ඒකා රජ වෙලා 29 කළුතරදී

අප්‍රේල් 27, 2023

සරත් කුමාර තිර පිටපත ලියා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන ‘ඒකා රජ වෙලා’ වේදිකා නාට්‍ය 29 වැනි දා උදේ සහ සවස කළුතර නගර ශාලාවේදී වේදිකා ගත කෙරේ.

අංග රචනය රේණුකා දමයන්ති, පසුතල නිර්මාණය සමන් රිජ්වේ, ආලෝකකරණය මෝහාන්, ගේය පද හා ඇඳුම් නිර්මාණය සරත් කුමාර හා සංගීතය ජීවන් හඳුන්නෙත්තිගෙනි. රියෙන්සි වීරරත්න, ජයනෙත්ති රූපසිංහ, දයානන්ද හේවගේ, උදය කුමාරි, සරත් කුමාර, රේණුකා දමයන්ති, කාන්ති පතිරණ, නිලූ විතානගේ රංගනයෙන් එක්වෙති.