දිය සායම් සිතුවම් යනු ජීවිතය සහ සොබා දහම පිළිබඳ නෙක නෙක වර්ණ පිරි පින්සල් පහරවලින් කඩදාසිය මත ඇදෙන රූප රචනාවක් වැන්න. දිය සායම් සිතුවම් චිත්‍ර ශිල්පියෙකු ලෙස සචිත් විතානගේ මොරටුව විශ්වවිද්‍යාලයයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය හදාරා ඒපබඪඵබ & ච්ඥඵඪඨදඥප ක්ෂේත්රයේ වෘත්තිකයෙකි. සචිත්ගේ නිර්මාණාත්මක පරිකල්පනය මෙහෙයවමින් විපුල දක්ෂතාවය ඔස්සේ කඩදාසිය මත දියසායමිවලින් අපුරු වූ සිතුවම් මවන්නට සමතෙකි. ඔහුගේ දියසායම් සිතුවම්වලට තේමා වන්නේ භූ දර්ශන (තචදඤඵජචනඥ) සහ ගෘහ නිර්මාණ ශිල්පය (චපජඩඪබඥජබභපඥ) මත පදනම් වූ දේවල් ය. සචිත් සමඟ දියසායම් චිත්‍ර ශිල්පය පිළිබඳ සොඳුරු කතාබහ මෙයාකාරයෙන් සිදුවුණා.
දියසායම් චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔබ නිර්මාණකරණයේ යෙදෙන්න පසුබිම සහ ආරම්භය මොකක්ද?
මම සචිත් විතානගේ. දැනට මම මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් උපාධිය සම්පූර්ණ කරලා, ඒපබඪඵබ & ච්ඥඵඪඨදඥප කෙනෙක් විදියට වැඩ කරනවා. මගේ ළමා කාලයේ පටන්ම මම කලාවට සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම මට මතක ඇති කාලෙක ඉඳලා මගේ උනන්දුව තිබුණේ චිත්‍ර කලාවට. මම මුලින්ම පටන් ගත්තේ පැස්ටල් සහ පාට පැන්සල් කියන මාධ්‍යය දෙකෙන්. ඒත් පස්සේ මට දියසායම් (ඹචබඥපජධතධප) හඳුනාගන්න ලැබුණා. ඒ වගේම මම ඒ මාධ්‍යය අධ්‍යයනය කළා. දියසායම් මාධ්‍යය එක්ක මට සමීප සම්බන්ධකමක් ගොඩනැඟුණා. කුඩා කාලයේ මුලින්ම මම දියසායම් ඇතුළු අනෙකුත් මාධ්‍යයන් ඉගෙනගත්තේ ‘පන්සිළු භවන් කලා නිකේතනය’ යටතේ.
පසිඳු සහ කව්මින්ද ගුරු දෙපළ ඉතාමත් ආදරයෙන් මතක් කරන්න ඕන. පාසැල් කාලයේදී විවිධ තරඟවලින් ජයග්‍රහණ ලබමින් දියසායම් මාධ්‍ය එක්ක වැඩ කරමින් හිටියා. ඊට පස්සේ උසස් පෙළින් පස්සේ සන්ජීව් සෙනෙවිරත්න ගුරුතුමා යටතේ දියසායම් මාධ්‍යයේ තාක්ෂණික පැත්ත තවදුරටත් පුහුණුව ලැබුවා. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ කාලයේ පටන් මේ දක්වාම දියසායම් මාධ්‍යයේ චිත්‍ර ශිල්පියෙක් වශයෙන් වැඩ කරනවා. අද වන විට දියසායම් මාධ්‍යයෙන් මගේම වූ සුවිශේෂී චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගන්නට මට හැකිවෙලා තියෙනවා. ඒ වගේම ඒ නිර්මාණ රසවිඳීන පිරිසකුත් දේශීයවත් විදේශීයවත් ඉන්නවා.
ඔබ දියසායම් මාධ්‍යයට මෙතරම් ආකර්ෂණයන් දක්වන්න විශේෂ හේතුව මොකක්ද?
මට දියසායම් කියන්නේ හුදෙක්ම චිත්‍ර මාධ්‍යයක් විතරක් නෙවෙයි. එය මගේ ජීවන රටාව හා බැඳුණු දෙයක්. දියසායම් කියන්නේ නිශ්චලව තියෙන මාධ්‍යයක් නෙවෙයි, එය විවිධ දේවල් සමඟ ප්‍රතික්‍රියා කරනවා. එහි ස්වරූපය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ නිසාම එය චිත්‍ර ශිල්පියාගේ ‘සවන් දීමක්’ දැඩිව අපේක්ෂා කරන මාධ්‍යයක්. චිත්‍ර ශිල්පියෙකුට දියසායම් මාධ්‍යයට හොඳීන් සවන් දෙන්නට හැකියාව තියෙන්න ඕන. මගේ ජීවිතයේ බොහෝ දේ ඉගැන්වූයේ ද මේ දියසායම් මාධ්‍යයයි. සරලම ස්වරූපයෙන් ඕනෑම දෙයක් ග්‍රහණය කර ගැනීමට ඉඩ දෙන මාධ්‍යයක් වීම නිසා ජීවිතයේ දේවල් දෙස ඉතාමත් සරලව බලන්නට මට එය උපකාරයක් වුණා. අනෙක් අතට, එළිමහන් සිතුවම්කරණයට (ධභබඤධධප නචඪදබඪදඨ) සහ සටහන් (ඵඬඥබජඩඥඵ) සඳහා දියසායම් කියන්නේ ඉතාම සුදුසු මාධ්‍යයක්. සංචාරයේ යෙදෙන කලාකරුවෙක් විදියට, ඉතාම කෙටි කාලයක් තුළදී එළිමහනේ බොහෝ දේ ග්‍රහණය කරගැනීමට දියසායම් මට පහසුව සලසනවා. ඒ වගේම එය චිත්‍ර අඳීන්නට අවශ්‍යවන ද්‍රව්‍ය අතින් ද ඉතාම අවමයි. තීන්ත, බ්‍රෂ් එකක් සහ වතුර ටිකක්, එපමණයි. දියසායම් මාධ්‍යයේ මම කැමතිම තවත් දෙයක් තමයි එහි සංස්කෘතියක් විදියට තිබෙන වැදගත්කම.
මාධ්‍යයක් විදියට දියසායම් ලෝකයේ විවිධ සංස්කෘතින්වලට එවාටම ආවේණික වුණු මුහුණුවරකින් පවතිනවා. බටහිර ලෝකයේ එය එක විදියක්, චීනය ඇතුළු ආසියාතික රටවල් වල එය තවත් විදියක්. ඉතින් දියසායම් මේ වෙනස්කම් සියල්ල එකට යා කරන එක සංස්කෘතියක් නිර්මාණය කරන්න සමත් මාධ්‍යයක්. ඒ නිසා දියසායම් මාධ්‍යය චිත්‍ර ශිල්පියෙක්ගේ ඇතුළාන්තය සමඟ ලොකු බැඳීමක් තියෙනවා.
ඔබ ඇඳී දියසායමි සිතුවම්වල වයනය (බඥයබභපඥ) සහ වර්ණ තානය (බධදඥ) ඔබටම ආවේණික වූවක් සහ අනෙක් මාධ්‍යයන්ට සාපේක්ෂව දියසායමි මාධ්‍ය මනා හැසිරවීමකින්, ශික්ෂණයකින් කළ යුතු දෙයක්. දියසායමි චිත්‍ර ශිල්පියකු ලෙස ඔබ මෙි පිළිබඳව දක්වන අදහස මොකක්ද?
මා කලින් සඳහන් කළා වගේම දියසායම් කියන්නේ අභියෝගාත්මක මාධ්‍යයක්. නිතර නිවැරදි කිරීම් (ජධපපඥජබඪධදඵ) සිදුකිරීමට ඇති අපහසුව නිසා මෙය වඩාත් දුෂ්කර වෙනවා. ඔබට හොඳ පින්සල් පහරක් (ඡපභඵඩ ඵබපධඬඥ) අවශ්‍ය නම්, එය පළමු උත්සාහයෙන්ම නිවැරදි කරගත යුතුයි. දියසායම් සිතුවම් බොහෝවිට අඳීන්නේ කැන්වසය මත නොව කඩදාසි මතයි. ඔබ කඩදාසියට තීන්ත යෙදූ විගස, කඩදාසිය එය උරාගන්නවා. ඒ නිසා එය නිවැරදි කිරීමට අවස්ථා අඩුයි. එම නිසා, දියසායම් ක්‍රියාකරන ආකාරය තේරුම් ගැනීමට දැඩි පුහුණුවක් සහ විනයක් අවශ්‍ය වෙනවා. විවිධ ස්ථානවලදී දියසායම් වෙනස් විදියට ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයක් ලෙස යාපනයේදී චිත්‍ර ඇඳීම නුවරඑළියේදී චිත්‍ර ඇඳීමට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසා දියසායම් භාවිතයේදී සලකා බැලිය යුතු කරුණු බොහොමයි. වර්ණ තානය සහ වයනය මගේ සිතුවම්වලදී මම සන්සුන් බවක් (ඵඥපඥදඪබර) සහ ප්‍රීතියක් (ණධර) ජනනය කරන වර්ණ තාන (බධදඥඵ) භාවිත කරනවා. විවිධ වර්ණ මිශ්‍ර කිරීමෙන් හා තීන්ත ස්ථර (තචරඥපඵ) වශයෙන් යෙදීමෙන් තමයි මම අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගන්නේ. මම සිතුවමට ගෙන එන්නට අපේක්ෂා කරන හැඟීම (ඪථනපඥඵඵඪධද) අනුව වර්ණ තානය තෝරාගෙන, විවිධ පින්සල් පහරවල් යොදාගනිමින් විවිධ වයනීය (බඥයබභපචත) බලපෑම් ඇති කරනවා.
ඇතැම් විට එක් විශාල පින්සල් පහරක් ප්‍රමාණවත් වන අතර, තවත් විටෙක ස්ථර ගණනාවකින් විස්තර (ඤඥබචඪතඵ) එක් කිරීමට සිදුවෙනවා. මම චීන කැලිග්‍රැෆි (ඛ්ඩඪදඥඵඥ ජචතතඪඨපචනඩර) ශෛලියට කැමතියි. ඒ නිසාම, මගේ පින්සල් පහරවල් එම ශෛලියේ ආකාරයට මම භාවිතා කරනවා. එය හරියට මගේ අත් අකුරින්ම ලස්සන කවියක් ලියනවා වගේ දෙයක්. මම හිතන්නේ මගේ සිතුවම්වලට අනන්‍යතාවක් ලැබෙන්නේ එතැනින් කියලා. මම ‘ශෛලිය’ (ඵබරතඥ) කියන වචනය දැඩි ලෙස විශ්වාස කරන්නේ නැහැ. මට නම් ශෛලිය කියන්නේ, සිතුවම තුළින් මට මාවම හමුවීමයි. එය හදිසියේම බාහිරින් ඇති කළ හැකි දෙයක් නෙවෙයි. දියසායම් සමඟ මා සිතුවම් කරන ක්‍රියාවලිය එයයි.
ඔබ ඇඳී බොහෝ දියසායමි සිතුවම් සඳහා තේමා වන්නේ භූ දර්ශන. මෙහි විශේෂත්වය මොකක්ද?
ඔව්, මගේ බොහෝ සිතුවම්වලට තේමා වන්නේ භූ දර්ශන (තචදඤඵජචනඥ) සහ ගෘහ නිර්මාණ ශිල්පය (චපජඩඪබඥජබභපඥ) මත පදනම් වූ දේවල්. සිතුවම්කරණය සඳහා තෝරාගන්නා විෂය වස්තුව (ඵභඡණඥජබ ථචබබඥප) කියන්නේ සෑම කලාකරුවෙකුටම ආවේණික වූ දෙයක්. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පසුබිමක් ඇති කෙනෙක් විදියට මම ගොඩනැගිලි ඇඳීමට ඉතාම කැමතියි. ඒ වගේම මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසරය සහ එය භූ දර්ශනය තුළ පිහිටා ඇති ආකාරය ග්‍රහණය කරගන්න මම උනන්දු වෙනවා. ගොඩනැගිලිවල විස්තර සහ ආලෝකය ඉතාමත් සරල ආකාරයෙන් සිතුවමට නැඟීමට මට විශේෂ උනන්දුවක් තියෙනවා. අනෙක් අතට භූ දර්ශන සහ ගෘහ නිර්මාණ ශිල්පය මට කලින් නොදැන සිටි යමක් දැනගන්න අවස්ථාවක් ලබා දෙනවා. බොහෝ විට, මම යමක් පින්තාරු කිරීමට පෙර, එම ස්ථානය පිටුපස ඇති කතාව සහ එහි වැදගත්කම තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ඉන්පසු මම එය සිතුවමට ගෙන ඒමට උත්සාහ කරනවා. එය සිතුවම තුළ ආඛ්‍යානයක් (දචපපචබඪමඥ) නිර්මාණය කරනවා. මම හිතනවා කලාකරුවෙකු ලෙස අප කළ යුත්තේ කතාවක් කීම බව. ඒ නිසා මම ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ පවසන්නට යමක් ඇති භූ දර්ශන කෙරෙහි. ඉන්පසු මම චිත්‍ර සංරචනය (ජධථනධඵඪබඪධද), වයනයන් (බඥයබභපඥ) සහ වර්ණ තානයන් (බධදඥඵ) භාවිතා කරමින් එම කතාව ආඛ්‍යානය කරනවා. එමගින් සිතුවමටම කතා කරන්න ඉඩ දෙනවා. මට, භූ දර්ශනය සහ එම ස්ථානය යනු සිතුවමක් නිර්මාණය කිරීමට ඇති ප්‍රේරකයක් පමණයි. මගේ සිතුවම්වල ඔබ දකින්නේ හුදෙක්ම ස්ථානයක් නෙවෙයි එය ආඛ්‍යානයක්.
ඔබේ දියසායමි සිතුවම්කරණය සඳහා වැඩිපුරම බලපෑ චිත්‍ර ශිල්පීන් කවුද?
මගේ දියසායම් සිතුවම්කරණයට බලපෑම් කළ චිත්‍ර ශිල්පීන් අතර ඉම්ප්‍රෙෂනිස්ට් (ධ්ථනපඥඵඵඪධදඪඵබ) චිත්‍ර ශිල්පීන් හා ඒයින් ආභාසය ගත් ශිල්පීන් ප්‍රධාන තැනක් ගන්නවා. ක්ලෝඩ් මොනේ (ඛ්තචභඤඥ ර්ධදඥබ), පෝල් ගෝගෑන් (ර්ථචභත ට්චභඨභඪද), ජෝන් සිංගර් සාජන්ට් (බ්ධඩද ඉඪදඨඥප ඉචපඨඥදබ) වැනි ශිල්පීන් මට දැඩි ආභාසයක් ලබා දුන්නා. ඒ වගේම ජේ. එම්. ඩබ්ලිව්. ටර්නර් (බ්.ර්.එ. ඊභපදඥප) වැනි රොමැන්තිකවාදය (අධථචදබඪජඪඵථ) චිත්‍ර ශිල්පීන් ද මා හට බලපෑවා. මාධ්‍යයෙන් එහා ගිය ආභාසයමට, කලාකරුවන්ගේ මාධ්‍යය – එය දියසායම් වුවත්, තෙල් සායම් වුවත් – කුමක් වුවත්, සම්භාව්‍ය විශිෂ්ට කලාකරුවන්ගේ (ජතචඵඵඪජචත ථචඵබඥපඵ) නිර්මාණ දෙස බැලීම ඉතාම වැදගත්. ඔවුන් අපට ඉගෙන ගැනීමට විවිධ අවබෝධයන් (ඪදඵඪඨඩබඵ) රාශියක් ලබා දෙනවා. රොත්කෝ (අධබඩඬධ), කැන්ඩින්ස්කි (ම්චදඤඪදඵඬර) වැනි අබ්ස්ට්රැක්ට් (ඒඡඵබපචජබ) චිත්‍ර ශිල්පීන් පවා විවිධ ආකාරවලින් අද්විතීය ආඛ්‍යාන නිර්මාණය කළ ආකාරය තේරුම් ගැනීම මට ආභාසයක් වුණා. මම හිතනවා, ඕනෑම විශිෂ්ට කලාකරුවෙකුගෙන්, ඔවුන්ගේ මාධ්‍යය කුමක් වුවත්, කුඩා දෙයක් හෝ ඉගෙන ගැනීමට ඔබට හැකි බව.
දියසායමි චිත්‍ර ශිල්පය හදාරන අයෙකුට ඔබට දෙන්න තියෙන උපදෙස් මොනවාද?
මට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි, දිගින් දිගටම වැඩ කරන්න. කිසිම විටෙක අත් නොහරින්න. දියසායම් කියන්නේ අභියෝගාත්මක මාධ්‍යයක් නිසා එය ප්‍රගුණ කිරීමට වසර ගණනක පුහුණුව සහ ඉවසීම අවශ්‍ය වෙනවා. බොහෝ අය දියසායම් චිත්‍ර ශිල්පයේ දිගු ගමනක් ආරම්භ කළත්, එය ප්‍රගුණ කිරීමට අසීරු නිසා අතරමඟදී අත්හැර දමනවා. ඒ නිසා ඔබ මෙම මාධ්‍යය සමඟ වැඩි වැඩියෙන් වැඩ කළ යුතුයි. දියසායම් මාධ්‍යය පුද්ගලයෙක් ලෙස සිතා බලන්න. එය හුදෙක්ම මාධ්‍යයක් ලෙස සලකන්න එපා. ඔබ යම් පුද්ගලයෙකුට සවන් දී, ඔහුට කළ හැකි දේ නිරීක්ෂණය කළොත්, ඔබට ඔහු සමඟ සංවාදයක (ජධදමඥපඵචබඪධද) යෙදිය හැකියි. ඒ පුද්ගලයා හැසිරෙන්නේ කෙසේදැයි ඔබ දන්නා නිසා, ඔබට ඔහු සමඟ මිතුරු වීමට හැකි වෙනවා. ඒ හා සමානව, මෙම මාධ්‍යය ක්‍රියා කරන ආකාරය නිරන්තරයෙන් අවබෝධ කරගන්න. එවිට ඔබට එය පාලනය කිරීමට හැකි වේවි.
ඒ වගේම නරක සිතුවමක් (ඡචඤ නචඪදබඪදඨ) ඇඳීමට කිසිසේත් බිය නොවන්න. සෑම ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුටම ඔවුන්ගේ “නරක සිතුවම්” එකතුවක් තියෙනවා. ඒ නිසා මෙය වැරදීම් තුළින් ඉගෙන ගන්නා ක්‍රියාවලියක් (බපඪචත චදඤ ඥපපධප නපධජඥඵඵ). ඒ වගේම ඔබට දියසායම්වල වංචා කළ නොහැකියි. ඔබ දියසායම් සිතුවමක කරන පළමු වරද අවසාන ප්‍රතිඵලයේදී ද හොඳීන්ම දර්ශනය වෙනවා. එම නිසා පුහුණු වන්න! ‘පුහුණුවෙන් පරිපූර්ණත්වය ලැබේ’ කියා කියමනක් ද තිබෙනවා. නිවැරදි සහ ගුණාත්මක ද්‍රව්‍ය භාවිතයත් ඉතා වැදගත්, විශේෂයෙන්ම කඩදාසි සහ වර්ණ හොඳ තත්ත්වයේ ද්‍රව්‍ය භාවිත කරන්න. ඔබ හොඳම දේවලින් උත්සාහ කළ විට, යම් වරදක් සිදුවුවහොත්, එය ඔබ නිසා සිදු වූවක් බව ඔබ දන්නවා. හොඳ ද්‍රව්‍ය භාවිතයෙන් වඩා දියුණු ශිල්ප ක්‍රම අත්හදා බැලීමටත් ඔබට ඉඩ ලැබෙනවා. එම නිසා, වැඩි වැඩියෙන් වැඩ කරමින් ක්‍රියාවලිය භුක්ති විඳීන්න (ඥදණධර බඩඥ නපධජඥඵඵ). මට පවා තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙනවා. අපි හැමෝම ඉන්නේ මේ ක්‍රියාවලියේ.
ඔබ සංචාරය කරමින් දියසායම් සිතුවම් අඳීන සිත්තරෙක්. ඔබට මේ යන සංචාරය කරන අතරතුර මුහුණ දුන් අමතක නොවන විශේෂ සිදුවීමි මොනවද?
මම සංචාරය කිරීමටත්, ඒ අතරතුර සටහන් (ඵඬඥබජඩඥඵ) ඇඳීමටත් ඉතාම කැමතියි. ඒ සටහන් මට ඒ මතකය සිහිපත් කරවන ස්මාරකයක් (ඵධභමඥදඪප) වගේ. කලාකරුවෙක් ලෙස, ලංකාවේ හෝ විදේශයක හෝ වේවා, සංචාරය කරන ඕනෑම අවස්ථාවක මම සිතුවම් අඳීන්න උත්සාහ කරනවා. විවිධ නගරවලට ගිහින් විවිධ භූ දර්ශනවල සටහන් එකතු කිරීමට මම කැමතියි. සටහන් ඇඳීමට මගේ ප්‍රියතම නගර වන්නේ යාපනය සහ මහනුවරයි. යාපනයේ අමතක නොවන අත්දැකීමමම ආසම කරන ලස්සනම දේ තමයි මම සිතුවම් අඳීද්දී මිනිසුන් මා වටා එක්රැස් වෙන හැටි. ඒ මොහොතේදී ඔවුන් මගේ සිතුවම තුළින් ඔවුන්ගේ නගරය වෙනස් ආකාරයකින් දකිනවා.
මට මතකයි, මම යාළුවන් සමඟ යාපනයේ සංචාරයක ගිය වෙලාවක, අපි ගමන් කළේ වොක්ස්වැගන් බීටල් (එධතමඬඵමචඨඥද ඕඥඥබතඥ) වර්ගයේ කාර් එකකින්. අපට කයීට්ස් (ම්චරබඵ) දූපත ට යන්න ඕන වුණා. අපි කාර් එකත් සමඟම පාරුවට නැඟලා මුහුද මැදින් ගමන් කළා. විනාඩි 10ක පමණ ඒ ගමන අතරතුර මම පාරුවේ තියෙන කාර් එක චිත්‍රයට නැගුවා. පාරුව තදින් පැද්දුණ නිසා එය පහසු වුණේ නැහැ. නමුත් ඒ කෙටි කාලය තුළ අභියෝගාත්මකව සටහනක් ඇඳීම විනෝදජනක වුණා. ඒ වගේම යාපනයේ මිනිස්සු මා කරන දේ බලන්න ඉතාම උනන්දුවෙන් මා වටා එකතු වුණා.
ඒ මොහොතේදී අපේ භාෂා බාධකයන්ට එහා ගිය වෙනස් විදියක සම්බන්ධතාවක් අප අතර ඇති වුණා. ඒක මට කවදාවත් අමතක නොවෙන සිදුවීමක්. සංචාරය කරන අතරතුර මේ ස්ථාන සටහන් කිරීමේ ඇති තවත් වැදගත්කමක් වන්නේ, එය ඉතිහාසය වාර්තාකිරීමේ (ඤධජභථඥදබඪදඨ ඩඪඵබධපර) ක්‍රමයක් වීමයි. මම ‘7 ඤචරඵ ඪද ණචටටදච’ නමින් සටහන් එකතුවක් කළා. එහිදී එතරම් ප්‍රසිද්ධ නැති සමහර ස්ථාන පවා පින්තාරු කළා. සමාජ මාධ්‍ය ඔස්සේ එම සිතුවම් දුටු අනෙක් අයගේ අවධානය එම ස්ථාන කෙරෙහි යොමු කරන්නට මගේ සටහන්වලට හැකි වුණා. කලාකරුවෙක් ලෙස මම වඩාත්ම සතුටු වෙන දේ මේවායි. මම දිගින් දිගටම මේ දේ කරන්න උත්සාහ කරනවා.
මලින්ත විතානගේ
