අහම්බෙන් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන ඈ සිනමා ක්ෂේත්රයේ ද ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන්නේ අහම්බෙනි. නොසිතූ නොපැතූ මොහොතක ස්ව උත්සාහයෙන් අත්හදාබැලීම් සිදුකරමින් මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙසින් ලෝක තලයේ මෙම ක්ෂේත්රයේ නිර්මාණ ශිල්පීන්ගේ ගොන්නට එක්වන්නට සිය හැකියාවන් එළිදක්වන ඈ නමින් රමේෂා ඕෂිනීය. සිනමා නිර්මාණයක් තුළ ඇඳුම් නිර්මාණයේ සුවිශේෂී දක්ෂතා මේ වනවිටත් පෙන්නා ඇති, ඇය අද වන විට දේශීය සිනමා ක්ෂේත්රයේ ඇඳුම් නිර්මාණයේ ප්‍රවීණ ශිල්පිනියක් බවට පත්ව ඇත. ඈ තුළ ඇති සුවිශේෂී දක්ෂතාවය මත ඉතා කෙටි කාලයක් තුළ ඇඳුම් නිර්මාණයේ අපූර්වතම චරිතයක් වූ ඈ අද වන විට දේශීය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණයන් සඳහා නැතුවම බැරි නිර්මාණශීලී ශිල්පිනියක් බවට පත්ව ඇත. එකම දෙයකට කොටු නොවී විවිධ අංශයන් ඔස්සේ තම නිර්මාණයන් ඉදිරිපත් කරමින් නිරන්තරයෙන් අත්හදා බැලීම්වල නිරත වන ඈ මේ වනවිට නවීන තාක්ෂණික උපායන් සමඟ මෙම කටයුත්තේ ඇසූ පිරූ තැන් සොයා යන්නට තරම් යුහුසුළු වී ඇත. අපි කතා කරමු; මේ විලාසිතා නිර්මාණශීලී රමේෂා ඕෂිනී සමඟ.
රමේෂා මේ මෑත භාගේ ඔබ ඇඳුම් නිර්මාණයන් තුළින් වඩාත් කතාබහට ලක්වූ තැනැත්තියක් ?
ලැබෙන ප්‍රතිචාරවලින් ඒක මටත් දැනෙනවා. මගේ නිර්මාණශීලී විලාසිතා වලට බොහොමයක් අය ප්‍රිය කරන බවත්, ඔවුන්ගේ විමසීම් තුළ මට දැනිලා තියෙන දෙයක්. සිනමා ක්ෂේත්රයට නම් තවම මම ආධුනිකයි කිව්වත් වරදක් නැහැ. ඒ ආධුනික බව යටපත් කරගෙන මගේ නිර්මාණශීලී බව ඉස්මතු වීම තුළ අද වන විට මා ගැනත් සිනමා ක්ෂේත්රය තුළ කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන ඇත්තෙන්ම මට සතුටක්.
ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වීම ඔබ කුඩා කාලයේ සිට දැකපු හීනයක්ද?
කොහෙත්ම නෑ. මට චිත්‍ර අඳීන්න පුළුවන්. ඒ හැකියාව නිසාම මගේ දෙමව්පියන් හිතුවේ මම කවදාහරි චිත්‍ර පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය ලබලා, ගුරුවරියක් වෙයි කියලා. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කොස්ටියුම් පැත්තේ අධ්‍යාපනය ලැබීමත් සමඟ මට ආශාවක් ඇතිවුණා; මේ ඔස්සේ ඉදිරි ගමනක් ගැන හිතන්න. මේ පැත්තෙන් අධ්‍යාපනය සඳහා යොමුවීමත් ඇත්තෙන්ම අහම්බෙන් සිදුවුණු දෙයක්.
2016 වසරේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමුදෙනවා. නමුත් මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකව ඉන්න කොටම කොස්ටියුම් ඩිසයිනින් පැත්තේ සම්මානයක් දිනාගන්නවා; ෆැෂන් ෂෝ තරඟාවලියකදී. ලංකාවේ සෑම ෆැෂන් අංශයකින්ම ඕවර්රෝල් විනර් හැටියට මට සම්මාන ලබන්න හැකි වෙනවා. කැට්ස් සම්මාන උළෙලේදී මේ සංවිධානය කරන්නේ කට්ස් ඩිසයිනින් සර්කල් එක. මේ සම්මානය ලැබිමත් සමඟ මට ලොකු උත්තේජනයක් ලැබෙනවා. මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න. මුලින්ම ඇඳුම් පැත්තේ මෝස්තර තමයි කළේ. චිත්‍රපට ඇඳුම් නිර්මාණය ගැන හිතකවත් තිබුණේ නැහැ. මගේ නිර්මාණ අවශ්‍යතා ඇති අයගේ ඉල්ලීම් සඳහා මෝස්තර නිර්මාණයක් තමයි මම අප්රසිද්ධියේ මුලින්ම කළේ.
අප්රසිද්ධියේ මෝස්තර නිර්මාණකරණයේ නියැළෙන රමේෂා කොහොමද කලා ක්ෂේත්රයේ නිර්මාණ වෙනුවෙන් යොමු වන්නේ?
මේ සඳහා මට මුලින්ම ආරාධනා කරන්නේ සනත් අබේසේකර කියන චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයා. එතුමන් මගේ දක්ෂතා දැකලා 2018 වසරේ මට කතා කළා. හිරු ටීවී ඔස්සේ විකාශය වූ ඉතිහාස රජ කතාවක් වන ඉරුදේව ටෙලි නාට්‍ය සඳහා ඇඳුම් නිර්මාණ කටයුත්තට ඒක විශාල නිෂ්පාදන පිරිවැයක් දරන ලොකු වැඩක්. මට කවදාවත් නොකරපු දෙයක් බාරගන්න මට බයක් දැනුණා. මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වුණේ රොෂාන් වෙල්ලප්පුලි මහතා. මම කවදාවත් නොකරපු දෙයක් වෙනුවෙන් මා ගැන විශ්වාසය තියලා, මට සල්ලි දීලා, මගෙන් ඒ නිර්මාණයට ඕනෙ කරන දේ ඔවුන් ලබා ගත්තා. ඒ ලබාගත්ත මගේ දක්ෂතාවයට පසු කලෙක ලොකු පිළිගැනීමක් ඇතිවුණා.
මේ පිළිගැනීමද ඔබව සිනමා නිර්මාණ කරා රැගෙන ගියේ?
ඔව්. ඉරුදේව ටෙලි නාට්‍ය තුළ මගේ ඇඳුම් නිර්මාණ දැකපු ඒ ගැන පැහැදුණු සුමිත් කුමාරගේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සුභා තෙරණියෝ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ කටයුත්තට මට ආරාධනා කළා. ඒ චිත්‍රපට නිර්මාණයත් රජ කතාවක්. සුභා තෙරණියෝ සිනමා නිර්මාණයත් සමඟ මට සිනමා නිර්මාණයක ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් බවට පත්වෙන්න හැකිවුණා. දෙවනුව මට ලැබුණ සනත් අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ ගුත්තිල චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ කටයුත්ත. මේ චිත්‍රපටය තුළ මම ගොඩක් අත්දැකීම් ලැබුවා. ලොකු ප්‍රඩක්ෂන් එකක් තුළ විශාල පිරිසක් සමඟ වැඩ කිරීම. නිර්මාණය වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් ආයිත්තම් නිර්මාණය මේ හැම දෙයක්ම මට ලොකු අත්දැකීමක් වුණා. මේ ගුත්තිල චිත්‍රපටයට පසුව ලැබුණු දැවැන්ත සිනමා නිර්මාණය තමයි සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය.
ජනකාන්ත සිනමාවේදියකු වන ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ දැවැන්ත සිනමා නිර්මාණයක් වෙනුවෙන් දායක වෙන්න තරම් ඉතා කෙටි කාලයක් තුළ රමේෂා වාසනාවන්ත වුණා? කොහොමද ඔබට සෝමරත්න දිසානායක නිර්මාණකරුවා හඳුනාගන්න ලැබෙන්නේ?
ගුත්තිල චිත්‍රපටයේ මගේ දක්ෂතා දැකලා නෙමේ සෝමරත්න දිසානායක මහතා මාව තෝර ගත්තේ. ඔවුන් ඔහුගේ සිංහබාහු චිත්‍රපටය සඳහා මම ලෙදර් වලින් කොස්ටියුම් හදනවා, ජුවලරි හදනවා ෆයිබර් වලින් විවිධ නිර්මාණ කරනවා. මේ දක්ෂතාවය තියෙන අය කීපදෙනයි ලංකාවේ ඉන්නේ. එයින් කෙනෙක් මම. සෝමරත්නයන්ගේ මේ චිත්‍රපටය ගෝත්‍රික සමාජය මුල් කරගත් නිර්මාණයක් නිසාවෙන් ඒ සඳහා අවශ්‍ය ඇඳුම් සෑදීම ගැන සුදුසු අය සොයමින් සිටි සෝමරත්නයන්ව මා ළඟට එක්කන් ආවේ සිංහබාහු චිත්‍රපටයේ කලා අධ්යක්ෂ ජානක ප්‍රසාද් මහතා. හාඩ් මැටීරියල් කොස්ටියුම් ඩිසයිනින් කරන අය ගොඩක් අඩුයි. මගේ මාලබේ වර්ක් ෂොප් එකේ මගේ වැඩ කරන හැටි සෝමරත්නයන් සැබැවින්ම දැක්කට පස්සේ එතුමාගේ චිත්‍රපටයට අවශ්‍ය කරන ගොඩක් වැඩ මා අතින් නිර්මාණයේ වෙලා තියෙනවා දැකලා මට ආරාධනා කරා සිංහබාහු සිනමා නිර්මාණය ඇඳුම් නිර්මාණයේ වගකීම බාරගන්න කියලා.
අද වෙනකොට ඔබ කාර්යබහුල නිර්මාණ ශිල්පිනියක්?
පුංචියට පටන් ගත්ත දේ අද වෙනකොට ටිකෙන් ටික දියුණු වෙලා. මගේ මාලබේ වර්ක් ෂොප් එක වගේම දැනට කළුතරත් වර්ක් ෂොප් එකක් තියෙනවා. මා ළඟ නිරන්තරයෙන් සේවකයන් පහළොස් දෙනෙක් විතර වැඩ කරනවා. මගේ සැමියාත් මාත් එකතුව මේ පටන් ගත්ත වැඩේ අද වෙනකොට ලොකු තැනකට ඇවිත් තියෙනවා. ඒ නිසා ලැබෙන වැඩත්, මගේ නිර්මාණ අත්හදාබැලීම් මතත්, මම අද ඇත්තෙන්ම කාර්යබහුල තැනැත්තියක්.
අභියෝග හමුවේ ඒවා ජයගෙන මේ යන ගමනේ ඔබේ ගුරුවරුන් වන්නේ කවුද?
අගලවත්ත මිහිඳු විද්‍යාලයේ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන මම උසස් පෙළ අංශයෙන් අධ්‍යාපන හැදෑරීමට හොරණ ශ්‍රී පාලි විද්‍යාලයට ඇතුල් වෙනවා. ඊට පස්සේ තමයි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්නේ.
විශ්වවිද්‍යාලය තුළ මට ෆැෂන් ඩිසයිනින් පැත්තේ මූලික දේ ඉගෙන ගත්තා. හැබැයි මම කැම්පස් එකෙන් එළියට ඇවිත් වැඩ කරන්න මා අත මුදල් තිබුණේ නැහැ. මැටීරියල් අරන් වැඩ කරන්න. මම ගොඩක් ආශාවෙන් කලේ හාඩ් මැටීරියල්. මුදල් නැතිකම නිසාම අඩුමුදලට මාර්කට් එකෙන් ගන්න තිබුණේ රබර්. ඉතින් මම රබර්වලින් වැඩ කරන්න පටන් ගත්තා. අත්හදා බැලීම් කරන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙනකොට ලංකාවේ ගොඩක් අය මේ ක්ෂේත්රයේ රබර් වලින් වැඩ කර කර හිටියේ නැහැ. කා ළඟටවත් ගිහින් ඉගෙන ගන්න කියලා කෙනෙක් හිටියේ නැහැ. මමම තනියෙන් දෙයක් කරලා වැරදි වැරදි මේ දේ ඉගෙන ගත්තා. මම චිත්‍ර හදාරලා තිබුණු නිසා මගේ ඇඟ ඇතුලේ මේන් ක්රියේටිව්එක තිබුණා. ඒ නිර්මාණශීලීත්වයට මගේ මේ හැකියාව එකතු වුණාම වෙනස්ම දෙයක් කරන්න මට හැකි වුණා. චිත්‍ර කලාව මම ගුරුවරු කීපදෙනෙක් තුළින්ම ඉගෙන ගත්තා. නමුත් ෆැෂන් ඩිසයින් කලාව මම තනියම ඉගෙන ගත්ත දෙයක්. බේසික් දේ මට විශ්වවිද්‍යාලය තුළින් ලැබුවා. ඒ දේ ක්‍රියේටිව් කිරීම මම කළා. අත්හදා බැලීම් සමඟ අද වෙනකොට හාඩ් මැටීරියල් වැඩ ලංකාව තුළ කෙරෙන කොට නම් මට කතා කරන ප්‍රවණතාවය දැන් හැදිලා තියෙනවා.
ඔබේ පවුල් පසුබිම මේ ගමනට ඔබව යොමු කළාද?
නෑ. කොහෙත්ම නෑ. මගේ පවුලේ් කවුරුවත් මේ පැත්තෙ වැඩක යෙදිලා වත් නැහැ. ෆැෂන් ඩිසයිනින් පැත්තෙන් මම පවුලේ එකම දරුවා. කොටින්ම කිව්වොත් සාමාජයේ ප්‍රසිද්ධ වෘත්තියන් කරන කවුරුවත් මගේ පවුලේ නෑ. අපි සාමාන්‍ය පවුලක්. මගේ අම්මා තාත්තට අපි සාමාන්‍ය පවුලක්. මගේ අම්මා තාත්තට දැනුමක් තිබුණේ නැහැ; ෆැෂන් ඩිසයිනින් කියන්නේ මොනවද කියලවත්. එයාලගේ එකම හීනය තිබුණේ; මට උගන්වන එක. මගේ දක්ෂතාවය චිත්‍ර පැත්තට තිබුණ නිසා, චිත්‍ර ගුරුවරියක් වන එක තමයි එයාලා දැක්ක එකම හීනය වුණේ.
අද ඔබ ඕනෑම අභියෝගයක් බාරගන්න නිර්මාණ ශිල්පිනියක් බවට පත්වෙලාද?
ඔව්. අනිවාර්යයෙන්ම මම අද අභියෝග බාරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. මේ රමේෂා අද මෙතන ඉන්නේ මම අභියෝග වලට බිය නොවී එය බාරගත්ත නිසා. ගොඩක් අභියෝග තියෙන වැඩ, ගොඩක් අය මට බාර දෙන්නෙත්, ඒ මගේ තියෙන එඩිතර කමට.
දැවැන්ත සිනමා නිර්මාණයක් වූ සිංහබාහු තුළ ඔබේ දක්ෂතා තව නොබෝ දිනෙකින් අපිට දකින්න ලැබෙයි. ඒත් මේ වන විටත් ඔබට ක්ෂේත්රය තවත් සිනමා නිර්මාණ සඳහා ආරාධනා එහෙම තියෙනවා ද?
මේ දවස්වල මහාචාර්ය සුනිල් සර්ගේ අලුත් චිත්‍රපටයේ රීප්‍රඩක්ෂන් වල මේ වනවිටත් මම කටයුතු කරමින් ඉන්නේ. ඊට අමතරව මම ඇඳුම් නිර්මාණ කටයුතු මගේ ව්‍යාපාරයක් ලෙසත් කරගෙන යමින් ඉන්නවා.
ඔබේ ඉදිරි ඉලක්කගත වැඩපිළිවෙළක් තියෙනවද?
මට ඕනි සම්ප්‍රදායික කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක්ගේ භූමිකාවට එහා ගිය කෙනෙක් වෙන්න. මේ වනවිටත් මම වෙනස් මැටීරියල් ගැන හිතන කෙනෙක්. මේ වනවිටත් අත්හදා බැලීම් කරමින් ඉන්න කෙනෙක්. මම ගොඩක් ආශාවෙන් ඉන්නවා; ලංකාවෙන් එහා ගිය නිර්මාණ ටිකක් කරන්න. මිස් වර්ල්ඩ් පැජන්ට්වල කොස්ටියුම් පාර්ට් එක කරගෙන යනවා. රටවල් කීපයක් තුළ මේ වගේ ඉන්ටර්නැෂනල් වැඩ කීපයකුත් මම මේ වනවිටත් කරමින් ඉන්නේ. ජාත්‍යන්තර තලයේ සිනමා නිර්මාණවල කොස්ටියුම් ඩිසයිනින් කරන්න වුණත් මම ලෑස්තියි. මට ඒ අභියෝගය භාර ගන්න පුළුවන්. මට ඒ ශක්තිය තියෙනවා. හැකියාව තියෙනවා.
අද වෙනකොට නවීන තාක්ෂණයත් ඔබේ මේ නිර්මාණ වෙනුවෙන් යොදවලාද?
මම දැන් තාක්ෂණය භාවිතා කරලා කරන්න ඕන දේවල් ටිකක් දැනටමත් කරන්න පටන් අරන් තියෙන්නේ. අපි ඇත්තෙන්ම ටෙක්නික් දන්නවා. මට ඕනේ ඒ සඳහා මැෂින් ගන්න. ලෝක තලය කෙරෙන නිර්මාණ දිහා මම හොඳ අවධියකින් ඉන්නේ. මට ආසයි ඉතිහාස කතා තුළ නිර්මාණ දකින්න.
ඇත්තද මේ රමේෂා ලැබෙන වැඩ අස්සෙම අත්හදාබැලීම් පවා කරනවා කියන්නේ?
ඇත්තම කියනවනම් ලැබෙන වැඩ තුළ මම අත්හදා බැලීම් කරලා තියෙනවා. දැන් සිංහබාහු චිත්‍රපටය ගත්තොත් ඒ ගෝත්‍රිකයන් පැලඳ සිටින ඇටකටු මම නිර්මාණය කළේ චිත්‍රපටය වෙනුවෙන්මයි. ඊට කලින් මම කීපයක් කරලා තිබුණා. ලොකු වැඩක් ඇතුළේ වැරදි වැරදි කරලා ඕන දේ කැමරාව ඉදිරියට ගෙනිච්චා. ලොකු වැඩ අස්සේ පොඩි පොඩි අත් හදා බැලීම් කරමින් තමයි හරි දේ හොයා ගත්තේ. චිත්‍රපටය දකිනකොට ඇත්තෙන්ම සතුටක් ඇතිවෙනවා; අපේ උත්සාහයේ නියම ප්‍රතිඵලය ඇවිත් තියෙනවා දැක්කම. සිංහබාහු චිත්‍රපටයේ රඟපෑ ජැක්සන් ඇන්තනී මහත්තයා මට වෙනම කතා කරලා ඉතිහාසගත තොරතුරු ගොඩාක් ලබා දුන්නා. එතුමා ඉතිහාසගත තොරතුරුවලින් ගොඩාක් දැනුමක් ලබා සිටි කෙනෙක්. මම කරපු වැඩ ගැන එතුමා ගොඩක් මට ප්‍රශංසා කළා. යොදන වර්ණ ගැන ගොඩක් ආසාවෙන් කතා කළා. මේ පාට ගොඩක් කැමරාව ආස කරන පාට කියලා ජැක්සන් ඇන්තනී මහතා මාව දිරිමත් කළා.
වැඩ අතින් ඔබ ඉස්තරම් ඒත් ඔබේ පැත්තෙන් තවම ඔබ එක්ස්පෙරිමන්ට් කියලද හිත් කියන්නේ?
මම හැම දෙයක්ම කරන්න කලින් නිර්මාණයේ පිටපතේ සඳහන් චරිතය ගැන වැටහීමක් අරන් ඒ චරිතය හැඩවිය යුතු ආකාරයේ චිත්‍රයට නඟනවා. සිංහබාහු චිත්‍රපටය තුළ මම ඒ දේ කළා. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය පරිදි තමයි ඒ ඇඳුම් නිර්මාණය කරන්නේ. මේ වන විට රිප්රඩක්ෂක් කරමින් මේ දවස්වල කටයුතු කරන සුනිල් අරියරත්න සර්ගේ චිත්‍රපටයේ ඒ ඇඳීමේ කාර්ය සඳහා මම භාවිතා කළේ ඒධ් තාක්ෂණය. සම්පූර්ණයෙන් මිඩ්ජාතිවලින් තමයි ඒ චිත්‍රපටයේ චරිත ඇන්දේ. මමත් අප්ඩේට් වෙන්න ඕනෙ අද තාක්ෂණයත් සමඟ.
සිනමා නිර්මාණ තුනක් වෙනුවෙන් මේ වන විට දායක වී වැඩ අවසන් කර ඇති ඔබ තව නොබෝ දිනකින් තිරගත වන සිංහබාහු චිත්‍රපටයේ ඔබට ලැබුණු අභියෝගය ජයගත්තේ කොහොමද?
රීප්රඩක්ෂකන් වලදී මට තව කාලය ලැබුණා නම් තවත් ස්ටඩි කරලා මේ කාර්යය තවත් හොඳට කරන්න තිබුනාණේ කියලා හිතෙන අවස්ථා තිබුණා. මම ඕනෑම නිර්මාණයක් කිරීමෙන් පසු ඒ අවුට්පුට් එකේ අඩුපාඩුකම හොයන කෙනෙක්. මගේ පැත්තෙන් වුණ කටයුත්ත පිළිබඳ මම එහෙම කරන්නේ මගේ ඉදිරි නිර්මාණවල සාර්කත්වයට මගේ අඩුපාඩු හදාගන්න. මම දකින අඩුපාඩුකම් අනිත් අය කොහෙත්ම දකින්නේ නැතුව ඇති.
චිත්‍රපට නිර්මාණය බාර ගැනීම තුළ ඔබ අපේක්ෂා කරන තත්ත්ව සහතිකයේ තියෙනවාද?
මම විශේෂයෙන් කැමති ඩ්ඪඵබධපඪජචත වර්ගයේ නැත්නම් ජ්භබභපඪඵබඪජඥ වැඩක් තියන චිත්‍රපට වලට. නෝමල් ස්ටයිල් කරන්න තියන චිත්‍රපට මම බාරගන්න පෞද්ගලික කැමති නෑ. විශේෂයෙන්ම කොස්ටියුම් පැත්තෙන් කරන්න තියෙන වැඩේ ගැන විතරයි මම බලන්නේ. මට චිත්‍රපටයේ කතාව ගැන වැඩක් නෑ. මම තවම මේ ක්ෂේත්රයට ඇවිත් වැඩි කාලයක් නෑ. නමුත් මම දකිනවා කොස්ටියුම් කියන්නේ සරල දෙයක් නොවන බව. නිර්මාණයක් තුළ මේ තුළින් නිර්මාණයට එන ආලෝකය සුළුපටු නෑ. හැබැයි අපේ නිර්මාණකරණයේදී මේ සඳහා දක්වන අඩු සැලකිල්ල බොහෝවිට නිර්මාණ අවුට්පුට් එක තුළ අපට දකින්න තියෙනවා. අපි දාන මාලය, කරාබුව, පබුලු ඇටය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. ලංකාව තුළ මේ කොස්ටියුම් කියන දේ ගැන මොන නිර්මාණය කළත් වඩාත් අවධානයක් ගතයුතු දෙයක් හැටියට මම දකිනවා චරිතයක් එළියට එන්න සැබෑ ලෙසින්ම කොස්ටියුම් බලපෑමක් කරනවා. නමුත් ඒ ගැන දක්වන අවතක්සේරුව ගැන නම් ඇත්තෙන්ම තියෙන්නෙ කනගාටුවක්.
රමේෂාගේ මේ දිරිය ගමන් මගේ සෙවණැල්ල වෙලා ඉන්න ඔබේ සැමියාගෙන් මොන වගේ සහයක් ද ලැබෙන්නේ?
මගේ සැමියා මහේෂ් විජයංග. ඔහුව මට හමුවන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ. එයා මල්ටිමීඩියා විෂයට අමතර මූර්ති විෂය හැදෑරුවා. මම කොස්ටියුම් ඩිසයින් කරන්න පටන් ගත්තට පස්සේ එයා එයාගේ වැඩ නතර කරලා මගේ වැඩට උදව් කරන්න පටන් ගත්තා. තාක්ෂණය පැත්ත මූර්තිපැත්ත අපේ වැඩ වලදී ඔහු අතින් තමයි ඒ පැත්ත සිද්ධ වෙන්නේ. මට උපරිම නිදහසක් මගේ සැමියා දීල තියෙනවා. මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න අද මගේ සෙවණ වගේ මේ දිරි ගමනේ අත් උදවුකරුවා මගේ ආදරණීය සැමියා මහේෂ් විජයංග.
ටෙලිනාට්‍ය පැත්තට යොමුවෙන්න වේදිකාවට යොමුවෙන්න ඔබේ අදහසක් නැද්ද?
කොහෙත්ම නෑ. ‘ඉරු දේව’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම කොස්ටියුම් ඩිසයින් පැත්තෙන් කිසිම ටෙලි නාට්‍යයකට දායක වුණේ නෑ. මට තියෙන කාර්යබහුලත්වය නිසාම මම ඒ පැත්තට යොමු වෙන්න කැමැත්තක් නෑ. මට ඕනේ ඕව රවුන්ඩ් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් වෙන්න. චිත්‍රපට කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් විතරක් වෙන්න මට ඕනෙ නෑ. මම ආසයි සිනමාවට. ගොඩක් මිනිස්සු අතරට යන මාධ්‍යයක් නිසා.
මගේ අම්මා රමණී මීගහවල. තාත්තා දයාරත්න. එයාලගේ එකම දරුවා වුණ මම ගැන හැම වෙලාවෙම එයාලා බැලුවේ හොඳට උගන්වන්න. මම ඇඳි චිත්රවලට පුදුම විදිහට ආදරය කළ කෙනෙක් තමයි මගේ අම්මා. මට හොඳ නෑ කියලා ඇදලා ගුලි කරලා එළියට විසික් කර චිත්‍ර කොලය කුණු ගොඩෙන් ගෙනත් මටත් හොරා ළඟ තියාගෙන ඒවා ලැමිනේටින් කරලා තියාගත්ත මවක් තමයි මගේ අම්මා. අදටත් මගේ රත්තරං අම්මා ළඟ ඒ මම විසිකරපු චිත්‍ර පොඩි වුණු පාරවල් එක්කම ලැම්නේටින් කරලා සුරක්ෂිතව තියෙනවා. මගේ අගලවත්ත ඕමත්ත ගෙදර.
ලිපිනයත් මතක් කළොත්?
164/14, සමනල උයන පාර, මාලබේ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න