තම උපන් බිමට ආදරය කරන්නන් උතුම් මිනිස් ගති ඇත්තන් ලෙස හඳුන්වා දිය හැකිය. තම ආගමට, ජාතියට, සංස්කෘතියට ආදරය කරන්නන්ද එසේමය. බොහෝ ශ්‍රී ලාංකිකයන් සත් සමුදුරෙන් එහා ජීවත් වුවත් ඔවුන් හදවතින් ජීවත් වන්නේ තම මව් රටේය. විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් එහි ජීවත් වුවත් තම මව්බිමේ වාසය කරන සහෝදර ජනතාව වෙනුවෙන් අවශ්‍ය විටකදී උදව් උපකාර කිරීමට නිතර සැදී පැහැදී සිටිති. ඔවුහු අපේ රටේ සංස්කෘතියට, කලාවට ගරු කරති. එහි වටිනාකම වැඩිපුර දැනෙන්නේ විදෙස් රටවල වෙසෙන්නන්ටය. එනිසා ඔවුන් තම රටේ කලාවන්ට සහ කලාකරුවන්ට අතහිත දීමට පෙරමුණ ගනිති.
ඉතාලියේ ජීවත් වෙමින් ලංකාවේ කලාවට, කලාකරුවන්ට අතහිත දෙන සුන්දර මිනිසෙකු සරසවියට හමුවූයේ 2025 වසරේ මුල් කාර්තුවේය. එවකට ඉතාලියේ පැවති ‘ඊචතඥදබ ධ්බචතඪරච ‘ රියැලිටි වැඩසටහන නිසාය. එහි සියලු බර පැන දරමින් ඉතා සාර්ථක ලෙස නිමා කළ ඊචතඥදබ ධ්බචතඪරච වැඩසටහන නිෂ්පාදකවරයා වූයේ ඔහුය. ඔහු ඉතාලියේ ඉඅ ඡ්මඥදබඵ හි අධිපති සුදත් රෝහණ. ඊචතඥදබ ධ්බචතඪරච ගැන සටහනක් එකළ සරසවිය පුවත්පතේ පළකිරීමේදී ඔහු ගැනද සටහනක් තබා තිබුණි. ශ්‍රී ලංකාවේ සිට විදෙස් රටකට ප්‍රසංග සඳහා වැඩිම කලාකරුවන් පිරිසක් සහභාගී කරවා ගත් සංවිධායකවරයා වන්නේද ඔහුය. සෑම වසරක් පාසාම විවිධ වූ කලා වැඩසටහන්, සංගීත ප්‍රසංග ඔහු අතින් සංවිධානය වේ. ඒ අතරින් ආදරණීය රෝහණ, ලෝරන්ස්ගේ මනමාලි, රංජන් රාමනායක සංචාරය, රිදී රැයක්, චැට් ඇන්ඩ් මියුසික්, මාලිනී ෆොන්සේකා 50 වැනි ජුබිලිය, ශිහාන් මිහිරංග, ෆැලන් ඇන්ඩ්‍රියා, ච් ර්චණධප ප්‍රසංගවල සංවිධායකවරයා වූයේද සුදත් රෝහණ මහතාය.
මෙවර ඔහු ශ්‍රී ලංකාවේ විශේෂ කලා කටයුත්තක් වෙනුවෙන් තම ධනයෙන් කොටසක් වෙන් කිරීමට අදිටන් කර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහු පසුගිය දා ලංකාවට පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට අතහිත දෙන්නටය. ජනප්‍රිය රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන සරත් දික්කුඹුර විසින් අධ්‍යක්ෂණය කළ ‘කෝලම්කාරයෝ’ වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා සුදත් රෝහණ මහතාය. පසුගිය 21 වෙනිදා සවස 6. 30 ට ‘කෝලම්කාරයෝ’ වේදිකා නාට්‍යය නවලෝක ශ්‍රවණාගාරයේදී සුබ මොහොතින් වේදිකා ගතවිය. වේදිකා නාට්‍යයක් වේදිකාව මතට ගෙන ඒමට වැයවන මුදල සුළුපටු නැත. ඉතාලියේ වෙසෙමින් සිංහල නාට්‍ය කලාවට අත දෙන්නට ඉදිරිපත් වූ මේ සොඳුරු මිනිසා ගැන කතා කළ යුතුමයි. එනිසා සුදත් රෝහණ මහතාව සුහද කතාබහට සම්බන්ධ කර ගැනීමට සරසවිය තීරණය කළේය.
මම ජීවත් වෙන්නේ ඉතාලියේ රෝම නගරයේ. එහි සිටිමින් ඉඅ ඡ්මඥදබඵ නමින් ප්‍රසංග සහ විවිධ ඉසව් සංවිධානය කරනවා. ඉතා සාර්ථක ප්‍රසංග මගේ අතින් සංවිධානය කර තිබෙනවා. ඉතාලියේ ජීවත් වුවත් මගේ මව් රටේ දෙයකට මම උදව් කරනවා. විශේෂයෙන් කලාවට. කලාවට මම හරි ආදරෙයි. මෙවර මම සම්බන්ධ වුණේ අලුත්ම විදිහේ වැඩ කටයුත්තකට. ‘කෝලම්කාරයෝ’ නාට්‍යයට නිෂ්පාදනයෙන් දායක වුණා. එහි අධ්යක්ෂවරයා වන සරත් දික්කුඹුර මගේ පැරණි මිතුරෙක්. අපි දෙදෙනා අතර ආදරණීය මිතුදමක් වගේම දැඩි විශ්වාසයක් තිබෙනවා. ඔහුගේ නිර්මාණයකට උදව්කිරීම මගේ යුතුකමක්. පළමු වරට තමයි මම වේදිකා නට්‍යයකට නිෂ්පාදනයෙන් දායක වුණේ. එය විශේෂ වේදිකා නාට්‍යයක්. ඩිජිටල් තාක්ෂණයෙන් යුත් පසුතලයක් සහිත වේදිකා නාට්‍යයක් ලෙස ‘කෝලම්කාරයෝ’ හඳුන්වන්න පුළුවන්. මෙවැනි නාට්‍යයක් ලංකාවේ නිර්මාණය වුණේ පළමු වරට. එය ලංකාවට නැවුම් අත්දැකීමක්. පසුතලය ඩිජිටල් තිරයක් මත මැවෙන නිසා විශේෂයෙන් පසුතලය නිර්මාණය කිරීම අවශ්‍ය නැහැ. ‘කෝලම්කාරයෝ’ වේදිකා නාට්‍යය කොළඹින් පිට වේදිකාගත කරන්නත් තීරණය කර තිබෙනවා. කොළඹින් පිට ප්‍රදේශවල නාට්‍යය පෙන්වද්දී තාක්ෂණික ගැටලු මතු උවහොත් එයටත් අපි පිළියම් යොදා තිබෙනවා. එයට හේතුව කොළඹින් පිට ප්‍රදේශවල ‘කෝලම්කාරයෝ’ වේදිකාගත කරද්දි ඩිජිටල් තිරය සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් නැතිවන්නට ඉඩ තිබෙන නිසා.
ලබන වසරේ ‘කෝලම්කාරයෝ’ වේදිකා නාට්‍යය යුරෝපා සංචාරයක නිරත් වෙනවා. එය සිදුවෙන්නේ ඉතාලිය කේන්ද්‍ර කරගනිමින්. එය සංවිධානය කරන්නේ මම. කෝලම්කාරයෝ විදෙස් මංගල දැක්ම ඉතාලියේ මිලාන් වලදී 2026 මාර්තු 14 වෙනිදා පවත්වන්න තීරණය කර තිබෙනවා. දැනටමත් නාට්‍ය දර්ශන වාර හයකට ඉල්ලීම් ලැබී තිබෙනවා. මෙය ලංකාවෙන් පිටත් වේදිකාගත වන ප්‍රථම ඩිජිටල් වේදිකා නාට්‍ය බවට වාර්තා ගත වෙනවා.
‘කෝලම්කාරයෝ’ වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ සියලුම ශිල්පීන් විශාල සහයෝගයක් ලබා දුන්නා එය සාර්ථක කර ගැනීමට. නාට්‍යය වේදිකා ගතවන දින අලුයම් කාලයේ තමයි මම ලංකාවට පය තිබ්බේ. ශිල්පීන් කිහිපදෙනෙක් මාව පිළිගන්න ගුවන් තොටුපොළට පැමිණ සිටියා. මම එය ඉතා අගය කරනවා. ඒ වගේම එදින උදේ නාට්‍යයේ සියලුම ශිල්පීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ‘සරස්වතී’ පූජාවක් සූදානම් කර තිබුණා. එය ඉතා වටිනා කාර්යක් ලෙසයි මා දුටුවේ.
එදිනම සවස නවලෝක ශ්‍රවණාගාරයේදී මංගල දැක්ම පැවැත්වුණා. ඒ සඳහා කලාකරුවන්, විද්වතුන් , මාධ්‍යවේදින් , මාධ්‍ය ආයතන ප්‍රධානීන්, අපේ හිතවතුන්, යහළු යෙහෙළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.එය මට සතුටට කරුණක්. ඉතාලියේ ජීවත්වන මට ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට අලුත් අත්දැකීමක් එකතු කරන්න ලැබීම ගැන පොඩි ආඩම්බරයක් තිබෙනවා. මට ඒ ආඩම්බරය ලබාදුන් ‘කෝලම්කාරයෝ’ නාට්‍ය කණ්ඩායමට මම සුබ පතනවා. ස්තූතිවන්ත වෙනවා. මේ නාට්‍ය සමාජයට පණිවිඩයක් ගෙන දෙන නිර්මාණයක්. මේ අවස්ථාවේ එහි රංගනයෙන් දායක වන ශිල්පීන් ගැන කතා නොකර බැහැ. ක්ලීටස් මෙන්ඩිස්, සරත් දික්කුඹුර, නයෝමි තක්ෂිලා, මේධා ජයරත්න, ශාලිකා එදිරිසිංහ, ඉෂාන් මෙන්ඩිස්, රුක්මන් තිලකරත්න, සුනිල් ප්‍රේමරත්න සහ නිලුපුලී ලියනගේ රංගනයෙන් දායක වුණා.
රුසියානු ජාතික නිකලොයි ගොගල්ගේ ‘ද මැරේජ්’ නාට්‍යය ඇසුරෙන් සිංහලට පරිවර්තනය වූ නාට්‍යයක් ලෙස ‘කෝලම්කාරයෝ’ හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි රචනයත් සරත් දික්කුඹුර ගෙන්මයි. අංග රචනය සහ පසුතල නිර්මාණය සිරිනාථ වික්රමසිංහත්, ආලෝකකරණයෙන් වසන්ත පෙරේරාත් සම්බන්ධ වුණා. වේදිකා නාට්‍යයට සංගීතය සැපවූයේ සංගීත විශාරද විජේසුන්දර වේරගොඩ විසින්. ගීත රචනා සඳහා මංගලී දිසානායකත්, චන්ද්‍රරත්න මාපිටිගමත් එක්වුණා. වේදිකා පරිපාලනය සිදුවුණේ සමන් චන්ද්‍රරත්න අතින්.
කෝලම්කාරයෝ ප්‍රධාන චරිතය වන පැබ්ලෝ චරිතය නිරූපණය්ස් කළේ ප්‍රවීණ රංගවේදී ක්ලීටස් මෙන්ඩිස්. ඔහුත් මගේ පැරණි මිතුරෙක්. ඔහුට මේ සඳහා ආරාධනා කළ විගස එම ආරාධනාව පිළිගත්තා. ‘කෝලම්කාරයෝ’ ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය රංගනය. ඔහු පැවසුවේ අපි මේක අනිවාර්යෙන්ම කරමු කියලා. ඔහුගෙන් ලැබුණ සහය අපමණයි. ඒ වගේම නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාත් අපට දුන් සහය අතිමහත්.
මම තව දින කිහිපයකින් නැවත ඉතාලිය බලා යනවා. නව වසර සඳහා ප්‍රසංග සහ උත්සව සංවිධානය කිරීමට කාලය අවශ්‍යයි. මේ සියලු දේ කරන්නේ මා තනිවමයි. මෙවර ලංකාවට ආවේ අලුත්ම අත්දැකීමක් ලබන්නට. ඒ රසවත් අත්දැකීම ලස්සනට සැබෑකරගන්න ලැබීම ගැන මට සතුටුයි. මා මේ අවස්ථාවේ ඉක්මනින්ම ඉතාලිය බලා යන්නේ එහේ සිදුවන කලා කටයුතු ගැනත් අවධානය යොමු කළ යුතු නිසා.
අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා වේදිකා නාට්‍ය රසවතුන්ගෙන් ‘කෝලම්කාරයෝ’ නරඹන්න කියලා.
