Home » එච්.ඩී ප්‍රේමරත්නයන් පිළිබඳ ෴මතක සැමරුම්෴
HD මැද මාවතේ සිනමාවේදියාණන්ගේ 20 වැනි ගුණානුස්මරණය

එච්.ඩී ප්‍රේමරත්නයන් පිළිබඳ ෴මතක සැමරුම්෴

by mavan
December 18, 2025 10:48 am 0 comment

1944 දී උපත ලද එච්.ඩී ප්‍රේමරත්නයන් සිප් සතර හැදෑරුවේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන්ය. ඔහු ප්‍රථමයෙන් සිනමාවට අවතීර්ණ වී ඇත්තේ ‘දරුදුක’ චිත්‍රපටයෙන් බව සඳහන් වේ. පසුව ඔහු ‘ පූජිතයෝ’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කර ඇත.

1975 වසරේදී විජය කුමාරතුංග සහ සුවිනීතා වීරසිංහ රඟපෑ ‘සිකුරුලියා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස තම සිනමා ගමන් මඟ ස්ථාවර කර ගත්තේය. මුල මැද අග ඉතා අපූරුවට පෙළ ගස්වා ඉතා රසවත් සිනමාපට නිර්මාණය කෙරූ එච්.ඩී ප්‍රේමරත්නයන්ව හැඳීන්වූයේ මැද මාවතේ සිනමාකරුවා ලෙසය.

සිකුරුලියා, අපේක්ෂා, සසරක පැතුම්, පරිත්‍යාගය, හස්ති වියරුව, දෙවෙනි ගමන, ආදර හසුන, මංගල තෑග්ග, සහරාවේ සිහිනය, පාලම යට, කුලගෙය, සප්ත කන්‍යා, සෙයිලම, විසිදැල, මන්දාකිනී, කිණිහිරියා මල් වැනි ජන ආකර්ෂණයට ලක්වූ චිත්‍රපට රැසක් තැනූ ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන වලින් පිදුම් ලබා ඇති එච්.ඩී. ප්‍රේමරත්නයන් අන්තර් ජාතික සම්මානවලටද පාත්‍ර වී ඇත. ඉතා සුමියුරු සිනමා ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දීමට මඟ සෑදූ ඔහු නවක ශිල්පීන් රැසක් හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයෙකි. ඔවුන් පසුකාලීනව ජනප්‍රිය තරු බවට පත්වූ බව නොරහසකි.එමෙන්ම දුලාරි, සිහින දනව්ව, සඳුන් ගිර ගිනිගනි වැනි ටෙලි නාට්‍යද ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. අවසන් වරට ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. සිංහල සිනමාවට අති සුන්දර සිනමා රටාවක් හඳුන්වා දුන් එච්.ඩී. ප්‍රේමරත්නයන් 2005 දෙසැම්බර් 26 වෙනිදා ජිවිතයෙන් සමුගත්තේය. ඔහු ජීවිතයෙන් සමුගෙන වසර විස්සක් සපිරෙන මේ මොහොතේ ඔහුව සිහිගන්වමින්, ඔහුගේ නිර්මාණ උපහාරයක් ලෙස ඔහුගේ නිර්මාණයන්ට දායක වූ ශිල්පීන් කිහිපදෙනෙකු මෙසේ අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT