පසුගිය දින ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව 2021, 2024 වසරවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ අයදුම් කළ ටෙලිනාට්‍ය සහ වැඩසටහන් ද 2022, 2023 වසරවල විකාශය වූ රූපවාහිනී වැඩසටහන් අතරින් අයදුම් කළ නිර්මාණ ද විනිශ්චයට භාජනය වී තිබිණි. එයින් ජූරිය විසින් තෝරාගත් නිර්මාණ වලට අදාළව ඇගයීම් සහතික, කුසලතා සහතික සහ සම්මාන 74 ක් ප්‍රදානය කිරිම සිදුකෙරිණි.
එහිදි 2021 වසරේ විකාශය වූ ස්වාධීන රුපවාහිනියේ විකාශය වූ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යය මෙවර හොඳම අංග රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම නළුවා, හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය සඳහා වූ සම්මාන ලබා ගත්තේය. 2024 වසර සදහා ප්‍රසන්න ජයකෝඩ් අධ්‍යක්ෂණය කළ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය හොඳම අංග රචනය, හොඳම සංස්කරණය, හොඳම සහය නළුවා, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිර රචනය සහ හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය සඳහා වූ සම්මාන හිමි කරත්තේය.හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා වූ සම සම්මාන ‘එයා දැන් බැඳලා’ සහ ‘ජීවිතයේ එක් දවසක්’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි සහ ලලිත් රත්නායකට හිමි විය.
2021 – 2024 වසරවල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම සජීවීකරණ නිෂ්පාදනය, හොඳම සංගීත වැඩසටහන සහ හොඳම වාර්තා වැඩසටහන ආදියට ද සම්මාන සහ කුසලතා සහතික එහිදි පිරිනැමිණ.
මෙම අවස්ථාව සඳහා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි, සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්ශ්, ශශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය රුපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා යන මහත්ම මහත්මීන්, අනුමණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ කලාකරුවෝ සහභාගි වූහ.
සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
