන් සිදුකළ අයගේ නාමවලියක් ද එහිදී ප්‍රදර්ශන පුවරුවක සටහන් කොට එළි දක්වන ලදී. මෙම සුවිශේෂි මොහොතට ඇරඹුමක් එක්කරනු ලැබුවේ වත්මන් ලේක්හවුස් සභාපති ගාමිණී වරුසමාන්න මහතා ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතානන්ට මල් මාලාවක් පැලදවීමෙනි.

මේ අසිරිමත් මොහොත ගැන අපිත් සමඟ කතාබහට ඇරඹුමක් එක්කරනු ලැබුවේ වත්මන් ඡායාරූප කර්තෘ තිලක් පෙරේරාය.

මෙවැනි දෙයක් කළොත් හොඳයි කියල මගේ හිතට අදහසක් ආවේ මම ඡායාරූප අංශයේ වැඩකරන කාලයේ ඒ අදහස මට මල්ඵලගන්වන්න අවස්ථාවක් උදා වුණා. මම ලේක්හවුස් ඡායාරූප අංශයේ ඡායාරූප කර්තෘවරයා වන්න ලැබීමත් සමඟ මේ මම ගත්තා වූ වෑයම අපේ අංශයේ ඉතිහාසය ලියා තැබීමක් කිව්වොත් නිවැරැදියි. මට දැනගන්න තියන හැටියට ඩී.ආර්. විජයවර්ධන මහත්තයා මේ ලේක්හවුස් පත්තර ආයතනය ආරම්භ කරන කොට මේ වගේ දෙපාර්තමේන්තුවක් තිබිලා නෑ. එක් එක් පත්තර වලට ඡායාරූප ශිල්පීන් ඉදලා තියෙනවා ඒ ක්‍රමවේදය තමයි දිගින් දිගටම තිබිලා තියෙන්නේ නමුත් 60 දශකයේ රංජීත් විජයවර්ධනයන්ගේ සභාපතින්යෙන් ඇරඹී පාලන කාලය තුළ පුවත්පත් සඳහා වෙන වෙනම කටයුතු කළ ඡායාරූප ශිල්පීන් එක දෙපාර්තමේන්තුවකට අනුයුක්ත කොට ඡායාරූප අංශයක් නිර්මාණය කරල තියනවා. මේ ඡායාරූප අංශයේ මුල්ම ඡායාරූප කර්තෘවරයා ලෙස කටයුතු කරල තියෙන්නේ බොනී ප්‍රනාන්දු මහතා. එතුමාගේ ඡායාරූප කර්තෘත්වය මත තමයි මේ දෙපාර්තමේන්තුව මුලින්ම පාලන අධිකාරිය ස්ථාපිත කරල තියෙන්නේ එතනින් පස්සේ පිළිවෙළින්, රියන්සි විජේරත්න, ඩී. බන්දුවර්ධන, නෝමන් ගි‍්‍රප්, කුමාර් වෙත්තසිංහ, ඇස්. චිත්‍රානන්ද, චන්ද්‍රා වීරවර්ධන, සුසන්ත ලියනවත්ත, නිමල් පිටිපන, නිශාන්ත සුමනදාස, ජයන්ත දිවිසේකර, උපාලි ෆොන්සේකා, ඉන්ද්‍රජිත් පෙරේරා, කමල් ජයමාන්න, ගාමිණි රාමනායක, මාලන් කරුණාරත්න, විමල් කරුණාතිලක ඡායාරූප කර්තෘවරුන් හැටියට කටයුතු කරල තියනවා. මේ වන විට මම දහ අටවෙනි ඡායාරූප කර්තෘවරයා ලෙස මේ ඡායාරූප අංශයේ මුල් පුටුව හොබවනු ලබනවා.

මේ අය අතුරින් කුමාර් වෙත්තසිංහ මහතා ලේක්හවුස් ඡායාරූප අංශයේ දෙවරක් ඡායාරූප කර්තෘවරයා හැටියට කටයුතු කර තිබීම සුවිශේෂයි. සමස්තයක් ලෙස මේ දෙපාර්තමේන්තුව ආරම්භ කළ දා පටන් මේ වන විට මේ දෙපාර්තමේන්තුව තුළ ඡායාරූප ශිල්පීන් ඡායාරූප මුද්‍රණ ශිල්පීන් ඡායාරූප සැකසුම් ශිල්පීන් ලෙස විවිධ කාර්යන් නියෝජනය කළ ශිල්පී ශිල්පිනියන් 130 දෙනෙකු පමණ කටයුතු කරල තියනවා. මේ දෙපාර්තමේන්තුව තුළ මීට පෙර කාන්තා ඡායාරූප ශිල්පිනියන්ගේ නියෝජනයක් ද තිබුණා රේණුකා අල්විස් තමයි අපේ අංශයේ මුල්ම ඡායාරූප ශිල්පිනිය ඊට පසු ඉරේෂා වඩුගේ, නිශානි ලියනගේ, ප්‍රබෝධි ලංකා, කුමාරි තල්පාවිල, සුජානි කුමුදිනී කාන්තා ඡායාරූප ශිල්පිනියන් ලෙසින් කටයුතු කරනු ලැබුවා. මීට අමතරව දමයන්ති ගමගේ, චතුරාණි පෙරේරා අප දෙපාර්තමේන්තුවේ ඡායාරූප පරිගණක අංශය නියෝජනය කරමින් කටයුතු කරනු ලැබු අතර අද වන විට චතුරානි පෙරේරා පමණක් එකම කාන්තා නියෝජනය හැටියට අප අංශයේ කටයුතු කරනු ලබනවා.

ඇස්. චිත්‍රානන්ද, චන්ද්‍රා වීරවර්ධන, නිමල් පිටිපන, බොනී ප්‍රනාන්දු, රියන්සි විජේරත්න, ඩී.බන්දුවර්ධන, නෝමන් ගි‍්‍රප්, යන හිටපු ඡායාරූප කර්තෘවරුන් මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ගොසින් දැනට ඡායාරූප කර්තෘත්වය දැරූ දස දෙනෙක් පමණ සේවයෙන් විශ්‍රාම ලැබුව ද අපත් සමඟ සුහදව මිත්‍රව කටයුතු කරනවා. අද ජීවතුන් අතර සිටින ඡායාරූප කර්තෘත්වය හෙබවූ ප්‍රවීණයන් කිහිපදෙනෙක් ගැන විශේෂයෙන් සඳහන් කළොත් සුසන්ත ලියනවත්ත ඡායාරූප කර්තෘවරයා ස්පෝට් ඡායාරූප කරණයේ හා නිවුස් ඡායාරූපකරණයේ ප්‍රවීණයෙක් ඉංගලන්ත මහරැජන ලංකාවට පැමිණි මොහොතේ ඇගේ ඡායාරූප ගැනීම සඳහා ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ ඡායාරූප ශිල්පියා තමයි සුසන්ත ලියනවත්ත, ඒ වගේම අපේ ඡායාරූප අංශය නියෝජනය කළ තවත් ඡායාරූප කර්තෘවරයකු වූ ජයන්ත දිවිසේකර බොහෝ අත්දැකීම් ලැබූ ශිල්පියෙක්. ක්‍රීඩා පුවත්පතේ ආරම්භක ඡායාරූප ශිල්පියා ලෙස නමක් දිනූ ජයන්ත පළපුරුදු ක්‍රීඩා ඡායාරූප කලාවේ නම් දැරූ වෙක්. ඒ වගේම පැරණි අධතතර ජ්තඥය කැමරා භාවිතයෙන් ඡායාරූප කලාවේ නියැලී අත්දැකීම් රැසක් ලැබූ කැමරා ශිල්පයේ ප්‍රවීණයෙක් උපාලි ෆොන්සේකා ද අපේ ඡායාරූප දෙපාර්මේන්තුවේ ඡායාරූපකරණයේ නමක් රැන්දු ඡායාරූප කර්තෘවරයෙක් සිංහල සිනමාවේ නළු නිළි ඡායාරූපකරණයේ මහත් ජනප්‍රියත්වයක් ලැබු උපාලි දැනට විජය කුමාරතුංගයන්ගේ ඡායාරූප ගත් එවක ඡායාරූප ශිල්පීන් අතරින් අද ජීවතුන් අතර සිටිනා කෙනෙකු වීමේ භාග්‍ය ලැබූ ශිල්පියෙක්. එමෙන්ම 1984 වසරේ සිට වසර 16ක් පුරා සරසවිය සිනමා සම්මාන උලෙළේ අඛණ්ඩව නළු නිළියන්ගේ ඡායාරූප ගත් නළු නිළියන් අතර එවක ජනපි‍්‍රය ඡායාරූප ශිල්පියෙක්. මේ වගේ අත්දැකීම් බහුලව ලැබු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් රැසක් අදත් අපේ ඡායාරූප අංශයට ලබාදෙන මාර්ගෝප දේශනය ද හරි වැදගත් දළ සේයා පට කැමරාකරණයේ නියැළී සිට ඩිජිටල් කැමරාකරණය දක්වා දෙවැදැරූම් පරිවර්තනයට මුලපිරූ නිශාන්ත සුමනදාස, ඉන්ද්‍රජිත් පෙරේරා, කමල් ජයමාන්න, ගාමිණි රාමනායක, මාලන් කරුණාරත්න, විමල් කරුණාතිලක හා මම මේ යුග දෙක නියෝජනය කළ ඡායාරූප කර්තෘවරුන් වීමත් මෙහිදී සඳහන් කළ යුතු සුවිශේෂී සිද්ධියක්.

හුදෙක් අද වන විට නෙගටිව් භාවිතය සම්පූර්ණයෙන් බැහැරව ඩිජිටල්කරණයට නතුවී ඇති ඡායාරූප කලාව තුළ නව පරපුරට අතහිත දෙමින් ඡායාරූප කලාවේ නවීකරණයට දිනෙන් දින හැඬගැසීම අපේ ඒකායන ප්‍රාර්ථනය වී තිබෙනවා.

[email protected]

සේයාරූ – ශාන් රඹුක්වැල්ල

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT