වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
උස මදිවෙලා

රංගන ශිල්පිනි නුවන්ගි ලියනගේ පසුගිය දවසක ක්ෂේත්රයේ රංගන ශිල්පිනියක ගේ උපන්දින සාදයකට සහභාගි වෙලා තියෙනවා.
ආරංචි විදිහට නම් සාදය තිබුණෙ මොරටුව පැත්තේ හෝටලයකයි. කොහොම වෙතත් එතැනට පැමිණි රංගන ශිල්පියෙක් වන ටොනි බෝයිට නුවන්ගිට හාද්දක් දෙන්න අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. මධුවිත එක්ක වෙනම ලෝකයක් දැක්ක ටොනි එතන හිටපු රංගන ශිල්පිනියන්ගෙන් ලස්සනම රංගන ශිල්පිනිය ලෙස දැකලා තියෙන්නේ නුවන්ගි ලියනගේයි. නුවන්ගි එක්ක ශම්මිත් ඉඳලා තියෙන නිසා ටොනිගේ බලාපොරොත්තු බිඳ වැටෙයි කියලා ටොනි හිත ඇතුළෙන් දුක් වුණා කියලා තමයි ළඟම හිටපු මිත්‍රයකුට කියලා තියෙන්නේ.
කොහොම වෙතත් එකිනෙකාට සුබපතා ගන්නා මොහොතකදී ටොනිට අවස්ථාව උදාවුණත් උස ගැටලුවක් නිසා ටොනිට හාද්දක් දෙන්න අමාරු වෙලා කියලයි ආරංචිය. එතන හිටපු යාළු හිත මිත්‍රාදීන් කියලා තියෙන්නෙ මේ ආත්මෙ බැරි වුණ නිසා ලබන ආත්මයේ හරි උස යන්න කියලා පොල් පැල පූජා කරන්න කියලයි.