සුදත් රෝහණ යනු මෙරට ශ්‍රව්‍ය- දෘශ්‍ය මාධ්‍ය කලාවේ අපූරු නිමැවුම් කරුවෙකි. මෙරට සුප්‍රකට සාහිත්‍ය කෘති ඔහුගේ රූපයෙන් හැඩ වී ටෙලි නාට්‍ය කලාව තුළත් සිනමාවේ රැඟුම් මෙරට ප්‍රේක්ෂකයන්ට කිසිසේත්ම අමතක විය නොහැකිය. අප අවසන් වරට ඔහුගේ නිර්මාණයක් නැරඔුවේ මින් වසර තුනකට පමණ ඉහතදීය. ඒ ‘මාණික්කාවත’ සාහිත්‍ය කෘතිය ඇසුරින් ඔහු නිර්මාණය කළ “මාණික්කාවත” ටෙලි නාට්‍යයය.
මෙම වසරේ පැවති රාජ්‍ය සහිත්‍ය සම්මාන උළෙලේදී සුදත් රෝහණයන් විසින් රචනා කරන ලද තිර රචනා ග්රන්ථ කිහිපයක් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවිය. ඒ ඔහු පසුගිය වසරේ ප්‍රකාශය පත්කළ මින් වසර 30 ට ඉහතදී ඔහු විසින් නිර්මාණය කරන ලද විකුම්සිහ කතන්දර ටෙලි නාට්‍යයන්හි තිර රචනා ග්රන්ථ සඳහාය. මේ ඒ පිළිබඳ සහ ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳ කරන ලද කතා බහකි.
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වුණ ඔබේ කෘති පිළිබඳ කතා කළොත්?
මීට වසර 30ට විතර පෙර, එනම් 1992 වසරේ ‘මාර්ටින් වික්‍රමසිංහ ශුරින්ගේ‘ විකුම්සිංහ කතන්දර නමින් මව, මුදියන්සේ මාමා, උපාසක අම්මා, සිසිලියාට පාඩමක් කියන කෙටිකතා හතර ඇසුරින් කාණ්ඩ 16 න් යුත් ටෙලි නාට්‍ය මාලාවක් මම නිර්මාණය කළා. ඉතින් වසර 30ක් ගතවෙලා එදා සහ අද කියන කාල පරාසය ඇතුළත රූපවාහිනි මාධ්‍යය ක්ෂණික ලෙස වර්ධනයක් අත්පත්කරගෙන හිටියත් නිර්මාණාත්මක අදහස් අතින් යම් කිසි පසුගාමී තත්වයක් පෙන්නුම් කරන බව තමයි බොහෝ වෙලාවට මට දැනෙන්නේ. අවර ගණයේ නිර්මාණ හතු පිපෙන්නාක් වගේ බිහි වෙනවා. එය සමාජ ව්‍යසනයක් දක්වාම මෝරා යමින් පැවතීම කනගාටුවට කරුණක්. ඒ වගේ වටපිටාවක් පවතින මේවගේ තත්වයක් තුළ මෙම තිර රචනය මුද්‍රණයෙන් නිකුත් කිරීමෙන් මම බලාපොරොත්තු වුණේ සහ. මම විශ්වාසය පළ කරන්නේ මේ ක්ෂේත්රයට පිවිසෙන අංකුර නිර්මාණකරුවන්ට වගේම ක්ෂේත්රයේ නියුතු ශිල්පීන්ටත් යම් කිසි දැනුම් සම්භාරයක් යම් පමණකට හෝ ලබාදීමට. ඔවුන් යම් කිසි තැනකට ඔසවා තැබීමට. ඒ නිසා මම හිතනවා මේ ග්රන්ථ තුළ සුවිශේෂිත්වයක් තිබෙනව කියලා. මේ පොත් මාලාව තුළ තිබෙනවා අදාළ වික්‍රමසිංහයන්ගේ කෙටි කතාව. ඉන්පසුව තිර රචනය තිබෙනවා. ඉන් පසුව තිබෙනවා ඒ නිර්මාණය සඳහා වන Qඅ කේතය. ඒක ලංකාවේ පළවෙනි වතාවට ග්‍රන්ථයකට ඇතුළත් කළේ. ඒ Qඅ කේතය ඉජචද කළ විට ටෙලි නාට්‍යය නැරඹිය හැකියි. ලෝකයේ පොත් අතර එවැනි කේත භාවිතා කර කාටුන් වැනි වැඩසටහන් නැරඹිය හැකි වුවත්, සිනමා හෝ රූපවාහිනි නිර්මාණයක් නැරඹීය හැකි විදියක් මේ වනතුරු මම හිතන්නේ ඇවිත් නෑ. ඒ නිසා මේක නවමු අත්දැකීමක් ලාංකේය පාඨකයන්ට. කෙටි කතාව තිර රචනයක් බවට පත්වෙත්දි කොහොමද වෙනස් වුණේ කියලත් මෙහි අඩංගුයි. ඒක හොඳ අත්දැකීමක්. ඇත්තටම මේිකට අඩංගු වෙන්නේ මාන 4ක් තිබෙන කෙටි කතා 4ක්; වික්‍රමසිංහයන් වැනි සාහිත්‍යකරුවකුගේ නිර්මාණයක් ආවට ගියාට කරන්න බෑ. ඒ නිසා ඒ පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරමින් තමයි. මේක කළේ. කෙටි කතාව සහ තිර නාටකය කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. ඒක කොහොමද රූප මාලාවක් බවට පත්වුණේ කියන කාරණාව තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේක මේ විෂය පිළිබඳ ඉගෙනුමක් ලබන කෙනෙකුට හොඳ අවස්ථාවක් කියලයි මම හිතන්නේ.
ඔබට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය. මොකද හිතෙන්නේ ?
ඇත්තටම සතුටයි. නිර්මාණ කෘතියක් සමාජගත කීරීම පමණක් නෙවෙයි. ඒ හරහා ලැබෙන සතුටත් විශේෂයි. මම නිර්මාණ කෘතියක් කරන්නේ ඒ හරහා යම් සමාජ ගනුදෙනුවක් කරන්න. යහපත් ගනුදෙනුවක් කරන්න. හැබැයි ඒක අතික්‍රමණය කරමින් කෙටි කතාවක්. තිර රචනයක් බවට පත්වෙලා ටෙලි නාට්‍යයක් බවට පත්විමේදී එය හදාරන අයට සුවිශාල සේවයක් වෙනවා. මගේ අනිත් නිර්මාණ හරහා ප්‍රේක්ෂක රසික සහෘද ප්‍රජාව තමයි දැනුම්වත් වුණේ. නමුත් මේ ඉගෙන ගන්න අයට. ඉගෙන ගන්න උනන්දුවක් දක්වන අයට මේක පිළිබඳ ලොකු පිබිදීමක් තියනවා. ලොකු අධ්‍යයනයන් රාශියක් ගැබ්වෙලා තිබෙනවා. ඉතින් මම හිතනවා මේ හරහා සමාජයට යහපත් දෙයක් මට තිළිණ කරන්න පුළුවන් වුණා කියලා.
ඔබේ නිර්මාණ ජීවිතේ දිහා බලනකොට සාහිත්‍ය ඇසුර සමඟ ඔබට තිබෙන්නේ බොහොම සමීප සබඳතාවයක් කොහොමද ඒක ඇතිවෙන්නේ?
ඒක මම හිතන්නේ යම් කිසි දෛවවාදී හැඟීමක් සහ බැඳීමක් කියලයි. මම මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ රොඩ්නි ජොන්ක්ලාස් ගේ ‘වාලම්පුරි’ කියන සාහිත්‍ය කෘතිය ඇසුරින් බර්මින් ලයිලි ප්‍රනාන්දු නිර්මාණය කළ, ‘වාලම්පුරි’ චිත්‍රපටයේ රංගනයට සම්බන්ධ වෙමින්. ඒක මගේ මුල්ම සිනමා සම්ප්‍රාප්තිය. ඒකත් සිදුවෙන්නේ සාහිත්‍ය කෘතියක් ඇසුරින්. මම නිර්මාණකරුවෙක් විදියට කලාවට සම්බන්ධව වෙන්නේ ‘විරාගය’ චිත්‍රපටයෙන්. ආචාර්ය තිස්ස අබේසේකරයන් මගේ ගුරු පියාණන්. ඒකත් මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ විශිෂ්ටතම නව කතාවක්. මම වෘත්තිය නිර්මාණකරුවෙක් බවට පත්වෙන්නේ විරාගය හරහා. විරාගය කියන්නේ මට විශ්වකෝෂයක්. මම සිනමාව හදාරන්න, කියවන්න යහපත් රසවින්දනයක් ඇති පුද්ගලයෙකු බවට පත්වෙන්න. නිර්මාණයක් දිහා බලන්නේ කොහොමද කියන එක පිළිබඳ ඉගෙනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ විරාගයෙන්. විරාගයේ මම සහාය අධ්යක්ෂවරයෙක් සහ සහාය සංස්කරණ ශිල්පියෙක් විදියට වැඩ කළා. ඒ විතරක් නෙවෙයි චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි එකම පුද්ගලයා බවට පත්වුණේත් මම. අනිත් පැත්තේන් මගේ දොරට වැඩි පළවෙනි නිර්මාණය සැකසුණෙත් සාහිත්‍ය කෘතියක් ඇසුරින්. ඒ කමල් පෙරේරා ලියු ‘අමරාවතී සහ සෝමදාස‘ කෙටි කතාව ඇසුරෙන්. එහි තිර රචනය ලියලා ඒක මම අධ්‍යක්ෂණය කළා. මගේ පළමුවෙනි ස්වාධීන නිර්මාණය වෙන්නේ ‘අමරාවතී සහ සෝමදාස කියන ඒකාංගික ටෙලි නාට්‍යය.
මගේ පළවෙනි සිනමා නිර්මාණයටත් මම යොදා ගත්තේ සාහිත්‍ය කෘතියක්. ඇන් ටී කරුණතිලකගේ ‘උළුගෙදර ආරච්චිල’ සාහිත්‍ය කෘතිය ඇසුරෙන් තිර රචනය කරලා අධ්‍යක්ෂණය කළ ‘සුදු කළුවර’ චිත්‍රපටය. ඒකට පදනම් වුණේ මුඩුබිම් පනත ආශ්රිත තේමාවක්. එහෙම ගත්තාම මගේ ආරම්භයේ සිට මේ දක්වාම මට හිතෙනවා සාහිත්‍යය සමඟ ලොකු බැඳුම්කරයක් තිබෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ වැඩිම සාහිත්‍ය කෘති ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට ගෙනා නිර්මාණකරුවා බවට පත්වෙන්නේ මම. ඒ නිසා ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී වරක් මට දුන්නා සාහිත්‍යයට වැඩිම සේවාවක් කළ නිර්මාණකරුවා හැටියට ස්වර්ණ පුස්තක විශේෂ සම්මානයකුත්.
මේ වනවිට ඔබ කෙතරම් නිර්මාණ ප්‍රමාණයක් සාහිත්‍ය කෘති ඇසුරින් නිර්මාණය කර තිබෙනවාද ?
මම ගැන සඳහන් කරන්නට කලින් මෙහි ඉතිහාසයක් ගැන අපි සලකා බැලුුවොත්, ලංකාවේ මුල්වරට නවකතාවක් පදනම් කරගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන්නේ 1956දී. ඒ.බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නයන් අධ්‍යක්ෂණය කළ කැලෑහඳ චිත්‍රපටය. ඒකට පාදක වුණේ ඩබ්ලිව්. ඒ සිල්වා රචනා කරපු”කැලෑහඳ” නවකතාව. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට කෙටි කතාවක් රූපවාහිනී මාධ්‍යයට එන්නේ ආචාර්ය තිස්ස අබේසේකර යන් අධ්‍යක්ෂණය කළ. මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ ‘ලේළි’ කෙටි කතාව. ඒ වගේම ශ්‍රි ලංකාවේ නවකතාවක් පාදක කරගනිමින් රූපවාහිනි මාධ්‍යයට නිර්මාණයක් පෙළ ගැසෙන්නේ සෝමවීර සේනානායකයන්ගේ ‘යශෝරාවය’ නවකතාව ඇසුරින් ඔහුම තිර රචනය ලියූ යශෝරාවය ටෙලි නාට්‍යය එය අධ්‍යක්ෂණය කරන්නේ පරාක්‍රම නිරිඇල්ල.
මගේ නිර්මාණ දිවියේ ඇරුඔුම බැලුවොත් මුලින්ම පෙර සඳහන් කළ පරිදි කමල් පෙරේරාගේ ‘අමරාවතී සහ සෝමදාස’ කෙටි කතාව ඇසුරින් කළ ඒකාංගික ටෙලි නාට්‍යය. 1993 දී සරත් විජේසූරියගේ ‘අවිදු අඳුර’ සාහිත්‍ය කෘතිය ඇසුරින්. අවිදු අඳුර කරනවා. 1994 දී වික්‍රමසිංහ කතන්දර කරනවා වික්‍රමසිංහයන්ගේ කෙටිකතා ඇසුරින්. නැවතත් 1994 දීම සරත් විජේසූරියගේ ‘නිරානන්දය’ නවකතාව ඇසුරින් ‘නිරානන්දය’ ටෙලි නාට්‍යය කරනවා. 1995 දී පියසේන කහඳගමගේ ගේ “වන වදුලේ වසන්තය” සාහිත්‍ය කෘතිය ඇසුරින් ‘වන වදුලේ වසන්තය’ ටෙලි නාට්‍යය කරනවා. 1996 දී ජයසේන ජයකොඩි මහතාගේ ‘බැද්දේගෙදර’ නවකතාව ඇසුරින් ‘බැද්දේගෙදර’ ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා. 1997 දී ස්වර්ණලතා කිරිවත්තුඩුවගේ ‘හිරු අවරට යා නොමඳී’ නවකතාව ආශ්රයෙන් ‘ස්වර්ණතිසරාවි‘ ටෙලි නාට්‍යය කරනවා. 2001 දී මම කරනවා ජයසේන ජයකොඩි මහතාගේ ‘අඹු දරුවෝ’ නව කතාව ඇසුරින් අඹු දරුවෝ නාට්‍යය. 2003 දී කරන්නේ. ‘ගඟ අද්දර’ කැලේ ‘ඒක තනිකරම නවකතාව නොවුණට සෝමවීර සේනානායක ගේ නවකතාව ඇසුරු කරගෙන කළේ. 2005 දී සරත් ධර්මසිරිගේ ‘කටු ඉඔුල’ සාහිත්‍ය කෘතිය ඇසුරින් ‘කටු ඉඔුල’ ටෙලි නාට්‍යය කරනවා. 2008 දී මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ ‘කරුවල ගෙදර’ සාහිත්‍ය කෘතිය ආශ්රයෙන් ‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා. 2010 සමරවීර විජයසිංහගේ ‘ස්වර්ණ පුස්තක’ සම්මාන දිනු ‘ස්වයංජාත’ සාහිත්‍ය කෘතිය ඇසුරින් ‘ස්වයංජාත‘ ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා. 2013 දී ශාන්ති දිසානායකගේ ‘ගිරිකුළ’ සාහිත්‍ය කෘතිය ඇසුරින් ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා. ඉන්පසු දිගු නිහැඬියාවකින් පස්සේ තමයි 2022 දී මහින්ද ප්‍රසාද් මස්ඉඔුලගේ ‘මාණික්කාවත’ ඇසුරින් ටෙලි නාට්‍යය කරන්නේ.
සාහිත්‍ය කෘතියක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට ගෙන ඒමෙන් ඔබ දකින විශේෂ කාරණව කුමක්ද?
මම දකිනවා එයින් විශිෂ්ට කාරණ දෙකක් ඉටු වෙනවා. එකක් තමයි උදාහරණයක් විදියට ගත්තොත් මගේ මාණික්කවත කියමුකො. පොතපත නොකියවන කෙනෙකුට පොත පත කියවන්න පොලඹවනවා. ප්‍රේක්ෂකයා පාඨකයෝ බවට පත්වෙනවා. සමහර පාඨකයෝ ඉන්නවා ටෙලිනාට්‍ය බලන්නෙ නෑ. පොත් පත් කියනවා. අපි හිතමු මාණික්කාවත නවකතාවට ඇලුම් කරන පුද්ගලයෙක් කියලා. ඔහු පොතේ තිබෙන දේ දකින්න ටෙලිනාට්‍ය නරඔනවා. මේ කරුණු දෙක දෙයාකාරයෙන් යහපත් විදියට සිද්ධ වෙනවා. හොඳ රසිකත්වයක් වර්ධනය කළ හැකි ආකාරයට තමයි මේ කාරණා දෙකම සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ දෙක තුළින්ම යහපත් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා කියලා. මෙය ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනවට වඩා බොහෝම සංකීර්ණ අභියෝගාත්මක, කටයුත්තක් තමයි සාහිත්‍ය කෘතියක්් ඇසුරින් නිර්මාණයක් කරන එක. ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක ගේ මනසේ ඇඳී තිබෙන චිත්ත රූපයක් කොහොමද ප්‍රේක්ෂකයන් හමුවට ගේන්නේ කියන අභියෝගය තිබෙනවා. මේක හරිම පරිස්සමින් කළ යුතු දෙයක්. පාඨකයක් මනස ඇතුලේ මැවිලා තිබෙනවා රූපයක්. ඒ රූපය විකෘති වෙන්න බෑ. ඔවුන්ට ඒක විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕන. අනිත් කාරණය නවකතාවේ කතුවරයා හෝ කතුවරිය සමාජගත කරන උක්ත කාරණාවට හානියක් වෙන්නත් බෑ. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනකොට මේ ගැටලුව නෑ.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කිවුවොත්?
පසුගිය කාලයේ වාර්තා චිත්‍රපට හා වෙළඳ දැන්විම් කිහිපයක් කළා. චිත්‍රපටයකට හෝ ටෙලිනාට්‍යයකට යොමුවීමේ වපසරියක් පසුගිය කාලයේ තිබුණේ නෑ. රුපියල් ශත කියන කාරණාවත් එක්ක පෙළ නිර්මාණයක් කීරීමට තිබෙන ඉඩ අඩුයි. නමුත් චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් කිරීමේ නොතිත් ආසාවක් මා තුළ තිබෙනවා. ඉතාම නුදුරේදී ඒක සාක්ෂාත් වේව් කියලා හිතනවා.

