Home » අඛණ්ඩව AI තාක්ෂණයෙන් ගීත අත්හදා බලනවා

අඛණ්ඩව AI තාක්ෂණයෙන් ගීත අත්හදා බලනවා

- යොවුන් ලේඛක, සංගීත නිර්මාණ ශිල්පී ඔෂාන් ජයවර්ධන

by mavan
January 22, 2026 11:11 am 0 comment

නූතන සංගීත භාවිතාව මුළුමනින්ම පාහේ තාක්ෂණය මත රැඳී පවතී.එය අද කෘත්‍රිම බුද්ධිය හා බද්ධ වෙමින් සාම්ප්‍රදායික ඉම අතික්‍රමණය කර ඇත. එවන් පසුබිමක සිය නිර්මාණ කාර්‍යය ඒධ් තාක්ෂණය සමඟ මුසු කරමින් ඉතා සාර්ථක ස්වතන්ත්‍ර නිර්මාණ ගණනාවක් අත්හදා බැලූ නව පරපුරේ නිර්මාණකරුවකු අපට හඳුනාගන්නට ලැබුණි. නමින් ඔහු ඔෂාන් ජයවර්ධනය. ඔහු සිය සංගීත භාවිතාව පිළිබඳ අදහස් පළ කළේ මෙසේය.

මම මුලින්ම සංගීතය හදාරන්න යොමු වෙන්නෙ ෂර්ලි වෛජයන්ත මහත්මයා යටතේ. ඒ එක්දහස් නවසිය අනූ නවය වසරෙ. බටහිර සංගීතය තමයි මම එතුමා යටතෙ හැදෑරුවෙ.

ගීත ලියන්න අදහසක් තිබ්බෙ නැති මම මුලින්ම ලිව්වෙ නෙතු දැහැනෙන් බොඳව යන්න කියල ගීතයක්. ඒ කාලෙ ගීත කීපයක් ලියාගෙන ෂර්ලි සර්ව හම්බවෙන්න ගියාම එතුමා කිව්ව මේව හොඳ මට්ටමකට ලියල තියෙන ගීත, ඒවා ගායනා කරන්න සුදුසු මට්ටමක තිබෙනවා කියල. ඊට පස්සෙ තමයි මම දිගටම ලියන්න ගත්තෙ. ඒ විදියට ලියපු පළමුවැනි ගීතය තමයි සඳවතියේ කියන ගීතය. ඒ දෙදහස් දහතුනේදී. ඒ වගේම ඒ ගීතය තමයි මාව මියුසික් ෆීල්ඩ් එකේ සැලකිය යුතු මට්ටමකට ඉහළට ගෙනාව ගීතය. ඊට පස්සෙ මම කරපු ගීත කීපයක් ම තිබුණා.

පසුකාලීනව මම ලියන දේවල් ගැන ආපසු හැරී බැලීමක් කරනකොට මේ ලියන දේවල් තව වෙනස් විය යුතු වාගේම අපි ලියන දේවල් අප සන්තකයේ තබාගෙන සිටීමෙන් පලක් නෑ කියන එක මම කල්පනා කළා. ඒ අතරෙ තමයි මම ඒධ් තාක්ෂණය ගැනත් කල්පනා කරන්න ගත්තේ. ඒ කියන්නෙ ඒධ් තාක්ෂණය එක්ක අපේ නිර්මාණ මුසු කරල අලුත් දෙයක් ගොඩ නඟන්න පුළුවන් ද කියන එක. හැබැයි ඒ වෙනකොට ඒධ් තාක්ෂණය සිංහල භාෂාවට සමීපව තිබුණෙ නෑ. ඒ නිසා මට වසර කීපයක් මේ ගැන සමීපව නිරීක්ෂණය කරන්න සිදු වුණා. නමුත් මේ වසරෙ මම නැවත උනන්දු වුණා. ඒ මොහොතේ මට තේරුම් ගියා මේ වන විට ඒධ් තාක්ෂණ ඉසව් ගොඩක් පුළුල් වී ඇති බව. මට නිරීක්ෂණය වුණා අද වෙනකොට අපි අපේ බසින් ලියා දෙන දෙයක් එදාට වඩා ගොඩක් සාර්ථක ව ග්‍රහණය කරගන්න තේරුම් ගෙන අපේ වචන හරියට උච්චාරණය කරන්න හැකියාව ඇති බව. ඒ අවස්ථාවේ අපේ අලුත් නිර්මාණයක් මේ තාක්ෂණය භාවිත කරල හැදුවොත් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ගණනාවක් ඇති බවත් මා වටහා ගත්තා. උදාහරණයක් විදියට මගේ ගීතයක් හදද්දී ඒක හරියට තේරුම් අරන් මට අවශ්‍ය සහය ලබා දෙන්න මේ තාක්ෂණය දැන් කටයුතු කරන මට්ටමට ඇවිත් තිබෙනවා කියන දේ මට වැටහුණා. ගීත රචකයකුට මේක ලොකු අවස්ථාවක්. නව අත්හදා බැලීම් සඳහා හොඳ අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි අඩු පිරිවැයක් යටතේ හොඳ නිර්මාණ ගැන අත්හදා බලන්න මේ නිසා නිර්මාණකරුවකුට ඉඩ විවර වෙලා තියෙනවා.

දෙදහස් විසිපහේ මාර්තු මාසෙ තමයි මගෙ පළමුවැනි ඒධ් ගීත නිර්මාණය එළිදකින්නෙ. මේ වනවිට මම ගීත 270ක් පමණ නිර්මාණය කර තිබෙනවා. දිනකට එක් ගීතයක් බැගින් වගේ සම්පූර්ණ කරන්න ඒ ඔස්සේ මට හැකියාවක් ලැබුණ අවස්ථා තිබුණා. හැබැයි පැහැදිලි ව කියන්න ඕන දෙයක් තමයි මේ කාරණයේදී අපි තාක්ෂණයට වඩා ඉදිරියෙන් ඉඳගෙන මේ වැඩේ කළ යුතුයි කියන එක. ඒ කියන්නෙ හැම දෙයක් ගැනම හොඳ දැනුමක් සහිතව අපි මේ ප්‍රවේශය ගත යුතුයි. සංගීතය පිළිබඳ අවබෝධය මේ කාරණයේදී ඉතා වැදගත්. අපේ පැරැණි සංගීතඥයන්ගේ නිර්මාණ ඇසුරු කරද්දී ඒක හොඳීන් ම තේරුම් ගන්න පුළුවන්. එදා ඉතා සීමිත තාක්ෂණික උපාංග හා පහසුකම් යටතේ පවා ඔවුන් ඉතා සාරවත් නිර්මාණ රසිකයන්ට දීල තිබෙන බව නීරීක්ෂණය කරන්න පුළුවන්. ඒ ප්‍රමිතීන් නූතන තාක්ෂණය ඔස්සේත් ඉතා හොඳීන් භාවිත කරන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලක් ගැන අපට අවබෝධයක් තිබෙන්න ඕන මේ දේවල් කරද්දී. ඒකයි මම කිව්වෙ අපි තාක්ෂණයට වඩා ඉදිරියෙන් ඉන්න ඕන කියලා. අපි කරන දේ ගැන අපිට අවබෝධයක් තිබෙනවා නම් අපට පුළුවන් මේ තාක්ෂණය හොඳීන් ප්‍රයෝජනයට ගන්න. එදා අපේ සංගීතඥයන් හොඳීන් භාවිත කළ අපේ නාද රටා මෙන්ම පර්‍යේෂණීය දේවල් බොහොමයක් මේ ඔස්සේ අත්හදා බලන්න අපට අවස්ථාව තිබෙනවා. මමත් ඒ අත්හදා බැලීම තමා එක්තරා විදියකින් මේ කරමින් ඉන්නෙ. ඒ විදියට මෑතකදී ලස්සනට නිර්මාණය වුණ ගීතයක් තමයි පුංචි කුරුල්ලෝ කියන ගීතය. ඒ වගේම සුවඳ මිසක් හැඩරුව කොහොමද, ශශ්‍රී පාද පියුමේ සුවඳීන් තැවරුණු වැනි ගීත ඒ විදියට හරිම ලස්සනට ඒධ් තාක්ෂණය භාවිත කරමින් අපේ හද ගැස්මේ පවතින නාද රටා සමඟ මුසු කරමින් ගොඩනැගූ සාර්ථක ගීත. ඒ ගීත ශ්‍රවණය කරද්දී ඇත්තටම හිතාගන්න බෑ ඒවා ඒධ් තාක්ෂණය භාවිත කරමින් කළ නිර්මාණද කියල. එතරම් ම ඒව අපේකමට හුරුයි.

මගෙ අරමුණ වුණේ මේ වගෙ නිර්මාණ එකතුවක් කරල තබන්න. අද නැතත් කවද හරි මිනිස්සු මේව අහයි විඳීයි කියන බලාපොරොත්තුව වගේම අනාගත පරපුර මේව අහයි විඳීයි කියන බලාපොරොත්තුව මට තියෙනවා.

එක අතකින් මේක ඉලක්කගතව කෙරෙන නිර්මාණ කාර්‍යයක්. මම ලියන, සංගීතය නිර්මාණය කරන හැම ගීතයක්ම මිනිසුන්ට අසන්ට සැලැස්වීම මගේ මූලික පරමාර්ථයක්.

බටහිර, පෙරදිග දෙක්‍රමයේම සංගීත රටා මගෙ නිර්මාණවලට යොදා ගැනීම තවත් විශේෂත්වයක්. මොකද මම හිතනව නිර්මාණකරුවකු මේ හැම ක්‍රමයක් තුළම සැරිසැරිය යුතුයි කියන එක. හොඳම උදාහරණයක් ඒ.ආර්. රහුමාන්. ඔහුගේ නිර්මාණ ඇතුළෙ ඔහු කොපමණ ඉසව්වල ඇවිද යනවාද කියන එක අපට ඒව ඇසුරු කරද්දී පැහැදිලි වෙනවා. මමත් එබඳු අත්හදා බැලීම් කරන්න ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. විශේෂයෙන් මේ ඒධ් තාක්ෂණය යොදාගෙන. මම හිතනවා මේ වෙද්දී මම සෑහෙන දුරකට සාර්ථකයි කියා.

ඩිජිටල් වේදිකාවක් ඔස්සේ මගේ පළවෙනි ගීත පොත නිකුත් කළේ දෙදහස් විසි හයේ ජනවාරි පළමුවැනිදා. ඹචබබනචඤ කියන ඩිජිටල් ඡධධඬඵබධපඥ එක ඔස්සේ ඊ පොතක් වශයෙන්. ‘තරු වැටෙනා රැයක් පුරා’ කියල. එය මේ වනවිට නරඹන පිරිසගේ ප්‍රතිචාර අනුව රන් ලාංජනය ද ලබා ගෙන තිබෙනවා. මගේ දෙවැනි ගීත පොත නිකුත් කළා ඒ විදිහටම ජනවාරි දාහත් වැනිදා ‘සකද මල’ නමින්. මේ නිර්මාණ ඔක්කොම ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ රසිකයන්ට අසන්නට සලස්වා තිබෙනවා. නිර්මාණකරුවකු විදියට නූතන ඒධ් තාක්ෂණය භාවිත කරමින් අපේ නිර්මාණ විවිධ හැඩතල ඔස්සේ කෙසේ ගොඩනැඟිය හැකිද යන්න පෙන්වන්න මේ නිර්මාණ සියල්ල ඔස්සේ මම උත්සාහ කර තිබෙනවා.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT