වර්ෂ 2022 ක්වූ May 24 වැනිදා Tuesday
බයිස්කෝප් කතා ග්රන්ථයක්
ජනවාරි 13, 2022

ජයරත්න ගලගෙදර විසින් යූ ටියුබ් අවකාශයට ගෙන ආ බයිස්කෝප් කතා වැඩ සටහනේ රසවත් කතා 35ක් අලළා රචනා කළ බයිස්කෝප් කතා 35 ග්රන්ථය පසුගියදා එළිදැක්විණ. රිදී තිරයේ මෙතෙක් නොදුටුව රසවත් කථා යනුවෙන්, තේමාව නම් කොට ඇති මෙය කතුවරයාගේ ප්රථම ග්රන්ථයද වේ. රංගන ශිල්පියකු ලෙසද කටයුතු කරන ජයරත්න ගලගෙදර වර්තමානයෙහි ස්කෝප් සිනමා ආයතනයේ අලෙවි හා නිෂ්පාදන කළමනාකරු ලෙසට ක්රියා කරනු ලබයි.