Home » කවි 60ක් පැය 2කදී නිර්මාණය කරන්න මට පුළුවන්

කවි 60ක් පැය 2කදී නිර්මාණය කරන්න මට පුළුවන්

නවක ගීපද රචිකා උදේශිනී ප්‍රේමරත්න

by mavan
October 9, 2025 10:41 am 0 comment

පොලොන්නරුව , අරලගංවිල පදිංචිකාරීයක වන ඇය , කලාවේ අංශ රැසකම දස්කම් දක්වන්නීය. සිය ගම්ප්‍රදේශයේ කලායතනයක් ද පවත්වාගෙන යන ඇය එතුළින් දරුවන් ගණනාවකට සිය කලා හැකියා ඔප්නැංවීමට දිරිය දෙන්නීය.ගීපද රචනයට ද දක්ෂ ඇයට කවි 60ක් ලිවීමට ගතවනුයේ පැය 2ක් වැනි සුළු කාලයකි. නමින් උදේශිකා ප්‍රේමරත්න වන ඇය සිය නිර්මාණකරණ දිවිය ගැන කතා කළේ මෙලෙසිනි.

ඔබ තුළ සැඟවී සිටින කලාකාරිනිය හඳුනාගන්නේ කෙසේද…? පෙර පාසල් සහ පාසල් යන කාලයේ සිටම මම අනිත් අයට කලින් සින්දුවක් කියන්න කිව්වත්, නැටුමක් නටන්න කිව්වත් ඒවා කරනවා කියලා අම්මා කියනවා. ඒ දවස්වල හැමෝම කියනවලු මෙයානම් කලාකාරිනියක් වෙයි කියලා . මට හරියටම දෙයක් කරන්න පුළුවන් කියලා දැනගත්තේ පාසලේ 7 වසරේ ඉගෙනුම ලබද්දී. පුලතිසි රාවය වැඩසටහනට මම යනවා.එහිදී මම කතා කරපු විදිහ එක්ක මට ප්‍රතිචාර ලැබෙනවා දිගටම නිර්මාණ කරන්න. “ඔයාට හොඳ අදහස් තියෙනවා, ලියන්න පටන්ගන්න, පොතක් ලියන්න පුතා” කියලා. මම ඒ දවස්වල, තිබෙන සින්දුවලට වෙනත් වචන දාලා හදනවා. කොහොමහරි දවසකට එක් නිර්මාණයක් හදන්න පුරුදු වුණා. ඒ විදිහටයි මා සතුව කලා හැකියාව තිබෙන බව දැනගත්තේ.

මේ දිනවල සිදුකෙරෙන නවතම නිර්මාණ ගැන කීවොත්….?

මේ දිනවල ජාතක කතාවක් ඇසුරින් නාට්‍ය පිටපතක් ලියාගෙන යනවා.

ඔබ කලායතනයක් පවත්වාගෙන යනවා නේද…?

ඔව්, ඒක මම දරුවන් 20කගෙන් වගේ ආරම්භ කළේ . කවිබණ, විරිඳු, නාට්‍ය පිටපත් , කාව්‍යමය පිටපත් නිර්මාණය කරන්නේ කොහොමද , කථික, නිවේදන අංශ දියුණු කරන්නේ කොහොමද වැනි දෑ කිසිදු මුදල් අයකිරීමකින් තොරව මම මෙහිදී කියාදෙනවා අපට කවිබණ, නාට්‍ය වැනි දේ පන්සල්වල, පාසල්වල පවත්වන්න කියලත් ආරාධනා ලැබෙනවා .සතියේ දින 5ම කලායතනයේ පුහුණුවීම් කෙරෙනවා. අද වෙද්දි දරුවෝ 50ක් පමණ කලායතනයේ ඉගෙනුම ලබනවා. අපට අවශ්‍ය බෙර වර්ග, රබන් වර්ග වැනි භාණ්ඩ අපි කුලියට ගෙනයි කලායතනය කරගෙන යන්නේ.

කලායතනය තුළ ඉගෙනුමට එන දරුවන් සමඟ ඔබේ ගනුදෙනුව සිදුවන්නේ කොහොමද ….?

අම්මා කෙනෙක් වගේ තමයි දරුවෝත් එක්ක මම ගනුදෙනු කරන්නේ. ඒ දරුවෝ, තමන්ගේ අම්මා කියන දේට වඩා මම කියන දේ අහනවා. පුහුණුවීම් කාලසීමාව ඉක්මවා ගොස් දරුවෝ මා ළඟ රැඳෙනවා. මා ගැන ලොකු විශ්වාසයක් ඒ දරුවන්ට තිබෙනවා

ගිපද රචනා කලාව තුළ උදේශිනී ප්‍රේමරත්න භූමිකාව මොනවගේද …….?

හරියටම ගීතයක් නිර්මාණය කර එළිදක්වන්න හැකිවුණේ 2024 වසරේ. ඉස්සර ගීතයක් ලියන්න මට සතියක්, දෙකක් , මාසයක් පමණ ගතවෙනවා. දැන් මට සුළු වෙලාවකින් ගීතයකට අවශ්‍ය කරන භූමිකාව මට හැදෙනවා. ඒ පරිසරය මවාගන්නවා. ඒ ගීතය තුළ , වචන තුළ මම ජීවත්වෙනවා . කවුරුන් හෝ මට නිර්මාණයක් භාරදෙද්දී මම ඒ නිර්මාණය තුළ ජීවත්වී හොඳ නිර්මාණයක් බිහිකරනවා. මගේ නිර්මාණ ඕනෑම කෙනකුට තේරෙන පරිදි සරලභාවයකින් නිර්මාණය කරන්නේ.

ගීපද රචනයට ආභාසය ලද ආකාරය කීවොත් ….?

කවියෙන් තමයි මම ගීතයට පිවිසෙන්නේ. කවියෙනුයි ආභාසයක් ලබන්නේ. කවියත් ගීතයත් අතර ලොකු වෙනසක් තිබෙනවා. මගේ ගීතයක් රේඩියෝවෙන් ඇහෙද්දී ලස්සනයිනේ කියලා හිතලා තමයි දිගින්දිගටම ගීපද රචනාවට යොමුවුණේ .

පෙන්සිල් ආර්ට් (ර්‍ථඥදජඪත ඒපබ) කියන්නේත් ඔබේ විෂයයක්…..?

ර්‍ථඥදජඪත ඒපබ, ඹ්ඥචට ඒපබ දෙකම මම කරනවා. මුලින්ම මේකට මම පිවිසෙන්නේ මානසික ආතතිය දුරුකරගන්න. එක් නිර්මාණයකින් මිදිලා තවත් නිර්මාණයකට පිවිසීමට මනස සැහැල්ලු කරගන්න තමයි මම ර්‍ථඥදජඪත ඒපබ , ඹ්ඥචට ඒපබවලට යොමුවෙන්නේ.

උපන් දින සැමරුම්, සමරු ඵලක ආදියට වදන්, සිතුවිලි නිර්මාණයත් ඔබේ කලාදිවියේ එක් පැතිකඩක් නේද…..?

මේ නිර්මාණවලට යොමුවෙන්නේත් මට දැනුම්තේරුම් සහිත කාලයේ ඉඳන්මයි. පාසලේ 6 වසරේ ඉඳන්ම මොනවහරි වැඩකදී මේකට මොනවහරි වදනක් දෙන්න කියද්දී ඒකට හැකියාව මට තිබුණා. ඒකත් මට රුකුලක් වුණා ගීපද රචනයට, කවි නිර්මාණයට.

කවිබණ, විරිඳු කවි ලියන්නත් ඔබ දක්ෂයි..කවි 60ක් පැය 2කදි නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා නේද….?

කවි 60ක් ලියලා, ටයිප් කරලා, වොයිස් කරන්නත් ඒ පැය 2තුළ මට පුළුවන්

කවි ලියන ඔබ ගායනයට කැමැත්තක් නැද්ද……?

ගායනයටත් ලොකු කැමැත්තක් තිබෙනවා. කවර් සෝන්ස් කිහිපයකුත් මම කළා.

නිර්මාණකරණ දිවිය තුළ ක්ෂේත්‍ර කිහිපයකට දක්ෂතාව දක්වන උදේශිනී වඩාත් දක්ෂ කවර ක්ෂේත්‍රයටද…? එසේනම් එයට විශේෂ හේතුවක් වේද…..?

ඔව්, ක්ෂේත්‍ර ගණනාවකට හැකියාව තිබෙනවා . මම කරන හැමදේම බොහෝ ආසාවෙන් කරන්නේ. ඒ සියල්ලට විශේෂ දක්ෂතාවක් තිබෙනවා . වැඩිවශයෙන් කැමැති කවි බණ සහ ගීත නිර්මාණයට. හේතුව මෙහෙමයි, කවි බණ ලියන්න ගොඩක් ගැහැනු අය යොමුවෙන්නේ නැහැනේ .පිරිමි අය තමයි ඒකට යොමුවෙන්නේ. බෞද්ධයන් වශයෙන් බුදු දහම සිහිපත් කරලා කවි බණ ලියන්න හැකිවීම මා ලද භාග්‍යයක් කියා සිතනවා.

දේශකවරියක් ලෙසත් කටයුතු කරනවා නේද…..?

පාසල්, දහම් පාසල්වල දේශකවරියක් ලෙස කටයුතු කරනවා.

ජාතික රූපවාහිනිය, පුලතිසි රාවය වැනි ස්ථාන සමඟ ඔබේ ගනුදෙනුව සිදුවුණේ කොහොමද ……?

මුලින්ම මගේ හඬ අවදිකරන්නේ පුලතිසි රාවය හරහායි. ඉන්පසු ජාතික රූපවාහිනියේ ගුරුගෙදර වැඩසටහන සමඟ සම්බන්ධ වෙනවා. පුලතිසි රාවයට මගේ ඥාතියකු හරහායි සම්බන්ධ වෙන්නේ. ගුරුගෙදරට සම්බන්ධ වෙන්නේ මම මාර්තුගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දිමයි. 10 වසරේදී නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබෙනවා.

පාසල හරහායි මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. කෙටිකතා, නවකතා රචනයට යොමුවුණේ නැද්ද….?

නවකතා රචනයට තවම යොමුවෙලා නැහැ. එහෙත් මුද්‍රණය නොවූ කෙටිකතා 10ක් පමණ මේ වෙද්දි රචනා කර තිබෙනවා .

උදේශිනිගේ පන්හිඳ සහ කවි බණ කණ්ඩායම පිළිබඳ කීවොත් …..?

උදේශිනිගේ පන්හිඳ බිහිවෙන්න හේතුව මෙහෙමයි, මම මුහුණු පොත හරහා සමූහ කිහිපයක ඇඩ්මින්වරියක ලෙස කටයුතු කරනවා. නිර්මාණයක්, කෙටිකතාවක්, උපදේශනයක් වැනි දෙයක් මා අතින් ලියවෙනවා. එනිසාම එය තවකෙනෙක් කොපි කරන නිසා මට මගේ අනන්‍යතාව තියාගන්න අවශ්‍ය නිසා ‘උදේශිනිගේ පන්හිඳ’ නමින් එය නම්කරනවා. කවි බණ කණ්ඩායම මම හදාගන්නේ ධම්මින්ද කාශ්‍යපාරාමයේ. ප්‍රසිද්ධ හාමුදුරුවරුන්ට කවි බණ ලියනවා. මුදලට ඒදේවල් තවකෙනකුට දෙනවට වඩා කිසිදු මුදලක් අය නොකර ගමේ පන්සලට දෙන්න තියෙනවනම් හොඳයි කියා හිතලා මගේ කලායතනය හරහා තිදෙනෙක් පුහුණු කරනවා. ඒ විදිහටයි කවි බණ කණ්ඩායමක් හැදෙන්නේ. ඉන්පසු කුඩා වීඩියෝවක් අරලගංවිල බ්‍රෝඩරය හරහා සමාජ මාධ්‍යයේ පළවෙනවා. ඒක ප්‍රසිද්ධ වෙනවා. උදේශිනිගේ පන්හිඳේ කවි බණ කණ්ඩායම ඒ විදිහට ලොකු ගමනක් යනවා…

ටෙලිනාට්‍ය-චිත්‍රපට පිටපත් රචනයට අදහසක් නැද්ද……?

අදහසක් තියෙනවා .මගේ ඊළග හීනයත් ඒක තමයි.

රංගනය තුළ උදේශිකාගේ භූමිකාව දැනගන්න කැමැතියි ……?

රංගනයට කැමැත්තක් තිබෙනවා. දැනට මියුසික් වීඩියෝ 4කට රංගනයෙන් දායක වී තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ ඔබේ නිර්මාණ භාවිතය කවර ස්ථානයක තිබේදැයි කීවොත් ….?

සමාජ මාධ්‍යයේ මම සමූහ 43ක ක්‍රියාකාරිනියක්. සමාජ මාධ්‍යයේ මගේ නිර්මාණ සමාජගත වෙනවා. බොහෝදෙනෙක් සමාජ මාධ්‍යයේ මගේ නිර්මාණ වැලඳ ගන්නවා.

නිර්මාණශීලී දිවිය තුළ ඔබ ජයග්‍රහණ, සම්මාන, සහතික ලබා ඇති….?

නිර්මාණශීලී ජීවිතයේ මම ජයග්‍රහණ රැසක් ලබා තියෙන්නේ. සමස්තලංකා තරගවලට ඉදිරිපත් වුණා. පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය මට්ටමින් තරග රැසක් ජයගෙන තිබෙනවා . මම ඉදිරිපත් වූ තරගවලින් මම පරාජය වී ඇවිත් නැහැ.

කලායතනයේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් ගැන කීවොත්….?

දැනට මගේ කලායතනය තාවකාලිකව පදිංචිව සිටින ස්ථානයේ කරගෙන යන්න කිව්වත් , එහි රේඩියෝ යන්ත්‍රයක් හෝ පටිගතකිරීමේ උපකරණ හෝ කිසිවක් නැහැ . දරුවන්ගේ පුහුණුවීම්වලදී ශබ්ද විකාශන යන්ත්‍රයක් වෙනත් තැනකින් ඉල්ලගෙන ඇවිත්

ඒ කටයුතු කරන්නේ ඒ අඩුපාඩු ටික හදාගෙන දරුවන් පුහුණු කිරීම තමා මගේ ඊළඟ අරමුණ වෙන්නේ.

කලාහැකියා රැසක් සහිත උදේශිනීගේ මේ ගමනට පවුලේ ආභාසයත් බලපෑවද……?

මගේ ගම පොලොන්නරුව, අරලගංවිල. මේ පැත්‍ත දුෂ්කරයි. සවසට සින්දුවක් කියලා, නැටුමක් නටලා විනෝදවීම තමයි එදා සිට අපට තිබුණු ලොකුම සතුට. අපි කුඩා කල සිටම අම්මා, තාත්තා සවසට මහන්සිය නැතිකර ගන්න ගීත ගයනවා. අම්මාට කවි ලිවීමේ, චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. ඒ ආභාසය එක්ක මගේ කලාකටයුතු ආරම්භ වෙන්නේ.

ඔබේ කලාදිවියට ගුරුහරුකම් ලද, අතහිත දුන් පිරිසකුත් ඇති…?

පාසල් සමයේ මගේ සංගීත ගුරුතුමිය තුෂාරි නල්ලපෙරුම මහත්මිය බොහෝ රසවත්ව සංගීතය කියාදුන්නා. ඇය හදවතට දැනෙන්න කතා කළ කෙනෙක්. මම විවිධ සංසද සමඟ කටයුතු කරද්දී හමුවූ චරිතයක් තමයි ප්‍රියංකර දිසානායක මහතා. සරත් එස්. ජයාගොඩ ශූරීන් ප්‍රවීණ ගීපද රචකයෙක්. ඔවුන්ගෙන් මට ගුරුහරුකම් ලැබුණා. මගේ නිර්මාණ අගයපු කෙනෙක් තමයි තිසර සංජය කරුණාරත්න. ඔහුවත් මතක් කරනවා.

ඉදිරි නිර්මාණ ගැන කීවොත් ……?

දැනට මම කවි පොතක් ලියාගෙන යනවා. දැනට එහි කවි 500ක් විතර ලියා අවසන්. එය පොත් 5ක නිර්මාණයක් විදිහට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා නාට්‍ය පිටපතක් රචනයටත් සූදානමින් ඉන්නවා. මියුසික් වීඩියෝ 2ක් නිකුත් වෙන්න නියමිතයි. ගීත කිහිපයකුත් නිකුත්වීමට සූදානම්. එතෙක් ආදරයෙන් බලාගෙන ඉන්නවා.

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT