ප්‍රවීණ රූපණවේදියකු සහ සාහිත්‍යවේදියකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමුගෙන 2026 ජනවාරි 12 වෙනිදාට වසර හයක් සපිරේ. ඒ වෙනුවෙන් විද්වත් දේශක මඩුල්ලක මෙහෙයවීමෙන් දෙදිනක නාට්‍ය වැඩමුළුවක් පැවැත්වේ. කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙන මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ හදාරා ඇති වයස 18- 25 අතර වයස් කාණ්ඩයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට මෙයට සහභාගී විය හැකිය. ජනවාරි 12 සහ 12 දෙදින පැවැත්වෙන මෙම වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ මහානාම වික්‍රමසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, නවරත්න ගමගේ යන ප්‍රවීණයන් විසිනි.
