වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
හොලිවුඩ් නළුවකු වීමට තිබූ සිහිනය සැබෑ වුණා

නිරූපණ ක්ෂේත්‍රය මෙන්ම රංගන හා ගායන ක්ෂේත්‍රයත් එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර වශයෙන් පෙනී යා හැකිය. විටෙක එය අලංකාර එකතුවක් වශයෙනුත් සිතන්නට පුළුවන. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර තුනකින් සිය නිසඟ හැකියා ප්‍රකට කරමින් එකී ක්ෂේත්‍රවල ලාංකේය නම රැන්දු අයකු ලෙස දහම් කඳනාරච්චි හඳුනාගත හැකිවේ.
මෙරට ගායන ක්ෂේත්‍රයේ සුවිශේෂ අනන්‍යතාවක් රැන්දු ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි ගායනවේදියාණන්ගේ පුතු ලෙස අප ඔහු හඳුනාගනු ලැබුවද මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ ද සිය හැකියා ඉදිරිපත් කරමින් සුවිශේෂ මාර්ගයක ගමන් කරන දහම් ඒ පිළිබඳ දැක් වූ අදහස් බලමු.
මේ වන විට ඔබ විදේශයක පදිංචිව ඉන්නේ. ඔබේ නිර්මාණ දිවියේ ආරම්භය සිදුවුණේ කොයි අවධියේදී ද?
ඇත්තටම පාසල් අධ්‍යාපන කටයුතු නිමවෙද්දීම මං රැකියාවකට යොමු වුණා. ඒ වන විට ගොඩක් අය මගෙන් අහන්න පෙලඹී හිටියා. තාත්තගෙන් උරුම කරගත් හැකියා සමඟ කවදාද සංගීතයට පැත්තට, ගායනයට යොමුවන්නේ කියා. හැබැයි ඇත්තටම කියුවොත් ඒ වෙද්දී මගේ ලොකු නැඹුරුවක් තිබුණේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳයි. මම වෙළෙඳ ක්ෂේත්‍රයේ ඒ වන විට රැකියාව කරමින් හිටියේ. නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ ඒ කාලයේම විනෝදාංශයක් විදියටයි.
ඇත්තටම ඒ කාලයේ ගොඩක් හොඳ වෙළඳ දැන්වීම් රැසක් වෙනුවෙන් පෙනී ඉන්න මට අවස්ථා හිමි වුණා. ඉතින් ඒ කටයුතු එක්ක ඒ යුගයේ මට විශාල අවධානයක් ලැබුණා. ඒ ආරම්භය 2009 වගේ වෙද්දී තවත් ටිකක් වෙනස් වුණා.
2009 වසර වන විට ඔබ ඔබට සුපුරුදු ක්ෂේත්‍රයකටයි පිවිසෙන්නේ
ඇත්තෙන්ම. ඒ කාලය වෙද්දි මම හිතුවා ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න සුදුසු කාලය ඇවිත් කියා. ඉතින් තාත්තායි මමයි කල්පනා කළා ටිකක් සුවිශේෂ ලෙස අලුත් ගීයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ නිසා අපි හිතුවා තාත්තාගෙ ජනපි‍්‍රයම ගී වලින් එකක් වූ ඇගෙ සිනහව තහනම් ගීයට සම්බන්ධයක් සහිත ගීයක් නිර්මාණය කරන්න. ඒක ලියුවෙත් නිර්මාණය කළෙත් තාත්තාමයි. ඒක නම් කර තිබුණේ ‘හැඟුමන්’ කියලයි. ඒක තමයි මගේ පළමු වැනි ගීතය. ඊට පසු මගේම ගීත කීපයකුත් කළා. ඒ කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු වාගෙම ගායනය පැත්තෙනුත් කටයුතු කළ නිසා මට ලොකු ප්‍රතිචාරයක් තිබුණා.
කුඩා කාලයේ සිටම ඔබට විශේෂ සිහිනයක් තිබුණු බව පැවසුවා.
ඔව්. පුංචි කාලයේ ඉඳන්ම ගොඩක් ඒ ගැන කතා කර තියෙනවා. හොලිවුඩ් චිත්‍රපට පිළිබඳ මට ලොකු උනන්දුවක් තිබුණා. ඒ නිසා හොලිවුඩ් චිත්‍රපටයක පුංචි හෝ කොටසකට රංගනයෙන් දායක වෙන්න මට ලොකු කැමැත්තක් තිබුණේ. ඒ හීනය යථාර්ථයක් කරගන්න පුළුවන් වුණේ මම බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය පසුයි. බ්‍රිතාන්‍යයේ ගොඩක් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය වන තැනක්. ඉතින් ඒ හා සම්බන්ධ නියෝජිත ආයතන මාර්ගයෙන් ඊට සම්බන්ධ වන්න උත්සාහ දැරුවා. ඊට ප්‍රතිචාර වශයෙන් මට හොලිවුඩ් චිත්‍රපට කීපයකම රංගනයෙන් දායක වන්න අවස්ථාව හිමිවුණා.
ඔබ මුලින්ම සම්බන්ධ වූ හොලිවුඩ් චිත්‍රපටය මොකක්ද?
ඇලඩින් ලෙස නම් කර තිබු චිත්‍රපටය. එය ඩිස්නි චිත්‍රපටයක්. 2019 තිරගත වූ ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගයි රිචී කියන ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයා විසිනුයි. ඒක මට සුවිශේෂිම අත්දැකීමක්. මොකද පුංචි කාලයේ මං දැක්ක ප්‍රසිද්ධ නළු නිළියන් සැබැවින්ම දකින්න, ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමම සුවිශේෂ අත්දැකීමක් වූ නිසා. ඊට පස්සේ තවත් චිත්‍රපට කීපයක මට වැඩ කරන්න ලැබුණා. ඊළඟට ඒ කාලයේම වාගේ නිදහස් වූ ඉනඪඤඥප ර්චද ටචප ටපධථ ඩධථඥ කියන හොලිවුඩ් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඊළඟට මම දායක වුණු සුවිශේෂම චිත්‍රපටයක් තමයි ජ්චඵබ චදඤ බඩඥ ජ්භපඪධභඵ 9 චිත්‍රපටය.
මේ අවස්ථා සියල්ලක් සමඟ මං පුංචි කාලයේ දුටු හීනය මේ වෙද්දී සැබෑ වී තියෙන නිසා ලොකු සතුටක් සමඟයි කටයුතු කරන්නේ.
චිත්‍රපටයට අමතරව ඔබ නිරතවන අනිකුත් නිර්මාණ ක්ෂේත්‍ර මොනවාද?
බ්‍රිතාන්‍යයේ රූපවාහිනි කතා මාලා, වෙළෙඳ දැන්වීම් ආදියෙහි ඊට අමතරව මා කටයුතු කරනවා. ඒ වෙනුවෙන් තමයි වැඩි කාලයක් වැය කරන්නේ.
ඒ කටයුතු නිසා ගායනය මඟ හැරී යන බවක් හැඟී නැති ද?
නැහැ. කොයිතරම් කාර්ය බහුල වුණත් ගායනය අත්හරින්න කොහෙත්ම අදහසක් නෑ. විශේෂයෙන් ලංකාවට පැමිණෙන වේලාවේදී ඊට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නයි උත්සුක වෙන්නේ. ඒ අතරේ මම අවසන් වතාවට කළ ගීතය වෙනුවෙන් ලොකු අවධානයක් දී කටයුතු කරනවා.
කුමක් ද ඒ ගීතය?
‘හීන දකිමින්’ මම හරිම කැමති ගීතයක් මොකද කියනවා නම් එය මට බෙහෙවින් දැනෙන ගීතයක් වූ නිසා. ගායනා කරද්දී පවා එය මට ගොඩක් දැනෙනවා. මගේ පියා චන්ද්‍රකුමාර් කඳනආරච්චි තමයි ඒ ගීතය ලියුවෙත්, ඒ වගේම සංගීතය නිර්මාණය කළේත්. එහි මියුසික් වීඩියෝව කළේ සිරිතුංග පෙරේරායි.
ඒ ගීතයේත් විශේෂත්ව කීපයක් තිබෙන බවත් ඔබ පැවසුවා.
ඔව්. මම ගොඩක් ආස කරන ගීතයක් නිසා එය ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කරන්නත්, ඒ වගේම ස්පාඤ්ඤ බසට පරිවර්තනය කරන්නත් මට ලොකු කැමැත්තක් තිබුණා. ඉතින් ඒ නිසා මම ඒ ගීතය ඉංගී‍්‍රසි හා ස්පාඤ්ඤ භාෂාවලට පරිවර්තනය කර ගායනා කළා. මොකද පෞද්ගලිකව ගත්තොත් අපේ බසට වාගෙම ස්පාඤ්ඤ බසටත් මගේ ලොකු කැමැත්තක් තියෙන නිසා. ඒ වගේම ඊට කලින් මම ගායනා කළ ගීතයක් තමයි ව්ධබඩඪදඨ ජචද ඉබධන ථඥ ව්ධඹ කියන ගීතය. එහි ලොකු රසික අවධානයක් දිනාගත් ගීතයක්. එයත් සිංහල පරිවර්තනයක් තියෙනවා. ඒවාගෙම එහි ස්පාඤ්ඤ පරිවර්තනයක් කර එහි මියුසික් වීඩියෝවකුත් ඉදිරියේදී නිකුත් කරන්න මං ලොකු කැමැත්තකින් ඉන්නවා. ඒ අතරේ තවදුරටත් හොලිවුඩ් චිත්‍රපටවලට වැඩිපුර නැඹුරු වෙන්නත් ගායන ක්ෂේත්‍රයෙන් හා නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යමින් කටයුතු කරන්නත් තමයි මගේ ප්‍රමුඛ අරමුණ වෙන්නේ. ඒ ඇරුණු කොට චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා චිත්‍රපටයක් නිර්මාණය කරන්න කැමැත්තක් තියෙනවාද කියලත් මගෙන් මිතුරන් අසා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැන දැන් මමත් කල්පනා කරමින් ඉන්නවා. හැබැයි එවැන්නක් සඳහා කාලය වැදගත්.
මේ සියල්ලේ දී ඔබේ ශක්තිය වුයේ අම්මා ද තාත්තා ද?
දෙන්නම. තාත්තාව මතක් කරන්න ඕනෙ. ඔහු ජනපි‍්‍රය ගායක චන්ද්‍රකුමාර් කඳනාරච්චි. ඔහු දෙන ශක්තිය මට ඉතා ඉහළයි. ඊළඟට ඒ තරමටම මගෙ අම්මාටත් ස්තූති කළ යුතුයි. තාත්තා කාර්ය බහුල කෙනෙක්. ඒ අතරේ අම්මා තමයි හැම දෙයක්ම කළමනාකරණය කර දුන්නේ. ඒ වගේම මාව නිතරම ධෛර්යවත් කරමින් හා ඉදිරියට රැගෙන ගියේ. මගේ අක්කත් ඒ වගේ. ඇය ඉරංගිකා කඳනාරච්චි අක්කා ඇත්තටම මට ලොකු හයියක්. මොකද අපි දැනට ලංකාවේ නැති නිසා ඇය තමයි අම්මාවත් තාත්තාවත් ගොඩක් බලාගන්නේ ඊළඟට මගේ බිරිඳ. ඇයවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඇත්තටම ඇය තමයි මේ මොහොතේ මගෙ ශක්තිය.
ඔබේ බිරිඳ ගැනත් කතා කරමු.
මට ඇයව මුණ ගැසෙන්නෙ 2016 වසරේ. ඇය ජයනි නානායක්කාර. ඇය වෛද්‍යවරියක්. ඒ වගේම ඇය කලාවටත් ගොඩක් කැමැති කෙනෙක්. රැකියාව පැත්තෙන් ඇය ලොකු සේවයක් කරනවා වගේම සංගීතයටත් ගොඩක් ළැදියි. එබඳු කෙනකු මුණ ගැසීම පිළිබඳ මං ගොඩක් සතුටින් ඉන්නේ. ඇය නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවකදි තමයි අපි මුලින්ම මුණ ගැසුණේ. ඉතින් ඇත්තටම හරි ම ලස්සන ආදර කතාවකුත් අපට තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට අපි විවාහ වී එංගලන්තයේ පදිංචි වී සිටිනවා. එහිදී ජයනිගෙ මව්පියන්වත් මම ආදරයෙන් මතක් කරනවා.
ඔබේ ගමන් මඟ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර නියෝජනය කරන්නේ. ඒවෙනුවෙන් ඔබේ කැපවීම කෙබඳු ආකාර එකක් ද?
මම ඇත්තටම මේ ගමන ආරම්භ කළේ නිරූපණ ක්ෂේත්‍රයන්. ඊට මගේ පවුලේ කිසිවකු මැදිහත් වුණේ නැහැ. හැබැයි පසු කාලයේදී තාත්තා මට ගායන ක්ෂේත්‍රයට පිවිසිමේදී ලොකු ශක්තියක් වුණා. තාත්තාගෙ ගායන ශෛලින්ට වඩා මගේ විදිය ටිකක් වෙනස් කියා මම විශ්වාස කරනවා. නමුත් තාත්තාගෙ ගීත ගායනා කරද්දි කවදාවත් ඔහුගේ ගීත වෙනස් වන හෝ හානියක් වන ලෙස ගායනා කරන්න උත්සාහ කළේ නෑ. ඒ ගීත සැමවිමට ගායනා කළේ ඒ අනන්‍යතාව නොබිඳෙන ලෙසයි. හැබැයි මගේ නිර්මාණවලදී මම මගේ අනන්‍යතාවක් හැමවිටම පෙන්නුවා. නමුත් රංගන ක්ෂේත්‍රයේ දී නම් මම සියල්ලක් පාහේ ගොඩනඟා ගනු ලැබුයේ මගේම උත්සාහයෙනුයි. ඒ වගේ අවස්ථාවලදී ඊට මං ගොඩක් කැප වුණා. ඒ නිසා මට යම් දේ සඳහා ආයාසයක් දරන්න වුණේ නෑ වගේම යම් දේ ලබාගන්න උත්සාහවත්ව කටයුතු කරන්නත් සිදුවුණා කියන එක කියන්න ඕනේ. ඇත්තටම පුංචි කාලයේ ඉඳන් මං කැමැති වූ දේ අද මං සාක්ෂාත් කරගෙන තියෙන්නේ. ඒ පිළිබඳ මං හරිම තෘප්තිමත්.