Home » රහසක් සදාකාලික නැත ධර්ම යුද්ධය -2

රහසක් සදාකාලික නැත ධර්ම යුද්ධය -2

by mavan
January 15, 2026 1:01 am 0 comment

2017 වසරේ තිරගත වූ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ දිගුවක් ලෙසින් මෙහි තිර පිටපත ලියැවී ඇත.

හරිස්චන්ද්‍ර විසින් ෂේන් සමරනායකගේ සිරුර අලුතෙන් ඉදිවන පොලිස් ගොඩනැගිල්ලේ වළලා දැමූ දින රාත්‍රියේ ගජේන්ද්‍ර නම් පුද්ගලයා විසින් මිනීමැරුමක් සිදුකර බලධාරීන්ගෙන් මිදී පලායන අතරවාරයේ ඉදි වෙමින් පවතින ගොඩනැගිල්ලක් පිටුපස සැඟවී සිටියදී, හරිස්චන්ද්‍ර එහි සිට යන අයුරු ඔහු දකී. එම සිදුවීමෙන් වසර අටකට පසුව හරිස්චන්ද්‍ර ඇතුළු පවුල යට ගියාව අමතක කර සතුටින් ජීවත්වෙති.

ඒ වන විට සිනමා ශාලාවක් සහ වෙනත් ව්‍යාපාර හිමි හරිස්චන්ද්‍ර චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට සූදානම් වෙයි. කලකට පසුව ගජේන්ද්‍ර හිරෙන් නිදහස්ව පැමිණෙයි. හරිස්චන්ද්‍රගේ නඩුව තව දුරටත් විභාග වෙමින් පවතින බව දැනගන්නා ගජේන්ද්‍ර තමා දුටු සියල්ල පොලිසියට හෙළි කරයි. එම සාක්ෂියත් සමඟින් යළි ඇරඹෙන විමර්ශන කටයුතුවල ප්‍රගතිය ධර්ම යුද්ධය -2 තුළින් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එනු ලබයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අරුණ ජයවර්ධන, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳව ද උපාධිධාරියකු වෙයි. එසේම ජාතික තරුණ සේවා සභාව තුළින් රූපවාහිනි සහ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව, මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් වන සිරස ආයතනයට එක් වී එහි වසර 14 සේවා කාලයක් ද , පසුව හිරු රූපවාහිනී නාලිකාවට එක්ව ගෙවූ සේවා කාලය තුළ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හා වැඩසටහන් කළමනාකරුවකු ලෙස එම ක්ෂේත්‍රයන්හි වසර විස්සක සේවා කාලයක් නිමවා ඇත. ඔහුගේ සිනමා ගමන් මග ආරම්භ වනුයේ 2009 වර්ෂයේ තිරගත වූ ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කිරීමෙනි. ඉන් අනතුරුව ‘නිකිණි වැස්ස’ ( 2013), ‘හැපි බර්ත් ඩේ’ (2022), ‘1970 ලව් ස්ටෝරි’ (2024), “මාරියා”( 2025) යන චිත්‍රපටය නිර්මාණය කරමින් තිරගත කර ඇත. පුංචි තිරය තුළින් ‘සක්කාරං’, ‘සල්මල් ආරාමය’, ‘ඕ.කේ බොස්’, ‘රස රහසක්’, ‘මාරම්බරි’ සහ ‘මාස්ටර් සර්’ වැනි ටෙලි නිර්මාණ. ප්‍රේක්ෂකයා අතරට ගෙන ආ ඔහු, ගීත රචකයෙකු මෙන්ම ප්‍රවීණ තිර පිටපත් රචකයෙකු ද වෙයි. විවිධ රූපවාහිනි නාලිකාවන් තුළින් විකාශනය වූ ‘රැල්ල වෙරළට ආදරෙයි’ , ‘සිදාදියේ සමනලියක්’, ‘හිච්චි’, ‘රොන් සොයා’ වැනි ටෙලි නාට්‍යයන් හී මෙන්ම, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘යාත්‍රා’ චිත්‍රපටයේ ද තිර පිටපත් රචකයා ලෙස කටයුතු කර ඇත.

රංගන දායකත්වය

බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුම් වින්සදී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, මව්ලි ෆර්ඩිනැන්ඩු, නලින් ලුසේනා, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, කසුනි කාවින්ද්‍යා, හර්ෂිකා රත්නායක, කලණ ගුණසේකර, ආරියසේන ගමගේ, තිලක්ෂණී රත්නායක, ඉරේෂ් ලක්මාල්, නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – අරුණ ජයවර්ධන
නිෂ්පාදනය – මහ රාජා මාධ්‍ය ජාලය
විධායක නිෂ්පාදනය -යසරත් කමල්සිරි
රේඛීය නිෂ්පාදනය-ධර්ම ශශ්‍රී බණ්ඩාර ඒකනායක
කැමරා අධ්‍යක්‍ෂණය- චන්න දේශප්‍රිය
අනුවර්තනීය තිර රචනය සහ නිෂ්පාදන සැලසුම්කරණය -සුනෙත් මාලිංග ලොකුහේවා
සංස්කරණය සහ වර්ණ සංයෝජනය- ශාන් අල්විස්
ශබ්ද පරිපාලනය -සශින් ගිම්හාන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
ගී තනු නිර්මාණය සහ පසුබිම් සංගීතය – කේශාන් පෙරේරා
සහය අධ්‍යක්ෂණය – රන්ජන් ප්‍රසන්න
විශේෂ ප්‍රයෝග සජීවීකරණය -කසුන් චන්ද්‍රනාත් පතිරණ
නිෂ්පාදන කළමනාකරණය -මෝහාන් රාමනායක
නිෂ්පාදන සම්බන්ධීකරණය -මංජුල යටවතුර
අංග රචනය – ප්‍රියංකර රත්නායක
ගීත රචනය – වසන්ත දුක්ගන්නාරාල අංජලී බුදවත්ත ජයවර්ධන
ගීත ගායනය – බිමල් ජයකොඩි,රශ්මිත විජේරත්න, තිමොති ඊෂාක්
තේමා ගී තනුව සහ සංගීතය -රවි හාන්ස් වැටකේපොත
කොණ්ඩා සැකසුම – සන්තූස් නිමේෂ
ඇඳුම් නිර්මාණය- නිවර්තනා මාන්නගේ
නිශ්චල ඡායාරූපකරණය-ඉන්දික මල්ලවාරච්චි
බෙදාහැරීම – එම් .එන්ටර්ටේන්මන්ට්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT