වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
අභියෝග මං ජීවිතය ජයගත්තා
මනීෂා ශ්‍යාමලී කොහොමද මේ දවස්වල කලා තොරතුරු?
සුපුරුදු විධියට වැඩකරගෙන පාඩුවේ ඉන්නවා. ගිහාන් රෝහණගේ ‘ඇට්ටරයෝ’ ටෙලි නාට්‍යයේ රඟපෑමේ කටයුතු වල නියැළී හිටියා. කොටස් පණහක හැටක ළමයින් සම්බන්ධ කතා තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක්. වරකපොළ ප්‍රදේශයේ තමයි රූපගත කිරීම් සිද්ධ කළේ. මම මෙහි අම්මා කෙනෙක්ගේ චරිතයට තමයි පෙනී සිටියේ තව රූගත කිරීම් වගයක් ඉදිරියේ කරන්නත් තියනවා. ඊට අමතරව ළඟදීම පටන් ගන්න නියමිත ටෙලි නාට්‍ය දෙකක් සඳහාත් එක් චිත්‍රපටයක් සඳහාත් මට ආරාධනා කරල තියනවා. ‘කුණ්ඩල කේෂී’ වේදිකා නාට්‍යයේත් මම මේ දවස්වල රඟපානවා එහි සිටු දේවියට. දැනට නාට්‍ය දර්ශන කීපයක්ම වේදිකා ගත වුණා. ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් ගැන කතා කරන ඉතාලි පරිවර්තන කෘතියක් ඇසුරුකොට නිර්මාණය කළ කඩුවක් සමඟ නඩුවක් වේදිකා නාට්‍යයේත් මේ වනවිට පුහුණුවීම් කටයුතු කරමින් ඉන්නවා.
මනීෂා වේදිකාව තුළ පේ‍්‍රක්ෂක නෙත ආකර්ෂණය කරගත්තේ මොන නිර්මාණයන් සමඟ ද?
වේදිකා නාට්‍ය පහළවක විතර මම මේ වනවිට රඟපාල තියනවා. ඒ අතරින් ඇන්ටන් ජූඩ්ගේ ‘සකිසඳ මඬල’ නාට්‍යයෙන් මම පේ‍්‍රක්ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රය වුණා. දේශපාලනය ගැන යම් කිසි දෙයක් කතා කරපු ප්‍රහසනාත්මක නාට්‍යයක් තමයි සකිසඳ මඬල. මෙහි වේදිකාව පුංචි තිරය සිනමාව ජයග්‍රහණය කළ ප්‍රවීණ රංගශිල්පීන් බොහොමයක් මෙහි රඟපෑවා. බොහොම විනෝදකාමී බවක් පසුබිම් වූ නාට්‍ය නිර්මාණයක් තමයි ‘සකිසඳ මඬල’ නාට්‍ය නිර්මාණය. පේ‍්‍රක්ෂකයාට ආනන්දය ප්‍රඥාව ලැබුණු මටත් යමක් ඉගෙන ගන්න ලැබුණු නාට්‍යයක් තමයි ඒක.
ඇන්ටන් ජූඩ්ගේ අභාවයත් සමඟ සකිසඳ මඩල ඔබ අරගෙන ප්‍රදර්ශනය කරන්නත් සුදානමක් තිබුණා නේද?
මම බොහොම කැමැති නාට්‍යයක් මේක. අපි දර්ශන වාර පනහක් පවත්වා ඉන්නකොට තමයි ඇන්ටන් ජූඩ් අපි අතරින් වෙන්වෙලා ගියේ. ඊට පස්සේ එතුමන්ගේ බිරියට ආර්ථික වශයෙන් ශක්තියක් එක් කරලන්ට ඇගේ කැමැත්ත පරිදි මේ නාට්‍ය වේදිකා ගත කරන්න සැලසුම් කළා. නමුත් නාට්‍යයකට සම්බන්ධ වී සිටි ශිල්පීන්ගේ කාර්ය බහුලත්වය නිසාම මගේ ඒ උත්සාහය ව්‍යර්ථ වුණා.
ඔබ මේ වන විට කලාදිවියේ කුමන ඉසව්වද පසු කරන්නේ?
1996 වසරේ තමයි මම කලාවට හා පුරා කියා සම්බන්ධ වන්නේ. මේ වන විට දශක දෙකකට වැඩි කාලයක් කලාවේ නියැළී ඉන්නවා. ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යය මුලින්ම රූපගත කිරීම් සිදුකළේ මගේ පාසල වූ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ. එතකොට මම එහි ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යාවක්. මම පාසලේ නාට්‍ය හා රංග කලාව හැදෑරු ශිෂ්‍යාවක්. එහිදී මට අවස්ථාවක් උදා වුණා. ‘ගොළු හදවත’ නිර්මාණයට සුළු චරිත සඳහා දායක වෙන්න. පාසල් ශිෂ්‍යයෙක් විධියට ඒ ආ ගමන් මඟ තමයි මම තවමත් මේ යන්නේ.
මනීෂා මොස්තර නිරූපණ ශිල්පිනියක්?
උසස් පෙළ අවසානයත් සමඟ මම මෝස්තර නිරූපණ පාඨමාලාවක් කළා බෞද්ධ කාන්තා විද්‍යාලයේ. එහි තිබුණා ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත තරඟයක්. ඒ සඳහා මමත් මෝස්තර නිරූපණ තරඟවලිය නියෝජනය කළා. එයින් ජයග්‍රහණය ලැබීමත් සමඟ නැවත කලාවේ දොරටු විවර වෙනවා මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස 1996 දී තරුණි පත්තරයේ මුල් කවරය මගේ රුවින් හැඩවුණා. ඒ තමයි මගේ ඡායාරූපයකින් පුවත්පත් කවරයක් හැඩ වූ මුල්ම අවස්ථාව.
කලාවේ ඇසු පිරූ තැන් සොයා යාම ඇරඹෙන්නේ කොයි ආකාරයෙන්ද?
කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් මම හඳුනාගෙන තිබුණා. පාසල් කාලයේත් මම වේදිකා නාට්‍ය වල රඟපෑවා. මගේ මාමා ගමේ පොල් කොට වේදිකාවේ රජකතා වෙසක් නාට්‍ය කළා. ඒවායේ මම රඟපෑවා. ගමේ නාට්‍ය සංවිධායක වුණෙත් මගේ මාමා. රූපවාහිනියේ මුතුහර ළමා සමාජය හරහාත් මට ලොකු ශක්තියක් ලැබුණා. කලාවේ නැගී සිටි මට පාසල් අධ්‍යාපයෙන් පසු නැවතත් මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ එක වහලක් යට නිර්මාණයේ. ටික කලක් මම විදෙස් ගත වෙලා ඉදල නැවත ලංකාවට ඇවිත් 2002 වසරේ තමයි නැවත රංගනයට අවතීර්ණ වුණේ.
සිනමා නිර්මාණ තුළින් ඔබේ රංගනය කල එලි බසින්නේ?
උදයකාන්ත වර්ණසූරියගේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයත් සමඟ. ඊට පස්සේ මම චිත්‍රපට දහයක විතර රඟපෑවා. ඒ සියල්ලේම වගේ මගේ රංගනය එක් වුණේ සුළු චරිත හැටියට.
වේදිකාව, පුංචි තිරය, සිනමාව එක් වූ ත්‍රිත්ව මාධ්‍ය තුළ ඔබ වඩාත් කැමැති මාධ්‍ය?
අදත් හෙටත් මතුවටත් මම කැමති එකම මාධ්‍යය සිනමාව. සිනමාව තුළ ලොකු ගමනක් යන්නට මට නොලැබීම ගැන මටත් ප්‍රශ්නයක්. ඒකට හේතුව මමත් හොයමින් ඉන්නවා. කවුරුන් මාව හමුවුණාම කියන්නේ සිනමාවට උචිත ප්‍රතිරූපයක් මට තියනවා කියලා. නමුත් මම හිතනවා මම සිනමාවට අවතීර්ණවන කාලයේ සිනමාවේ බිඳවැටීමක් තිබුණු කාල වකවානුවක්. ඒ අවධියේ ඉහළින්ම වැජඹුණේ ටෙලි නාට්‍ය කලාව. කලාවේ වෙනයම් හෝ දෙයක් කරන්න කුමන ක්ෂේත්‍රයකට හෝ සම්බන්ධ විය යුතුයි. ඒ නිසා ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණා. සිනමාවට මම කැමති වුණත් මට ලැබුණු සිනමාපට දිහා බලපුහම මට ලොකු තෘප්තියකුත් නෑ. කරන්න ඕනෙ නිසා මම කරපු දෙයක් පමණයි සිනමාව තුළ මගේ පැත්තෙන් තියෙන්නේ.
ඔබට සිනමාව අදටත් හීනයක්?
මට දැනුණු චරිතයක්. අදටත් සිනමාවේ ලැබිල නෑ. යමක් කමක් කරන්න පුළුවන්. චරිතයක් මෙතෙක් නොලැබීම ගැන යම් දුකක් මට තියනවා.
සිනමාවේ දැනෙන චරිතයක් ලැබෙන තුරු බලා සිටින නිළියක්ද ඔබ?
දැනෙන චරිත ලෙස ඔබ අදහස් කරන්නේ? ලාංකීක සමාජයේ කාන්තාවට මේ සමාජයේ වන අසාධාරණය දිරියෙන් ජීවිතය දිනන ගැහැනියකගේ චරිතය ගැන සමාජයට ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ චරිතයක්. චරිතාංග නිළියක් ලෙස කරන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නවා. නමුත් අධ්‍යක්ෂකවරු මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න මැළිවෙලා ද කියලත් මට හිතෙනවා.
ටෙලි නාට්‍ය රංගනයන් තුළ ඔබ වඩාත් කතාබහට ලක් වූ නිර්මාණයන් මොනවාද?
ගොඩාක් තියනවා ඒ අතරින් අතිශයින් ජනපි‍්‍රයත්වයක් ලැබුණා. නාලන් මෙන්දිස්ගේ දූවරු ටෙලි නිර්මාණයට ඊට අමතරව පබා, රන්තරු ටෙලි නාට්‍ය.
මනීෂා ක්ෂේත්‍රයට එන කාලයේත් අද වර්තමානයේත් ටෙලි නාට්‍ය කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?
හැම ක්ෂේත්‍රයකටම කාලෙන් කාලෙට මිනිස්සු එනවා යනවා. හැමෝටම හැමදාම එකම තැන ඉන්නත් බෑ. ජනපි‍්‍රයත්වය එකසේ රැකගන්නත් බෑ. කියන තැන මම ඉන්නවා. විවිධ දක්ෂතා අනුව චරිත ලැබෙනවා. නොලැබෙනවා. අලුත් පරම්පරාවෙත් දක්ෂයෝ ඉන්නවා. පොඩි පොඩි අඩු පාඩු හදාගෙන සාමුහික ගමනක් අපි යන්න ඕනෙ කියන තැන තමයි මම ඉන්නේ.
අද තියන තිබ්බ ගැහුවා කියන නිර්මාණකරණය ගැන මොකද හිතෙන්නේ?
එක එල්ලේ දොස් කියන්නත් එකඟ වෙන්නත් අපට බෑ. අද තියන ආර්ථික ප්‍රශ්නය එක්ක බජට් එක ගැන හිතන්න වෙලා තියෙනවා. නිෂ්පාදන පිරිවැය අධික වෙලා තියනවා. නිර්මාණ ගුණය ගිලිහිලා ගිහින් අඩු මුදලට ප්‍රතිඵල හොයන්න ගිහින් අවර ගණයේ නිර්මාණ බිහි වෙන්න පටන් අරන් තියනවා. ප්‍රවීණ ශිල්පී - ශිල්පීනියන් වෙනුවට ආධුනික ශිල්පීන් යොදාගැනීම තුළ රසඥතාවය යම්තාක් දුරට අඩුවෙලා තියනවා. පේ‍්‍රක්ෂකාගාරය ගිලිහී යන්නට පටන් අරන් තියනවා ඒකයි. අද තියන ඛේදජනක තත්ත්වය.
ක්ෂණික පිටපත්කරණය තුළ හොඳ නිර්මාණ බිහි කරන්නේ කොහොමද?
සුළු තරයක් පිටපත අනුව නිර්මාණ කරද්දී බහුතරයක් ක්ෂණික පිටපත් මත නිර්මාණකරණය අද සිද්ධ කරනවා. සමහර නිෂ්පාදන කණ්ඩායම් නිෂ්පාදන ආයතන පෙර පරිදිම උත්සාහයක නියැළෙනවා. ස්ක්‍රිප්ට් එක කලින් දීල සාමුහිකව කතා කර හොඳ ගණයේ නිර්මාණ කරන්න උත්සාහගන්නවා. පිටපත ක්ෂණිකව ලැබුණත් අපි උත්සාහයක නියැළෙනවා ඒ ලැබෙන දේ කියවල මගේ චරිතය සමඟ යන චරිතය පිළිබඳ කතාබහක නියැළෙන්න. රඟපානවා කියන දේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කණ්ඩායමක් ලෙස සාමුහිකව එකතු වී බොහොම ආදරයෙන් කළ යුතු දෙයක් එවිට නිර්මාණය හොඳ හැටි ගොඩනඟන්න පුළුවන්.
මනීෂා අද වෘත්තීමය නිළියක් වෙලාද?
නෑ. මම කලාවට අහම්බෙන් ආවේ නෑ. හොබී එකක් විධියට මම කලාව කරන්නේ නෑ. වෘත්තීය විධියට කරන්න කැමති වුණත් අපේ රටේ ඒක අපහසුයි. ඒකයි ඇත්ත කතාව. මේ වෘත්තියේ යෙදිල ඉන්න අයට වෙනත් මාර්ග හොයාගන්න වෙනවාමයි. අපි දියුණු වෙමින් පවතින රටක් නිසා. රංග ශිල්පියෙක් ශිල්පිනියක් මේ සමාජ රටාව තුළ නියැළී මෙන්ම යමක් ගොඩනඟාගත යුතුයි. මමත් අද වෙනත් වෘත්තීයක නියැළෙනවා. නිමි ඇඳුම් ව්‍යාපාරයක් සමඟ ඒ නිසා මට ස්ථාවර ජීවිතයක් ගත කරන්න හැකිවෙලා තියනවා.
වේදිකා නිර්මාණවලට අද පේ‍්‍රක්ෂකාගාරයක් රැකිලා තියනවද?
හොඳ නිර්මාණ බිහි වුණොත් පේ‍්‍රක්ෂකාගාරයක් රැඳිල තියනවා. මේ වෙලාවේ රටේ ආර්ථික අපහසුතා මධ්‍යයේ යම් යම් පසුබෑම් තිබුණත් මිනිස්සු කලාවට විනෝදයට කැමැතියි. හොඳ නිර්මාණ රසවිඳීමේ පිපාසයෙන් මිනිස්සු රැඳී සිටිනවා.
ඔබ රඟපෑ චරිතවලින් සමාජයට යමක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
ඔව්. මම කළ දූවරු ටෙලි නාට්‍යයේ අසංකිගේ චරිතය තුළින් මට දෙයක් කරන්න පුළුවන් වුණා. ඒ චරිතය මගේ පෞද්ගලික ජීවිතයටත් සමීප කමක් දැක්වුවා. එහි චරිත ස්වභාවය බොහොම අහිංසක අන් අයට ගරු කරන ගුරුවරියක්. ස්වාමියාගේ අනියම් සම්බන්ධයක් නිසාවෙන් විවාහය දෙදරා යන අවසානයේ පාරේ මියඇදෙන ස්වාමියාට අනුකම්පාව දක්වන චරිතයක් තුළ මම සමාජයට යමක් දුන්නා කියල මට හැගෙනවා. මාධ්‍ය ඉස්සරහ අපි සංවේදී වෙලා වැඩක් නෑ. අපි සැබෑහින්ම අව්‍යාජ සංවේදී පොළාවේ පයගහල ඉන්න මිනිස්සුම වන්න ඕනේ කියල මම විශ්වාස කරනවා. හෙට මම මේ කලාවට තිත තිබ්බත් මගේ පෞද්ගලික ජීවිතයේ මේ මම තමයි ඉන්නේ කොතන හිටියත් කොහොම හිටියත් පේ‍්‍රක්ෂකයෝ වුණත් අපිව දකින්නේ මතුපිටින්. අපේ ඇඳුමෙන් කතාබහින් රංගනයෙන් තමයි. ඒ අය අපිව දකින්නේ නමුත් ඒක නොවෙයි අපේ සැබෑ ජිවිතය. ඊට එහා ගිය බොහොම වෙනස් ගමනක් තමයි අපේ සත්‍ය ජීවිත කතාව. තිරයේ අපිව දකින්නේ යමක අපි චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම පමණයි. නමුත් ඒක සැබෑ ජීවිත කතාව නොවෙයි. ඒක සැබැවින්ම වෙනස් දෙයක් බොහොම අභියෝගවලට මුහුණ දිපු අභියෝගවලට කැමති ඒ අභියෝග මතින් ජීවිතය ජයගත් දිරිය කාන්තාවක් හැටියට තමයි අන් අය මාව දකින්නේ. මම මාව දකින්නේ මම බාල බොළඳ දේට ජීවිතයේ කැමැති නෑ. ඒවා නිකන් පුස් වෙඩි වගේ ආව ගියා. නමුත් හොඳම දේ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරය කොහේ ගියත් මාව පිළිගන්නවා නම් ඒක තමයි මම ලබල තියන ලොකුම වස්තුව. ඒ ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට මම කවදත් ආදරෙයි. කලාකරුවෙක්ට ලැබිය යුතු ලොකුම දේ. මිනිස්සුගේ ආදරය, ඔවුන් මාව මගේ හැකියාවන් බලන නිසානේ මම අද මෙතන ඉන්නේ. ඒ පේ‍්‍රක්ෂක ආදරය මිල කරන්න බෑ. ඒ අසීමාන්තික පේ‍්‍රක්ෂක ආදරයට මම හිස නමා ආචාර කරනවා. මගේ ගමන දිහා ආපසු හැරිල බලනකොට මට තියෙන්නේ නිහතමානී සතුටක්. ඒක තමයි මට තියන එකම වස්තුව.
චන්දන දයාසිරිවර්ධන
සේයාරූ - නිශ්ශංක විජේරත්න