47
KM Film Academy මඟින් සංවිධානය කරනු ලබන කෙටි චිත්රපට උලෙළ සහ ඊට සමගාමීව දෙවන වරට පවත්වනු ලබන ගෞරව සම්මාන උලෙළ ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී, හෙට 13 වැනි දා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා ගෙන ප.ව. 03:30 ට පැවැත්වේ.
මෙයට සමගාමීව KM Film Academy හි සිසුන් විසින් අධ්යක්ෂණය කරනු ලැබූ කෙටි චිත්රපට 06 ක් එදින තිරගත කිරීමට නියමිතය.
රිචාඩ් වීරක්කොඩි, රහල් බුලත්සිංහල, ප්රසන්නජිත් අබේසූරිය, නිලන්ති විජේසිංහ, නයනා හෙට්ටිආරච්චි, දුලානි අනුරාධා යන ශිල්පීන් මෙවර ගෞරව සම්මානයට පාත්ර වනු ඇත.
