ඝන අන්ධකාරයේ තරු දිදුලන විට පරිසරය විවිධ ආලෝක රටාවන් වලින් දිදුලයි. කාන්තිමත් ආලෝකයත් සමඟ විවිධ ශබ්ද කන්කළු නාදය දසක පැතිරී ගෙන යයි. සකුරා මල් පිපුණු කාලයක ඇය මෙලොව එළිය දුටුවේය. ඇගේ ළමා කාලය ගත වූයේ ජපන්රටේය. සොලොස් වසරක කාල වකවානුවක් පූජියෝමා ගිනිශිඛරයේ ගිනිදැල් නැගුණු රටාවන් සිහසින් දුටුවේය. රැයක් පහන් වන විට පෙර දින දුටු සොබාදහමේ අපූර්වත්වයේ චිත්තරූප මවාගත්තේය. ඒ දුටු සියල්ල ඇගේ කලා ගමනේ පෙර ගමන්මඟ විය. බෞද්ධ දර්ශනය පදනම් කරගත් පරිසරයක් තුළ හික්මුණු මනසකින් යුතුව ඇගේ නිදහසේ ගමන් මඟ ආරම්භ කළේය. ජපන් රටෙන් ඇමෙරිකාව බලා යන ඇය එහිදි උසස් අධ්‍යාපනය නිමා කරන්නීය. ඉන්න අනතුරුව ඇය වසර දෙකක් නැවතත් ජපානයේ රංග පාසලේ රංග කලාව හා ටචඵඩඪධද පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට විය. එතනින් ආරම්භ කළ ගමන් මඟ වෙළෙඳ දැන්වීම් කලාව හා සිනමාව දක්වා ගමනක් එන්නට ඇයට හිමි විය. ඇය නමින් නොෂින් ද සිල්වාය. මේ ඈ සමඟ සරසවිය කළ කතාබහයි.
ඔබ මෙතෙක් ආ ගමන ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
මගේ ගමන හරිම නිශ්ශබ්දතාවයෙන් ගමන් කරන කෙනෙක් නිසා කල් තියාම එන බාධක කම්කටුලු දැනගන්නට පුළුවන් වෙනවා.ජීවිතයේ අහස උසට බලාපොරොත්තු තියාගෙන ගමනක් යන්න බැහැ. එන විදිහට මුහුණ දීලා ගමනක් යැම තමයි මගේ එකම අරමුණ වෙන්නේ. මම රංගනයට හරිම ආස කෙනෙක්. මගේ නම කවද හරි ක්ෂේත්රයේ හොඳ තැනක රඳා පවතිනවටයි මම කැමති. එක එක නිර්මාණවේදියාගේ, රංගන ශිල්පීන්ගේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. නමුත් එක අරමුණක් තුළ ගමන් කරනකොට අපිට ලේසියෙන් මේ ගමන යන්න පුළුවන් වෙනවා.
අන්තර්ජාතික මට්ටමෙන් කලා ක්ෂේත්රය තුළ ඔබ ළඟින්ම ගනුදෙනු කරන කෙනෙක් නේද?
මම මුලින්ම අන්තර්ජාතික මට්ටමේ වෙළෙඳ දැන්වීම් කිහිපයකම රංගනයේ නිරත වුණා. ඉන් අනතුරුව තමයි මට සිංහල සිනමා පටයකට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙන්නේ. මගේ ද්විතික අධ්‍යාපනයේ සිට සියලු අධ්‍යාපන කටයුතු සිදුවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. අන්තර්ජාතික මට්ටමේ රංගන ශිල්පිනියකුට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මට එහිදී ලබා ගන්නට හැකි වුණා. ඒ තුළින් තමයි මට වෙළඳ දැන්වීම් කලාවට පිවිසෙන්නට අවස්ථාව හිමිවුණේ. එය මම කලා ක්ෂේත්රයේ ලබපු ලොකු ජයග්‍රහණයක් ලෙස අද දකිනවා. ඒජබඪදඨ කියන්නේ විශ්වාසය තුළ ගොඩනැගෙන දෙයක්. සිංහල සිනමාවේ මෙන්ම අන්තර්ජාතික මට්ටමේ මගේ නම රඳා පවත්වන්නට තමයි මම මේ ගන්න වෑයමයි. අද ලෝකේ වෙනදාට වැඩිය කලාව පැත්තෙන් ගොඩක් දියුණු වෙලායිි තියෙන්නේ. කුමන භාෂාවකින් නිර්මාණයක් බිහිවුණත් එය උපසිරැසි සමඟ ලෝකයේ තියෙන හැම භාෂාවක් සමඟම ගනුදෙනු කරන්නට හැකි වෙලා තිබෙනවා. බොලිවුඩ් හොලිවුඩ් කොලිවුඩ් යන නිර්මාණ වලට පමණක් නෙවෙයි අනික් රටවල් වල නිර්මාණත් අද ලෝකයේ සියලු දෙනාම වැලඳ ගන්නවා. ඒ නිර්මාණ අතරට අපි කරන නිර්මාණත් යනවා දකින්න තමයි මගේ බලාපොරොත්තුව තිබෙන්නේ. එහෙම නිර්මාණ යනවා කියන්නේ අන්තර්ජාතික මට්ටමෙන් අපිට තැනක් හිමිවෙනවා. ඒ පසුපස හඹා යන්නේ නැතුව අන්තර්ජාතික මට්ටමට ළඟා වෙන්නට ටිකක් අමාරුයි.
රැයක් හෝ පැයක් සිනමා පටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම වෘත්තියෙන් මූල්‍ය අධ්‍යක්ෂිකාවක් බවට පත්වෙනවා. මම වැඩි හරියක් දකුණු ඉන්දීය සිනමාවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. මම දවසක් චෙන්නායිවල දකුණු ඉන්දීය සිනමා වැඩමුළුවකට සම්බන්ධ වුණා. එහිදී තමයි මට ලාල් වීරසිංහ මහත්තයා මුණ ගැහෙන්නේ. ඒ අවස්ථාවේදී මට ආරාධනාවක් කළා අලුතෙන් සිනමා පටයක් කරනවා කැමතිද සම්බන්ධ වෙන්නකියලා. ඊට ටික කලකට පසු මම ඔහු දුන් දුරකථනයට කතා කරලා. මම කැමතියි මෙයට සම්බන්ධ වෙන්න කියලා අදහස් ප්‍රකාශ කිරිමෙන් ඇතිවුණු සම්බන්ධතාවයෙන් රැයක් හෝ පැයක් අපර්ණාගේ චරිතයට මට රඟනෙන් දායක වෙන්නට අවස්ථාව ලැබුණා. මම ජපන් පාසල් අධ්‍යාපනයේ සිටින විට සියලූම පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.නිරූපණ ශිල්පිනියක් ලෙස දැඩි ලෙස ඇලුම් කරමින් එයට සම්බන්ධ වීම තමයි මගේ මුල්ම අඩිතාලම වුණේ. ඒ ආපු ගමනේ මුල්ම සිංහල සිනමා පටය වන්නේ රැයක් හෝ පැයක් සිනමා පටයයි.
අපර්ණාගේ චරිතය හරහා ඔබට අවස්ථාව දැන් හිමිවෙලා තිබෙනවාද වෙනත් නිර්මාණවලට?
මේ වෙන විට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම තිර පිටපතේ එන චරිතය හා මට ඒ චරිතයෙන් සමාජයට යමක් කරන්න පුළුවන් නම් මම භාරගන්නයි කැමති. මේ සිනමා පටයේ තිරගත වී අවසන් උණාම තමයි ඒ ලැබුණු අවස්ථාවන් තෝරා බේරාගෙන කටයුතු කරන්නට සූදානම්් වෙන්නේ.
මේ සිනමා පටය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගිතා සම්බන්ධතාවයක නිෂ්පාදනයක් නේද?
මේ නිර්මාණය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතා සම්බන්ධතාවයක් තමයි. ඉන්දියානු නළු නිළියන් සහ ශ්‍රී ලාංකික නළු නිළියන් එක්ව රංගනයේ යෙදුණු සිනමා පටයක් ලෙස මෙය හඳුන්වන්නටත් පුළුවන්. මේ සිනමාපටය පවුලේ සිනමාපටයක් ලෙසයි තිරගත වන්නේ. මෙයට දායක වුණු සියලූම රංගන ශිල්පින් හරිම එකමුතුවෙන් වැඩ කටයුතු නිමකරා අවසානය වනන තෙක්. චන්න පෙරේරා මට පුදුම සහයෝගයක් දුන්නා මගේ චරිතය වෙනුවෙන්.ලාංකික සිනමාවට නවක රංගන ශිල්පිනියක් ලෙස ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය මම අගය කරනවා. මම දකින විදිහට නවකයෙක් ක්ෂේත්රයට එනවා නම් ඔවුන්ගෙන් උපදෙස් අනිවාරයෙන්ම ලබාගෙන යුතුයි. ඒ සියලු දෙනා තමයි අපේ ගුරුවරු හැටියට මම නම් දකින්නේ. මේ නිර්මාණය අන්තර්ජාතික සිනමා පටයක් නිසා මේ අවස්ථාව මට ලබා දුන්නට මම ලාල් වීරසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා.
අපර්ණා මොන වගේ චරිතයක්ද?
ජීවිතයේ ගොඩාක් හැලහැප්පීම්වලට ලක්වන චරිත තමයි අම්මලාගේ චරිත කියන්නේ. අපර්ණා කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. තරුණ මවකගේ චරිතයක් මෙහි නිරූපණය කිරීමට ලැබීමත් මේ අවධියේ මම ලබපු ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. දුක සතුට කඳුළ මේ චරිතය පුරාම විහිදෙනවා. මේ චරිතය අභියෝගාත්මක චරිතයක්. මම මේ චරිතයට හරියට ඇලුම් කළා. චරිතය සමහරක් තැන්වල කඳුළු වැගිරෙනවා. හරිම ඡ්ථධබඪධදචත. මම ඉගෙන ගෙන තිබෙන විදිහට චරිතය ඡ්ථධබඪධදචත ගතිය පෙන්නුම් කරන්න ලැබෙනවා කියන්නේත් හරිම ජයග්‍රාහී මාවතකට පිවිසුණා කියන එකයි. ආදරය දයාව පිරුණු චරිත වලට වැඩිය මේවාගේ චරිත වලට මම හරිම ප්‍රිය කරනවා. මේ චරිතයේ අඬන අවස්ථාවල කිසිදු තැනක ග්ලැසරින් පාවිච්චි කරේ නෑ, මම ස්වාභාවිකවමයි ඇඬුවේ. මම ඒ චරිතයට හරිම ආශා කළා. ඒ හැම මොහොතක් ම මට ජ්ඥඥත වුණා. සිනමා පටය තිරයේ රූපාවලිය දිස්වන විට හරිම සතුටක් දැනුණේ. ඒත් ප්‍රේක්ෂකයා ඒ චරිතය කොහොම වැලඳ ගනීද කියන්න මම දන්නේ නැහැ.
අම්මා කෙනෙකුගේ අත්දැකීම් චරිතයට ලබා ගත්තේ කොහොමද?
මම විවාහක තරුණියක්, අම්ම කෙනෙක්වත් නොවන නිසා අභියෝගයත්මක චරිතයක් බව. අබෝධ කරගත්තා. තරුණියක් නිසා ඒ චරිතයට පිවිසෙන්නට කොහොමද කියන ප්රශ්නය තුළ ගොඩක් පොත පත මෙන්ම වෙනත් නිර්මාණවල ආභාසයන් මේ සඳහා ලබා ගත්තා.ඒ තුළින් මට චරිතයට පිවිසෙන්නට මඟ හදාගත්තා. මේ සඳහා විශේෂයෙන් මගේ අම්මාව මම අධ්‍යයනය කළා. රංගන ශිල්පිනියක් කියන්නේ චැලෙන්ජ් භාර ගන්න පුළුවන් වෙන්න ඕනෑ. එකම චරිතය තුළ ජීවත් වෙන්න හැමදාම හිතන්න හොඳ නෑ රංගන ශිල්පිනියක් ලෙස. ඒ නිසා මම විවිධ චරිත භාර ගන්න කැමතියි. ඒ ලැබුණු චරිතයට මම ප්‍රේක්ෂකයා වෙනුවෙන් සාධාරණයක් කරලා ඇති කියල මම හිතනවා.
දකුණු ඉන්දියාව තුළ රූපගත කිරීම් කළ චිත්‍රපට මේ වන විට තිරගත වී අවසන්ද?
තවම එම සිනමාපට එකක්වත් තිරගතවීමට නියමිත නැහැ. ඒවා සියල්ලම පසු නිෂ්පාදන කටයුතුවලයි දැන් පවතින්නේ.සිනමාපට අටසීයක් නවසීයක් වසරකට හැදෙන රටක හරිම කාර්යය බහුලයි ඒ රටවල් වල ඉබභඤඪධ. ඒ නිසා පුදුම තරගකාරීත්වයක් සිනමාපටයක් අවසන් කරලා පසු නිෂ්පාදන කටයුතු අවසන් කරනවා කියන්නේ. ශ්‍රී ලංකාව වගේ නෙවෙයි වෘත්තීය කර්මාන්තයක් නිසා ඒ රටවල හරිම කාර්යබහුලව එනවා. පොර කාගෙන යන යුගයක් නොවන නිසා නියමිත කාලයට ඒ සිනමාපට තිරගත වෙනවා. එතකම් බලාගෙන ඉන්න තමයි අපිටත් තියෙන්නේ.
මේ වන විට මෝස්තර නිරූපණයට ඉඩ දීලා නේද තියෙන්නේ?
ඔබ හරි. මේ වනවිට මගේ අරමුණ කරා මා ළඟා වෙමින් සිටින්නේ. මගේ එකම අරමුණ තමයි රංගනය. මෙවන විට එයට යොමු වෙලා සිටින්නේ. දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක්ම මේ වන විට ඔවුන්ගේ නිර්මාණවලට කතා කරලයි තිබෙන්නේ.මගේ වෘත්තියත් එක්ක මන් දිගටම බැඳීලායිටියේ. නමුත් මගේ ටචඵඩඪධද එක තමයි රංගනය කියන එක. මගේ වෘත්තයත් එක්ක මම ජීවිතය හදා ගත්තා. තනියම උණත් ජීවිතේ ගෙනයන්න මම ආර්ථික අතින් ශක්තිමත්. රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයා මාව වැලඳ ගත්තොත් වෘත්තියෙන් මම සදහටම අයින් වෙන්න තීරණය කරනවා. එතෙක් ආපු ගමන මම මේ විදිහටම ගෙනියනවා.
මේ ගමනේ පෙර ගමන්කරුවා ඔබේ පවුල නේද?
මේ ගමනට මට පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා මගේ අම්මාව පිටුපස සිට ගෙනයන ශක්තිමත් ගමනක් මට අද තිබෙන්නේ. ඇය ඒ ගමනට ආශිර්වාදයක් නොවුනා නම් මට අද මෙතනට එන්න නොලැබෙනවා කියලා මම හිතනවා. ඒ වගේම මගේ පවුලේ අනිත් සියලු දෙනාත් මට ලබා දෙන්නේ හොඳ සහයෝගයක්. වසර ගණනාවකට පසු රූපගත කිරීම් කරලා මේ නිර්මාණය එළිදුටු දා දැක්ක සිහිනය මට කවදාකවත් අමතක කරන්න බැහැ. ඒ මගේ අම්මාගේ සිහිනය දුටුව නිසයි.
නිළියක් නොවුණා නම් කවුරු වෙන්නද හීන මැව්වේ?
මම අද ඉන්න ස්ථාවරයේම තමයි මම ඉන්න දැඟලුවේ. ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්නයි මම පොඩි කාලෙ ඉඳන් ආශාවෙන් හිටියේ. ඒ ආසාව නැතිවෙලා නෑ කවදාවත්. ඉදිරියේදී ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහසකින් මම ජීවත් වෙනවා.මගේ ඩ්‍රීම් එකින් එකට වෙනස්ය.
සැබෑ ජීවිතයේ ඔබ මොන වගේ කෙනෙක්ද?
මගේ ජීවිතේ මම වැඩිපුර කතාබහ කරන් නැති කෙනෙක්. සිංහල මට හොඳට තේරෙනවා ඒත් මම සිංහල වැඩිපුර කතා කරන කෙනෙක් නෙවෙයි. මම අම්ම සමඟ කතා කරන්නේ ජපන් හා ඉංග්‍රීසි භාෂාවෙන්. රට ඉඳලා ලංකාවට ආපුවාම වැඩිපුරම මම සිංහලෙන් මගේ ආච්චිත් සමඟ තමයි කතා කළේ. මගේ ආච්චි ජපානයට සහ ඇමරිකාවට ආපුවාම මට සිංහල භාෂාව හුරුකළා.
කිසිදු කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොකර මගේ දේවල් කරගෙන නිදහසේ ජීවත් වෙන කෙනෙක් ලෙසයි මම දකින්නේ. මේවන විට මම රටවල් 25කට වගේ ගිහිල්ලා තියෙනවා. බපචමඥත කරන්න මම හරිම කැමති. භාෂා කිහිපයක්ම මට කතා කරන්න පුළුවන්. සරල දිවි පැවැත්ම තමයි ජීවිතයේ හැමදාමත්ම වගේ ජිවත් කරන්න පුළුවන් දේ කියලයි මම දකින්නේ. නිදහස ලැබෙන සෑම විටකම නිරූපණය සහ පොත් පත් කියවීමටත්, විවිධ සිනමාපට නරඹන්නටත් මම ඇලුම් කරනවා. යම් වෘත්තියක නියැළෙනවා නම් එයට සරිලන දැනුම ලබා ගත යුතු වෙනවා. එනිසා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම මගේ එක් අංගයක් බවට පත්වෙනවා. හැමදාම මගේ ජීවිතය ළඟින්ම සිටින්නේ මගේ අම්මා තාත්තා සහ මල්ලී ආච්චිලා වැනි පවුලේ සියලු දෙනා ඔවුන් සමග ඇලී ගැලී ජීවත් වීම මගේ එකම අරමුණකුත් වෙනවා.
රැයක් හෝ පැයක් නිසා තරුණයන්ගෙන් ලැබෙන ආකර්ෂණය වැඩියිද දැන්?
සිනමා පටය නිසා හැමෝගෙන්ම මේ වනවිට මට හැමෝගෙන්ම ආකර්ෂණය ආදරය සහ අවධානය ලැබෙනවා. පළමු සිනමා පටයෙන්ම මා වෙත ආකර්ෂණය සහ අවධානය ලැබීම වාසනාවක් ලෙසයි මම විශ්වාස කරන්නේ.එය ජීසස් විසින් මා වෙත ළඟා කර දුන්නු දෙයක් ලෙසත් මා විශ්වාස කරනවා. මේ ගමනේදී නොයෙක් බාධක කම්කටුලු එන්න පටන් ගත්තා.ඒත් ඒ සියලු දේ මගේ විශ්වාසය තුළ මට ලැබුණා.අපි අදහන ආගම දහම අපිව ආරක්ෂා කරනවා කියලා හැම විටම හිතනවා.
ආදරය ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
මේ ලෝකයේ ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ. ඉපදුණු දිනය පටන් මැරෙන දවස දක්වා අපි සියලු දෙනාම හොයන්නේ ආදරයයි.ජීවිතයේ වටිනාම දෙයක් විදියට මම ආදරේ විශ්වාස කරනවා.
ඔබ මේ වනවිට ආදරේ විඳීනවාද?
ජීවිත කාලය පුරාවටම අපි ආදරය විඳීනවා. සියලු දෙනාම ආදරය ලබනවා. ඒක කිසි දිනක වෙනසක් නැහැ. ආදරේදී මම බලාපොරොත්තු වෙන්නේ නිදහස සහ විශ්වාසයය කියන පාරිශුද්ධභාවය පමණයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවා වගේද?
මම විදේශීය රටක හැදුණු ගැහැනු ළමයෙක් හැටියට. මගේ රූප ස්වභාවය තරමක් වෙනස්.ඒ නිසා මට නිර්මාණවේදීන්ගෙන් ලැබෙන ආරාධනා වැඩියි. එය මම හොඳ ලක්ෂණයක් ලෙස දකිනවා.ඉදිරියේදී හොඳ නිර්මාණ කිහිපයකට දායක වෙන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. මට ලැබිලා තියෙන රූපයට පුංචි කාලේ ඉඳන් මම ගොඩක් කැමතියි. ඒ නිසා මම රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට යනව දකින්න ගොඩක් දෙනෙක් කැමති වුණා. අන්තර්ජාතික මට්ටමේ ලාංකික නාමය රඳා පවතින නිළියක් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව ලෙස මම දකින්නේ.

සටහන සහ සේයාරූ
නිශ්ශංක විජේරත්න
