වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
‘දූවිලි’ 31දා
ජනවාරි 26, 2023

ප්‍රවීණ නාට්‍යවේදී ආර්.ආර් සමරකෝන්ගේ දූවිලි වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස රම්‍යා වනිගසේකර අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් ජනවාරි 31 සවස එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කෙරේ. වසන්ත විට්ටච්චි, රම්‍යා වනිගසේකර, ජයනාත් බණ්ඩාර, නිලුකා රේඛානි, මහේන්ද්‍ර වීරරත්න, අංජුලා රාජපක්ෂ, රවීන්ද්‍ර මාපිටිගම, තරංග බණ්ඩාර, සංගීත් ප්‍රභූ, අනුෂා දිසානායක, සුදර්ෂණී ගැලනිගම රංගනයෙන් දායක වෙති. වසන්ත විට්ටච්චි වේශ නිරූපණයෙන් ද, සත්‍යප්‍රිය විජේසිංහ රංගාලෝකයෙන් දායක වන මෙහි නිෂ්පාදන කළමනාකරණය මංගල ප්රනාන්දුගෙනි.