මෙරට සිනමා ක්ෂේත්‍රයේ හා රූපවාහිනී මාධ්‍යයේ අනන්‍යතාවක් සහිත නිර්මාණකරුවකු ලෙස සිනමාවේදි ලලිත් රත්නායක හඳුනාගත හැකිය. හුදු මිනිස් රසවින්දනය උදෙසා පමණක් නිර්මාණකරණයේ යෙදීමෙන් ඔබ්බට ගොස්, සිය නිර්මාණ මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් හා බද්ධ වූ අතිශය සියුම් සමාජ කාරණා මානුෂීය හැඟීමෙන් ගෙන නිර්මාණකරණයේ යෙදෙන සිනමාවේදියකු ලෙස වඩා ප්‍රකටය.
ඔහුගේ නිර්මාණවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ රූප මාධ්‍යය ප්‍රබල ලෙස භාවිත කිරීමේ ගුණයය. දෙබසකින් ප්‍රකාශ නොකරන බොහෝ දේ නිහඬ රූප රාමුවක සිනමානුරූපීව සිත්තම් කරනට ඔහුට ඇති හැකියාව අතිශයින් ඉහළය. උදාහරණයක් ලෙස නිහඬත්වය, ශබ්දය හා දෙබස් යන එකිනෙකට වෙනස් අංග ඉතා ශූර ලෙස රූප මාධ්‍යයේ හැසිරවිය හැකි පරිණත සිනමාකරුවකු බව නිරීක්ෂණය කළ හැකිය.
පසුගියදා ඔහු වඩාත් අවධානයට යොමු වූයේ අන්තර්ජාතික සිනමා උලෙළ ගණනක් නියෝජනය කරමින් සම්මාන ගණනාවකට පාත්‍ර වීමත් සමඟය.
සිය ප්‍රථම සිනමා නිර්මාණය වූ විෂම භාග ඔස්සේ දෙස් විදෙස් අවධානය දිනා ගැනීමෙන් අනතුරුව මෑත කාලයේ ඔහු අවධානය දිනා ගනුයේ සිය දෙවැනි සිනමා නිර්මාණය වූ රිවර්ස්ටන් චිත්‍රපටය ඔස්සේ ගැඹුරු සමාජ කාරණා කීපයක් සිනමා නිර්මාණයක් තුළ වියමන් කරනට ගත් සාර්ථක උත්සාහයත් සමඟිනි. දිගුකාලීන දේශපාලන යථාර්ථයක් මෙන්ම මිනිස් හෘද සාක්ෂිය හා හැඟීම් අතර ගැටෙන සංවේදී කතා තේමාවක් රිවර්ස්ටන් චිත්‍රපටයට අදාළ වේ.
එහිදී රිවර්ස්ටන් චිත්‍රපටය ලෝක සිනමා උලෙළ කීපයක ඇගයීමට පාත්‍ර වී ඇත.
ඒ අතර තරගකාරී අංශය නියෝජනය කරමින් චීනයේ පැවැති විසි හත්වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම තිර රචනය වෙනුවෙන් සම්මාන හිමිකරගනු ලැබීය. එය හිමි වූයේ එහි තිර පිටපත රචනා කළ ලලිත් රත්නායක හටය. එය ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළකදී ලාංකේය සිනමාවේදියකු මෑත කාලයේ ලැබූ වටිනා ඇගයීමක් වශයෙන් සැලකිය හැකිය.
එමෙන්ම ලොව පිළිගත් තවත් සුවිශේෂ සිනමා උලෙළක් වූ කොල්කටා සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයාට පිදෙන ඨධතඤඥද පධරචත ඕඥදඨචත බඪඨඥප සම්මානය ද රිවර්ස්ටන් චිත්‍රපටය වෙනුවෙන් සිනමාවේදි ලලිත් රත්නායක විසින් දිනාගනු ලැබීය. ලොව ඉතා විනිවිදභාවයෙන් යුක්ත සිනමා උලෙළක් ලෙස පිළිගැනෙන කොල්කටා සිනමා උලෙළ නියෝජනය කරමින් ලද එම ජයග්‍රහණය ද ලාංකේය සිනමාවේ පෝෂණයට ලද වටිනා ම ඇගයීමක් ලෙස පිළිගත හැකිය.
ලෝක සිනමාවේ සුවිශේෂ අවධානයක් දිනාගත් ඉරාන සිනමා පසුබිමේ තවත් සුවිශේෂ සිනමා උලෙළක් වූ ෆාජර් අන්තර්ජාතික සිනමා උලෙළේදී ද තරගකාරී අංශය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රිවර්ස්ටන් චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ජූරියේ විශේෂ සම්මානය ලලිත් රත්නායක විසින් දිනාගනු ලැබීම සුවිශේෂ සිනමාකරුවකුගේ ගමන් මඟ කියා පාන තවත් සාධනීය අවස්ථාවකි.
තිස් හය වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උලෙළේදී අවුරුදු විසි එකකට පසු තරගකාරි අංශය නියෝජනය කරමින් ප්‍රථම වරට හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය රිවර්ස්ටන් චිත්‍රපටය වෙනුවෙන් ලලිත් රත්නායක යළි දිනාගනු ලැබීම ඔස්සේ එම සිනමා නිර්මාණයේ ඇති විශේෂත්ව මෙන්ම දක්ෂ ලාංකේය සිනමාකරුවකුගේ සුවිශේෂබව ද යළි ලොවට පෙන්නුම් කර ඇත. මෙවර එම උලෙළේ දී එම සම්මානයට අමතරව ප්‍රවීණ රූපණවේදී මහේන්ද්‍ර පෙරේරා විසින් හොඳම රංගන දායකත්වය වෙනුවෙන් ඡඥඵබ නඥපටධපථචදජඥ සම්මානය දිනා ගැනීමත් විශේෂිතය. මින් පෙර ලාංකේය සිනමා නිර්මාණ කිහිපයක් එම උලෙළ නියෝජනය කර ඇති අතර සම්මානයට පාත්‍ර වී ඇත. මෙවර වසර විසි එකකට පසු යළි ලාංකේය සිනමාකරුවකු එහි ඇගයීමට ලක් වීම විශේෂිත ය.
තවද 23 වැනි චෙන්නායි අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගැනීම මෙන්ම පසුගියදා ප්‍රංශයේ පැවැති
ඍඥඵධභත ඪදබඥපදචබඪධදචත ටඪතථ ටඥඵබඪමචත හිදි ආසියානු සිනමා නිර්මාණ වෙනුවෙන් පිදෙන ඉහළ සම්මානයක් වූ ට්ධතඤඥද ජරජතධ සම්මානයෙන් නැවතත් පිදුම් ලැබීම නිර්මාණකරුවකුගේ විශිෂ්ටත්වය මෙන්ම ඒ නිර්මාණය විහිදුවා ඇති ආලෝකය ද ලෝක සිනමා ක්ෂේත්‍රය නිරීක්ෂණය කර ඇති බවට වන කදිම සාක්ෂියක් වන්නේය. මේ සියල්ල බැලූ කළ මෙය මෙරට සිනමාව ජගත් තලයේ අවධානය දිනා ගනිමින් මෑත කාලයේ බිහිවූ ඉතා විශිෂ්ට සිනමා පටයක් බව පැහැදිලි ය.එමෙන්ම සුවිශේෂ සිනමාකරුවකුගේ හැඩය ද ලොව යළිත් නිරීක්ෂණය කළ අවස්ථාවකි.
මෙලෙස අන්තර්ජාතික සිනමා උලෙළ ගනණාවක් නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් රිවර්ස්ටන් චිත්‍රපටය අපේ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් එසේත් නැතිනම් බලාපොරොත්තු සහගත චිත්‍රපටයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමය.
ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ විසින් නිෂ්පාදනය කළ රිවර්ස්ටන් චිත්‍රපටය උදිත ලක්මාල් කහඳවආරච්චිගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළේය. විශේෂයෙන් සිනමා පටයක් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයට අවස්ථාවක් ලැබීම යනු වැදගත් අවස්ථාවක් වශයෙන් සැලකිය යුතුය. උදිත ලක්මාල් කහඳවආරච්චි විසින් ගනු ලැබූ පියවර ඔස්සේ ඉතාම වටිනා නිර්මාණයක් ලෝකයට විවර වූ බව සැලකිය හැකිය.
ලාංකේය සිනමාව අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් කළ රිවර්ස්ටන් චිත්‍රපටය රාජ්‍ය බලය, නීතිය හා සිවිල් සමාජය අතර පවතින දිගුකාලීන හැඩ රුව සියුම් ලෙස දැක හඳුනාගනිමින් කළ සිනමා වියමනකි.
කතා සංකල්පයේ සිට තිර පිටපත රචනා කිරීමෙන් ඇරැඹී, අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ සිට එහි සෙසු වියමන් කොටස් සෑම එකක් පාහේ මනා සංයමයක් ඔස්සේ කර ඇති මනස්කාන්ත සිනමා සිත්තමක් බව ද ප්‍රේක්ෂකයන් විසින් හඳුනා ගනු ඇත.
ලලිත් රත්නායක නම් මේ වෙනස් සිනමාකරුවාගේ මෙහෙයවීම තුළ මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාරඋන්නැහේ, රන්දික ගුණතිලක වැනි ප්‍රතිභාපූර්ණ රූපණවේදීන්ගේ දායකත්වය ද, ප්‍රභාත් රෝෂන් වැනි දක්ෂ සිනමා කැමරා අධ්‍යක්ෂවරයකුගෙන් ලද දායකත්වය ද මේ සිනමා පටයේ සාර්ථකත්වයට විශාල අනුබලයක් වී ඇත.
අපේ අතීතයේ අඳුරු පැතිකඩක් නැවත ප්‍රශ්න කරන මෙම සිනමා පටය ප්‍රේක්ෂකයාට හොඳ සිනමා අත්දැකීමක් යනු කවරේද යන්න හඳුනාගැනීමේ මාවතක් විවර කරනු ඇත.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල
