කවියට පෙම් බඳීන ඇය කවියට වගේම ලේඛන කලාවට අනූපමේය මෙහෙවරක් කරන කිවිඳීයකි. ‘කවියට පෙම්බැන්දෙමි’ මැයෙන් ඇය කුළුඳුල් කවි පොත එළිදැක්වීමත් සමඟම තවත් පොත් රාශියක් එළිදැක්වීමට නියමිතව ඇත. වෘත්තියෙන් ගුරුවරියක් හැටියටත් කවියෙන් කලාවෙන් සමාජයට සේවය කරන බී. ජී .කල්‍යාණී ගමගේ සමග කළ පිළිසඳරක් ඇසුරෙනුයි මේ සටහන.
ඔබ නිර්මාණාත්මක ලේඛන කලාවට අවතීර්ණ වීම ට කොහොමද මඟහැදුනේ ?
සරසවි දිවියේදී විවිධ වස්තු විෂයන් ඇසුරෙන් නිසඳැස් ආකාරයේ කවි ලියා තැබුව ද ඒවා කෘතියක් ලෙස පළ කිරීම පිළිබඳව කිසිදු හැඟීමක් තිබුණෙ නැහැ. නේවාසිකාගාරයේදී එලෙස ලීව ද මගේ ළඟම යෙහෙළියන්වත් මේ පිළිබඳ දැනුම්වත් නැහැ නිවසින් ඈත නුහුරු නුපුරුදු පරිසරයකට ගුලි ගැහුණු විටෙක අධ්‍යාපන කටයුතු නිමාවී නේවාසිකාගාරයේ රාත්‍රී නින්දට යන විට තට්ටු ඇඳේ උඩම ඉඳගෙන කවි කිහිපයක් ලිව්වා, පසු කලෙකදී සුනාමි ව්‍යසනය, සේනා දළඹු ව්‍යසනය, සහරාන් ත්‍රස්ත ප්‍රහාරය, ආදී ගැටලු හමුවේ ලද විවේකයේදී ඉඳහිට කවි එක දෙක ලියා තැබුවා නිර්මාණකරණයේ මුල්ම ඇරඹුම මේ යැයි මට හැඟෙනවා.
ඔබගේ පළමු නිර්මාණය එළි දක්වන දවස ඔබේ ඉදිරි ගමන් මග කොහොමද තීරණය කළේ?
ගුරුවරියක ලෙස පත්වීම් ලැබූ පසු සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සාහිත්‍ය රසවින්දනයට වඩාත් ආශා කළා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදී දරුවන් නිර්මාණාත්මක ලේඛනය සඳහා යොමු කරන අතරතුර මා ද විවිධ තරඟ සඳහා සඳහා ඉදිරිපත්වී ජයග්‍රහණ ලැබීම තව තවත් කවි ලිවීමේ ආශාව දෙගුණ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පාසලේ 2024 ප්‍රථම වරට පවත්වනු ලැබූ”දියනෙතක උරුමය”නම් කලා උලෙළේම දරුවන් සමඟ මාද කවි පොතක් එළි දැක්වූවා එය නමින් “කවියට පෙම්බැන්දෙමි”
මංගල නිර්මාණයත් සමඟම ඔබ මෙතෙක් කරන නිර්මාණ කුමන පාඨකයන් මුල් කරගෙනද ඔබේ නිර්මාණ පෙළ ගැස්වීම සිදු කළේ ?
ලියා තැබූ නිර්මාණ පොතක් ලෙස එළිදැක්වීම ගුරු දිවියේ පාසල් වේදිකාව මත සිදුවූයේ හුදෙක් දරුවන් දිරිගැන්වීමට නමුදු එය මගේ හිතවතුන් සහ විශේෂයෙන් මුහුණු පොත හරහා මගේ මිතුරන් වෙනුවෙන් නිර්මාණය වූවක් බවට පත්වුණා. අනෙක් කරුණු “සබුද්ධි “නම් කවි සමුළුවේ සාමාජිකාවක් ලෙස කවිි කිහිපයක් සම්මානනීය වියත් ලේඛකයින් විසින් විචාරය කරන්නට වුණා. 2024 කවි සමූහයේ එකතුවකින් “අතහැරුණු කමටහන්” කෘතියේ එක් කවියකින් නිර්මාණයක් කරන්නට හැකිවුණා. ඒ සබුද්ධි පාඨකයින් වෙනුවෙන් එයත් අලුත් කවි ලිවීමට රුකුලක්. පොදුවේ මගේ කාව්‍ය නිර්මාණ ලොකු පොඩි භේදයකින් තොරව සෑම පාඨක පිරිසක්ම නියෝජනය කරමින් නිර්මාණය වූවක් මිස විශේෂ කණ්ඩායමක් නැහැ
ඔබ ගුරුතුමියක් හැටියට අනාගත පරපුරට ඔබේ නිර්මාණාත්මක දායකත්වය කොයි වගේද සිදු කරන්නේ ?
කවදත් අපිව අබිබවා අපේ ශිෂ්‍යයන් ඉහළ තලයක වැජඹීම අපේ පරම අපේක්ෂාවක්. ලේඛන කලාව කොහොම වෙතත් දුරකථනයේ සිසු අතරැදි යුගයක, නිර්මාණ කෙරෙහි දරුවන්ගේ නැඹුරුවත් අභියෝගයක්, නමුදු දරුවන් සමඟ කිනම් හෝ නිර්මාණයක් තුළින් ඔවුන් ඉදිරියට තල්ලු කිරීමට අරමුණක් තිබෙනවා පාසල තුළින් ඒ හා සමගාමීව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපේ දරුවොත් ඒ වගේ තැන්වලදි දක්ෂතා දක්වපු අවස්ථා තිබෙනවා.
මෙතෙක් ඔබ කරන ලද නිර්මාණ හා ලේඛන කලාව නිසා ඔබට ලැබුණ පාඨක ප්‍රතිචාර මොන වගේද?
කියවන අයගෙන් යහපත් ප්‍රතිචාර තිබෙනවා, මුද්‍රණය කළ පිටපත් සීමිත බැවින් විශාල පාඨක පිරිසක් මා වටා නොමැති මුත් මුහුණු පොත හරහා මා කෘතියේ බොහෝ පද්‍ය නිර්මාණයන් ලියා තබනවා, ඊටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා හැකි විටෙක සබුද්ධි කවි සමුළුවේ මාර්ගගත වැඩසටහන්වලදී සම්බන්ධ වෙමින් කවියක් දෙකක් ලියනවා
තවදුරටත් ඔබ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ඔබේ නිර්මාණ මොනවාද?
“කවියට පෙම් බැන්දෙමි අංක දෙක” යන නිර්මාණයෙන්ම නැවතත් නිර්මාණයක් කිරීමට අදහස් කරගෙන සිටින අතර, මේ දිනවල ඒ සඳහා නිර්මාණකරණයේ යෙදෙනවා නිතර දෙවේලේ ඇස ගැටෙන හමුවන දේවල් අත්දැකීම් කරගන්නවා, නිදහස් ආරෙ කවිලියන්න වැඩි කැමැත්තක් දක්වනවා
ලේඛිකාවක් හැටියට ඔබ සමාජයේ වත්මන් පරපුරට දෙන පණිවිඩය මොන වගේද?
දුරකථනය වෙනුවට පෑන තුළින් වැඩියමක් කළ හැකි යැයි මට හැඟෙනවා ලේඛන කලාවෙන් ඈත් වන දරු පරපුරක්, තාක්ෂණික උපකරණ වෙලා ගත් දරු පරපුරක්, සිටින මෙවන් යුගයක සංවේදී මානව දයාවෙන් යුක්තය හදවතක් නිර්මාණය කිරීම මහත් අභියෝගයක් වෙලා.නමුදු දරුවන් තාක්ෂණික උපකරණ මගින් හෝ නිර්මාණාත්මක ලේඛන කලාවක් බිහි කරන්නට අනාගත පරපුරටත් පොලඹවා ගන්නට අපට පුළුවන්, එවැනි අංකුර දවසක දළුලා වැඩෙන තෙක් බලා ඉමු.
ඇම්.ඒ.සී.රංජන් මඩගම්මන
