පුන් සඳක් සදිසි වතක් ඇයට හිමිය. ඉරඉටු තරුව ටෙලි සිත්තමින් කලා අඔරේ පෑයු මේ තාරකාව සැණෙකින් දැල්වී එසැණින් නිවී යහ තරු අතරේ නොනිවි දැල්වෙන්නේ ය. එ තාරකා දිස්නයෙන් එහා ගිය සුවිශේෂි ගුණාංගයන් සතු නිසාමය. පුංචි තිරයද රිදි තිරයද එක ලෙස ජය ගන්නට ඕ සමත් වුයේ එබැවිනි.
සුකොමළ ලාලිත්යායට නොදෙවෙනි ඇගේ ප්‍රතිභාන්විත රංගන කෞශල්‍ය ඇය පණපෙවු, එකිනෙක විවිධ වු සෑම චරිතයකට පහේ සාධාරණයක් ඉටු කරන්න සමත් විය. ප්‍රේක්ෂක හදවතේ සදාතනික මතක සටහන් සනිටුහන් කරන්නට එකී රංගන භුමිකා වලට හැකිවුයේ මේ නිසාම ය.
එහි තවත් හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ ජාතික රුපවාහිනියේ මේ දිනවල වන දිස්නා කුමාරි අල්විස් හි ඇය පණපොවන ප්‍රධාන රංගභුමිකාවයි. ඊට ලැබෙන සුවහසක් රසික ප්‍රතිචාර, විශිෂ්ට කලා නිර්මාණයක් ලෙසින් එය වැලඳගෙන ඇති බව අපට හඟවයි. ඊඩඥ ඹ්චඬඥ හි නිෂ්පාදිකාව මෙන්ම එහි අභියෝගාත්මක රංගනයක තිරගතවන ප්‍රවීණ රංගනවේදිනී සේමිණි ඉද්දමල්ගොඩ සමඟ සරසවිය පැවැත්වු සොඳුරු පිළිසඳරයි මේ.
ඉතිං කොහොමද ඔබේ දවස් ගත වෙන්නේ ?
ඊඩඥ ඹ්චඬඥ එක්කයි කාලය ගනවෙන්නේ මේ දිනවල එහි රුගත කිරිම් සඳහා බෙලිහුල්ඔය ඇවිත් ඉන්නේ.
ඔබ බොහෝ චරිත සමඟයි ප්‍රේක්ෂකයන් අතර පැමිණෙන්නේ ඔබේ චරිතයත් සමඟ කොහොමද මේ අභියෝග ඔබ ජයගන්නේ ?
ඔව් ඇත්තේන්ම මේ චරිත හරහා අපි ආමන්ත්‍රණය කරන්නේ ජනතාවට ඒ චරිතය ට පණපොවන්න අපේ හැදැරිම, අපේ කැපවීම අත්‍යවශයයි. මා රඟපෑ චරිත අතර එයා දෑන් බැඳලාහි සුද්දිගේ චරිතයත්, යකඩ පිහාටු වල සුරංගිගේ චරිතයත් සිනහව අතරින් චිත්‍රපටයේත් මා රඟපෑ චරිතයත් එක්තරා අතකින් අභියෝගාත්මක. චරිත. රසිකයන්ට ඒවා අදත් මතකයේ තිබෙන්නේ ඒ නිසා වෙන්න අ්ැති.
The Lake ඔබේ භූමිකාව පිළිබඳ කතා කරමු
මා එහි පණපොවන්නේ රදැල්ලේ අම්මා නොහොත් රුක්මණිගේ චරිතයයි. ඇය ළමා කාලයේ ඉතා දරුණු දුක්ගැහැට වලට මුහුණ දුන්නු යුවතියක්. ජීවිතයට දිරිමත්ව මුහුණ දෙන ගැහැනියක්. අවසානයේ රුදැල්ලේ අම්මාගේ ඉරණම කුමක්ද කියා දැනගන්න ඒ කුතුහලය සමඟ The Lake නරඹන්න කියා කියනවා.
ඔබේ වෙනත් කලා නිර්මාණ මොනවාද?
සුනිල් ආරියරත්න සර්ගේ අලුත් චිත්‍රපටයක් එහි රඟපානවා.
රංගනවේදිනියක් සේම ඔබ ආදරණිය බිරිඳක් සහ මවක්. ඔබේ සොඳුරු පවුල ගැනත් කියන්න
මගේ ආදරණිය සැමියා ධම්මික ඉද්දමල්ගොඩ ඔහු පොලිසියේ රාජකාරි කරනවා. දියණිය උසස් අධ්‍යාපනය හදාරමින් රැකියාවක ද නිරත වෙනවා. සුන්දර විදියට ජීවිතේ ගලාගෙන යනවා.
මෙතෙක් ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?
මේ වනවිට වසර 20 කට වැඩි කාලයක් කලාව සමඟ රැදී සිටියා. ඒ ලැබෙන රසික ආදරය එදා වගේමයි අදත් එහෙමයි. මා රඟපෑ චරිතවල නමින් මා අමතන රසිකයන් හමුවෙනවා. ඉතිං ලොකු සතුටක් දැනෙනවා.
කලාකරුවා සමාජයේ පෙර ගමන් කරුවා ලෙස හඳුන්වනවා.
ඔබත් වරෙක අ.පො.ස සා පෙළ සමත් දරුවෙකුට ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කරනවා. මේ සමාජ සංවේදිකම ගැනත් අපි කතාකරමු
ඔව් අපි හැමෝම සමාජ ජාලයකින් එකිනෙකාට බැඳී තිබෙනවා. ජීවිතයේ කෙනෙකුට අපි ගොඩයන්න සවියක් වුණොත් ඔහු හෝ ඇය තවත් කෙනෙකුට හෙට සවියක් වෙනවා නම් සමාජයක් ඉදිරියට යන්න එය මහෝපකාරි වෙනවා. අපි තවත් කෙනෙකුට සිනහවකින් හෝ සංග්‍රහ කරනවා නම් එය ජීවිතයට උත්තේජනයක් බවට පත්වේවි. අපිට හැකි ලෙස අන් අයට කරන උපකාරය තුළින් ලැබෙන සතුට කවදා හෝ අපේ හදවතේ ඉතිරි වෙනවා.
ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීයක ලෙස ආධුනික ශීල්පින්ට ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද
ඇත්තටම හොඳ ඔළුවක් තිබෙන්න ඕනෑ මේ ක්ෂේත්‍රයේදි. අපට විවිධ සමාජ තල සමඟ ගනුදෙනු කරන්න සිදුවෙනවා ඊට සවිමත්ව මුහුණ දෙන්න ඕන. ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයක් මේ ගමන යන්න අවශ්‍ය බවයි මගේ හැඟීම.
ඔබේ රසික රසිකාවන්ට ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?
The Lake නරඔන්න. ශ්‍රී ලංකික ප්රේක්ෂයන්ට එය අලුත් අත්දැකිමක්. නැවුම් ආශ්වාදයක්. ඒ වගේම ඔබේ ප්‍රතිචාරත් දැනගන්න ආසාවෙන් ඉන්නවා.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
හොඳ නිර්මාණ වලට දායක වෙන්න කැමැතියි.
එකි අපේක්ෂාවන් මල්ඵල දරමින් සොළොස් කලා පිරි පුර සඳත් සේම කලා අඹරේ චිරාත් කලක් දිදුලන්නට අප සරසවිය සුවහසක් පාඨකයන් සමඟ ඔබට සුබ පතන්නෙමු.
දිස්නා කුමාරි අල්විස්
