Home » ඕස්ට්‍රේලියාවේ ඇසුණු යමුනා ගී

ඕස්ට්‍රේලියාවේ ඇසුණු යමුනා ගී

by sachintha
September 18, 2025 11:20 am 0 comment

ප්‍රවීණ ගේය පද රචිකාවක වන යමුනා මාලිනී පෙරේරා විසින් රචිත ගී ඇතුළත් ‘සුළඟ නුඹ වගෙයි ‘ ගී ප්‍රසංගය පසුගිය අගෝස්තු මස නවවැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්විණ. එහිදී ඇය විසින් රචිත මිහිරි වූද, ජනප්‍රිය ගී විසිහතරක් ගායනා කරන ලදී. එම ගීත සියල්ලක් ගායනා කරනු ලැබුවේ එරට පදිංචි ලාංකිකයන් විසිනි.’ සුළඟ නුඹ වගෙයි ‘ ප්‍රසංගය සංවිධානය කරනු ලැබුවේ වික්‍රම අබේසිංහ සහ ඉන්ද්‍රජිත් මිරිහාන විසිනි. එසේම මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවනු ලැබුයේ සංගීතවේදි ඉන්ද්‍රජිත් මිරිහාන ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විසිනි.

ගීයක රැඳී රස විඳීනට මෙන්ම, පන්හිඳක රැඳී රස විඳීනටත් හැකිවූ අපූර්ව ප්‍රසංගයක් ලෙස ‘සුළඟ නුඹ වගෙයි’ ප්‍රසංගය හැඳීන්විය හැකිය.

අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් ගීතය ඔස්සේ ඇරැඹි ස්වකීය ගීතමය චාරිකාව ඔස්සේ රසික හදවත්වලට ළංවූ ආදරනීය ගී පද රචිකාව සමඟ එක්ව ඇගේ නිර්මාණවල අරුත් රස දැනගැන්මට මෙන්ම ඇගේ නිර්මාණ ජීවිතයේ රසමුසු මතක අවධි කරනට මෙන්ම මියුරු ගීතාවලියක රස විඳීනටද රසවතුන්ට මේ අපූරු ගීතමය සැඳෑව ඉවහල් වූ බව නිසකය.

එහිදී ‘ සුළඟ නුඹ වගෙයි’ ප්‍රසංගය සුවිශේෂ එකක් වූයේ කුමන ව්ශේෂත්ව නිසාද යන්න මේ ගීතවල රචිකාව වන නිර්මාණවේදිනී යමුනා මාලිනි සිය ප්‍රතිචාරය දැක්වූයේ මෙසේය.

‘ සුළඟ නුඹ වගෙයි’ කියල කියන්නෙ විශේෂ ප්‍රසංගයක්.මොකද මේ ප්‍රසංගය තනි ගේය පද රචිකාවකගෙ ගීතවලින් අලංකාරවත් ව පැවැත්වු ප්‍රසංගයක් නිසා. අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් කියන ගීයෙන් ඇරැඹි මගේ නිර්මාණ චාරිකාවේ ගීත සියගණනක් මේ වෙද්දි ලියැවී ඇති. ඒ අතර පිපුණු ලස්සන නිර්මාණ විසිහතරක් තමයි මෙල්බර්න් ප්‍රසංගයේදි ඉදිරිපත් කළේ.

මේ ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ මෙවැනි ප්‍රසංගයක් කරන්න ලැබුණු ප්‍රථම ගීත රචිකාව මා වීමයි. මොකද මා දන්නා තරමින් මින් පෙර එවැන්නක් සිදුවී නෑ. ඒක විශේෂත්වයක් වාගේම හරිම සතුටක්.

මේ ප්‍රසංගයේ සිදුවූ අනෙක් විශේෂත්වය තමයි මේ ගීතවල විශේෂත්ව ගැන කතා කරන්නත් අපිට ඉඩක් නිර්මාණය වීම. එතනදි මේ එක් එක් ගීත ගැන අපි කතා කළා. කොහොමද ඒ ගීත ලියැවුණේ,මොකක්ද එහි නිමිත්ත, වගෙ දේවලුත් ඒ අතරෙ අපට කතා කරන්න පුළුවන් වුණා. ඒ අවස්ථාව ගත කරපු වෙලාවෙ මට දැනුණෙ මිනිස්සු මේ නිර්මාණවල යටගියාව, විශේෂත්ව දැනගන්න කෙතරම් කැමැත්තකින් ඉන්නවා ද කියන කාරණයයි.

පළමුවැනි වතාවට පැවැති එවැනි ගණයේ ප්‍රසංගයක අත්දැකීම් ලබන්න හැකි වීම මට සුවිශේෂවත් අවස්ථාවක්.

‘ යුග පෙරළිය’ ඔක්තෝබරයේ

මේ ප්‍රසංගය නිම කර නැවතත් මම එන්නෙ ඔක්තෝබර් මාසයේ. ඒ අතරෙ ‘යුග පෙරළිය’ මගෙ අලුත්ම නවකතාව සරසවි ප්‍රකාශනයක් විදියට මගෙ නිර්මාණ රස විඳීන රසිකයන් අතට පත් වේවි.

ඒ වගේම තමයි මෙතෙක් කාලය තුළ මා ලියූ තාමත් මගෙ රසිකයන් අතට පත් නොවූ ගීතත් ඉදිරියේදී අහන්න සලස්වන්නත් මගෙ කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙනුත් මම ඉදිරියේ දී අවධානය යොමු කරන්න සිතා සිටිනවා.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT