සංජීව පෙත්තාවඩු, බුවිනාත් අමුගොඩ, අර්චනී හීන්දෙණිය සහ සොඳුරු ලොකුපෝතාගම විසින් අධ්‍යක්ෂණය කළ Behind the welcome, Replica , Mystic Clouds සහ The Mask චිත්‍රපට හතර දෙසැම්බර් 29 වෙනිදා සවස 4.00 ට මහරගම Amity Lite සිනමා ශාලාවේදී තිරගත වේ. මෙම අධ්යක්ෂවරුන් සිව්දෙනා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්‍යාර්ථීන් තිදෙනෙකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනි උපාධි පාඨමාලාවේ විද්‍යාර්ථියන් වීම විශේෂත්වයකි.
මින් Behind the welcome සිනමාපටය 14 වෙනි පූනේ කෙටි චිත්‍රපට උලෙළෙ සහ 2024 සහ ක්වාලාලම්පූර් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ දී නිල තෝරා ගැනීමට ලක්වී ඇත. The Mask කෙටි චිත්‍රපටය NSBM youth film festival 2023 හි හොඳම පිටපත සහ Jaffna International Cinema festival 2024 හි නිල තෝරා ගැනීමට ලක්ව ඇත.
එකිනෙකට වෙනස් වූ ශානරයන්ගෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපට හතරෙහි පුබුදු චතුරංග, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණී ඉද්දමල්ගොඩ, ජගත් චමිල, චුලක්ශී රණතුංග, සුලෝචනා වීරසිංහ, ජයනාත් බණ්ඩාර, උපේක්ෂා ස්වර්ණමාලි, සහ රුවන් වික්‍රමසිංහ රංගනයෙන් දායක වී ඇත. මෙම කෙටි චිත්‍රපට උලෙළට අනුග්‍රාහකත්වය Movie Works (PVT) Ltd වෙතිනි.
