පූර්ණ හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයක් ලෙසින් “; අත්පුඩි” ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිතව ඇත. ජනප්‍රිය ව්‍යාපාරික ආයතනයක් ලෙස ප්‍රකට ටර්නින්
පොයින්ට් ආයතනයේ සභාපති සහ ඔහුගේ බිරිඳව අනපේක්ෂිත අයුරින් යම් පිරිසකගේ පැහැර ගැනීමකට ලක්වේ. එම සිදුවීමේදී ඔවුන්ගේ පුංචි දියණිය කම්පනයට පත්ව රෝගාතුරව ඔත්පළ වෙයි. ටර්නින් පොයින්ට් ආයතනයේ අනාගත හිමිකාරිය වන්නේ ද එම දියණිය නිසාම ආයතනයේ සෙසු බලධාරීන් විසින් ඇයව ආරක්ෂා කිරීමට පෙලඹේ. පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා, අයි. ඕ. තුන්පිම්ම මහතා පත්වන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ස්ත්‍රී දේහ ලක්ෂණ හා ගති පැවතුම් ඇති තුන්පිම්මගේ පුත්‍රයා වන කලර් ආයතනයේ ප්‍රබල තනතුරකට පත්කෙරේ. කලර් ආයතනයේ අවංක සේවකයින් නෙරපා හරීමින් ඔහුගේ අනුගාමිකයින් සේවයට බඳවා ගැනේ. නව සභාපති පත්වීමෙන් අනතුරුව ආයතනයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව රහස් පොලිසියේ අවධානය ඒ කෙරෙහි යොමුවේ. මේ අතර සේවයෙන් නෙරපා හරින ලද බාස්, ඒසී වැනි සේවකයන් තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම සඳහා ඔවුන්ගේ විශ්වාසනීය මිතුරන් වන රෝස් සහ ශ්‍යක්‍යයත් , ඔවුන්ගේ පෙම්වතියන් ගේත් සහාය ලබා ගනියි.මෙම කණ්ඩායමේ අරමුණු වනුයේ අතුරුදන් වූ හිටපු සභාපති හා ඔහුගේ බිරිඳ සොයාගැනීමයි. රහස් පොලිසියේ සැකය නිවැරදි වේද සහ පැහැර ගත් යුවළ හමුවේද යන්න “අත්පුඩි” තුළින් පැහැදිලි කර දෙනු ඇත.
සූරිය අමරසේකර සහ රෝස් ඇන්ජලෝ අමරසේකර පිය පුතු දෙපළගේ සම අධ්‍යක්ෂණයක් ලෙසින් “අත්පුඩි” නිර්මාණය වී ඇත. සහය අධ්‍යක්ෂවරයකු ලෙස කලා ක්ෂේත්‍රයට එක්වෙන සූරිය අමරසේකර, වේදිකා නාට්‍ය පිටපත් රචකයෙකු , ගීත රචකයෙකු , රංගන ශිල්පියෙකු හා. වේදිකා නාට්‍ය නිෂ්පාදන අධ්‍යක්ෂවරයෙකුද වෙයි. ප්‍රවීණ රංගනවේදී ටෙනිසන් කුරේ රංගනයෙන් දායක වූ , ” බඹරා වගේ ” , “ලා රෝසා”, ” මෑන් ද මෑන් “, “කැප්ටන් කූල්” සහ ” කුරුල්ලා ” ඇතුළු වේදිකා නාට්‍ය 16 පමණ පිටපත් ලියමින් අධ්‍යක්ෂණය කර වේදිකාගත කර ඇති සූරිය අමරසේකර, “ජොලි බුවා” නමින් ටෙලි නාට්‍යයක්ද නිර්මාණය කර ඇත. රෝස් ඇන්ජලෝ අමරසේකර තම පියාගේ කලා නිර්මාණ බොහොමයක් සඳහාම දායකව ඇති අතර ඔහු පදිරි ප්‍රඩක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයාද වෙයි. 2025 වසරේ පැවති කැලින් සම්මාන උලෙළේ ජනප්‍රිය සම්මානය දිනා ගැනීමට ද පදිරි ප්‍රඩක්ෂන් ආයතනය සමත්ව ඇත. පිය පුතු එකතුවෙන් පවත්වාගෙන යනු ලබන පදිරි ප්‍රඩක්ෂන් ආයතනය මගින් ඉදිරියේදී ද ප්‍රේක්ෂකයාට වින්දනීය නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී.


