වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
ඇයි වෛද්‍යවරු චිත්‍රපට හදන්නේ කියලා සමහරු මගෙන් අහනවා

සුප්‍රකට අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චි පසුගිය දිනක මට හමු වූයේ ඔහුගේ නවතම සිනමා පටය ‘සිනේමා’ ගැන කතා කරන්නයි.ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් ලද අත්දැකීම් ඇසුරින් නිර්මාණය කරන ලද කතාවක යම් සංක්ෂිප්තයක් කසාය බෙහෙත් බොන්නා සේ පත අට එකට සිඳුවා දමා කතාව ආරම්භ කළේ, මම මේ කතාව කොතනින් පටන් ගන්නද කියා මූලාරම්භය සනිටුහන් කර ගනිමින් ය.
‘‘මගේ ජීවිතේ පුංචි කාලේ ඉඳන් ලොකු සිහිනයක් තිබුණා. සිනමාවට අවතීර්ණ වෙන්න. මගේ ගම බද්දේගම ඇල්පිටිය. ඒක සුන්දර ගමක්. මගේ ගෙදරින් එහා පැත්තේ තමයි නිව් රේඛා සිනමා ශාලාව තියෙන්නේ. ඒකට විවිධ සිනමාපට එනවා. මේ මම කතා කරන කාලයේ, 70 දශකය කියන්නේ හරිම ආකර්ෂණීය සිනමාවක් තිබුණු යුගයක්. මම ඒ කාලේ අවුරුදු දහයක කුඩා දරුවෙක්. මේ කාල වකවානුවේ මම ගෙදර ඉන්න සෑම විටම මට සිනමා ශාලාවේ ඇහෙන්නට ලැබුණේ සිනමා පටවල දෙබස්, ගීත හා ත්‍රාසජනක සිද්ධි. ඒක මට සුවිශේෂී දෙයක් වුණා. ඒ අතර 35 ථථ නපධණඥජබධප හඬ මගේ සවන වෙනත්ම දිසාවකට ගමන් කරන්නට සැලැස්සුවා. මේ සියලු කරුණු කාරණා නිසා මගේ ජීවිතේ නව පරිච්ඡේදයකට යොමු කළා කියලා කිව්වොත් නිවැරදියි. නිව් රේඛා සිනමා ශාලාවට නව සිනමාපටයක් පැමිණි විට මගේ මවත් පියාත් එය නැරඹීම අතපසු කරන්නෙ නෑ. මගේ ජඥදඵධප ඡධචපඤ එක ලෙස ක්‍රියා කළේ මගේ මවුපියන්. සිනමාපටයේ ගුණාත්මකභාවය අනුව මට සිනමාපටය නැරැඹීමේ සහතිකය නිකුත් කරනවා. ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලසීමාවේදී සිනමාපට නැරඹීමත් අධ්‍යාපනය ක්‍රමානුකූලව කරගැනීමත් මට තිබුණු සුවිශේෂී දක්ෂතාවයක්. මේ පුරුද්ද මගේ ජීවිත කාලෙ පුරාම මම හරියාකාරව කරගෙන ගියා.
වෛද්‍ය කපිල සූරියආරච්චි සිනමා පටයක් නරඹන්න යන හැම මොහොතකම ප්‍රක්ෂේපණ කවුළුවෙන් සිනමාපටය නැරඹීම පුරුද්දක් කරගෙන සිටියේය. එයට මූලික හේතුව වුණේ එහි හිමිකරු ඔහුගේ නෑදෑයෙක් වීමය. ‘‘මිලිමිටර් 35 ප්‍රොජෙක්ටරයේ වැඩ කරන මගේ මාමාගේ වයස අවුරුදු 50 ක්. ඔහුගේ සහායකයා වුණේ අවුරුදු 22ක කඩවසම් තරුණයෙක්. ඔහු හොඳ පවුල් පසුබිමක් ඇති නීති රීති දැඩි ලෙස තිබෙන, අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුගේ පුතෙක්. මේ කඩවසම් තරුණයා සිනමා ශාලාව සොයා ගෙන එන්නේ ගෙදරින් තරහ වෙලා සිනමාවට තිබෙන ආසාව හිත තුළ පෙරදැරි කරගෙනයි.”
වෛද්‍ය කපිල සූරියආරච්චි ට මේ දෙදෙනාගේ හමුවීම හා ඔවුන්ගේ මිලිමීටර් 35 ප්‍රොජෙක්ටරය තදින්ම හිතට කාවැදුණේය. ඉන් අනතුරුව සිදුවන්නේ වෛද්‍ය කපිල ඔවුන් දෙදෙනා සමඟ එකතු වී මිලිමීටර් 35 නපධණඥජබධප හි ක්‍රියාකාරිත්වය ඉගෙන ගැනීමයි. වෛද්‍ය කපිල ට මේ කතාව පාදක කරගෙන කවදා හෝ සිනමාපටයක් නිර්මාණය කිරීමේ අදහස සිත්තුළ පැළපදියම් වූයේය. අධ්‍යක්ෂකවරයෙකු වී සිනමාව ඇතුළේ සිදුවෙන හා මේ මොහොතේත් සිදුවෙන කතා තේමාවක් නිර්මාණය කිරීම ඔහුගේ බලාපොරොත්තුව විය. එයට හොඳම අවස්ථාව මේ කාල වකවානුව ලෙස සිතූ කපිල සූරියආරච්චි ‘සිනේමා’ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේය.ඔහුගේ ගෙදර පසුබිම සැකසී තිබුණේ ඔහු වෛද්‍යවරයකු හෝ ඉන්ජිනේරුවකු කිරීමේ අදිටනයි. ඒත් ඔහුගේ මේ ගමන් දෙකම සමබරව කරගෙන සිත තුළ තිබුණු ආශාව ඉටුකර ගැනීම ඔහුට විශේෂ දෙයක් වුණා. එසේම ඔහු සිනමා ශාලාව සමඟ තිබෙන බැඳීම වෙනත් දිසාවකට හැරවීමට මවුපියන්ද කටයුතු කරමින් සිටියහ.
කෙසේ වෙතත් වෛද්‍යවරයකු කරා යන සිහිනය සැබෑකර ගැනීමට වෛද්‍ය කපිල ගේ මවුපියන් විසින් අ.පො.ස, උ.පෙළ සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට ඇතුළත් කළහ. මවුපියන්ගේ සිහිනය සැබෑ කරන්මින් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කැපී පෙනුණු ශිෂ්‍යයකු වන කපිල සූරියආරච්චි, පාසල් වේදිකා නාට්‍යවල තිර පිටපත් රචනය, රංගනය වැනි ඔහුගේ තිබුණු සුවිශේෂී කලා හැකියාවන් වේදිකාව තුළට ද ගෙන එන්නේය.
ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පියකු ලෙසද සම්බන්ධ වෙමින් ඔහු සුවිශේෂ හැකියාවන් පෙන්නුම් කරන්නේය. මේ ක්ෂේත්‍රයේ අත්පොත් තැබූ ඔහුගේ ගුරුවරයා වන්නේ කරුණාරත්න අබේසේකරයි. වෛද්‍ය කපිල සූරියආරච්චි බලාපොරොත්තුව වූයේ නිවේදකයෙකු වීමය. ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධ වන විට මවුපියන්ගේ හිත් තුළ දැඩි බියක්ද හටගෙන තිබුණි. 70 දශකයට ළඟා වනවාත් සමඟම කපිල තාරුණ්‍යයේ අභියසට පැමිණ සිටි තරුණයකු ලෙස සිය ජීවන ගමන විවිධ ඉසව් ඔස්සේ ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහ කිරීම සමඟම සිය ජීවන ගමන වෙනස් මාවත් ඔස්සේ යොමු කිරීමට උත්සාහ ගත්තේය.
එවකට තරුණයකුට හෝ තරුණියකට තම ජයග්‍රහණය අභිමුවට පැමිණීමට තරුණ සේවා සභාව සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකළ ආයතනයක් විය. කපිල ද තරුණ සේවා සභාව හරහා ජයග්‍රහණ රැසක් හිමිකර ගත් සම්මානලාභියෙකු වන්නට වාසනාවන්ත වූයේය.
තරුණ කපිල සූරියආරච්චි ට 1983 වර්ෂය ජීවිතයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වන්නේ උසස් අධ්‍යාපන අමත්‍යාංශයෙන් ලැබුණ ශිෂ්‍යත්වයක් මත ඔහුගේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා සෝවියට් රුසියාව බලා යාමට අවස්ථාව ලැබීමයි. සෝවියට් රුසියාව කරා ගිය ගමනේ දී ඔහුගේ කලා හැකියාවන් නැවත උද්දීපනය කරගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් අවස්ථාව හිමි විය. රුසියානු භාෂා ඥානය අඩු වුවත් අභිරූපණ රංගනයට දක්ෂයකු වීම නිසා වෛද්‍ය පීඨයෙන් ඔහුට කලා කටයුතු හැදෑරීමේ අවස්ථාව හිමි විය. වෛද්‍ය කපිල සූරියආරච්චි ගේ දෙවන මවුබිම ලෙස නිහතමානී ලීලාවෙන් ඔහු අගය කරන්නේ සෝවියට් රුසියාව යි. අතීතය, වර්තමානය අනාගතය යන රුසියාවයි.
වෛද්‍ය උපාධිය හදාරා 90 දශකයේ පෙරළා ලංකාවට පැමිණෙන තරුණ වෛද්‍ය කපිල සූරියආරච්චි ගත වූ අවුරුදු 10 සිහිකැඳවීම සිනමාවට ගේන්න පාර කපා ගන්නට සූදානම් විය. එයට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ගබඩා කරගත්තේය.
‘‘මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් වෙන්නේ ඇයි වෛද්‍යවරු කලාව කරන්නේ කියලා. ඒක මට ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. මේ අහන අයට කලාව ගැන අවබෝධයක් නැති එක කියලයි මට නම් තේරෙන්නෙ. සමහරක් අය හරිම වැරදි අවබෝධයක් කරගෙන මගෙන් අහනවා වෛද්‍යවරයා ඇයි චිත්‍රපට හදන්නේ කියලා. රසවින්දනාත්මක මනසකින් දකින්න බැරි සමාජය ගැන අවබෝධයක් නැති ඒ විෂය තුළම සිටින අයට වෙනත් දේවල් නොපෙනීම මට තියෙන ලොකුම ප්‍රශ්නයයි.
ජීවිතේ යථා අවබෝධය තේරුම් ගන්නා මිනිසුන් අතර හැඟීම් දැනීම් කියන කොට්ඨාසයක් තමයි මිනිසුන් කියන්නේ. ඔවුන්ගේ ඇතුළාන්තයේ හටගන්නා වස්තුබීජ වලින් ඔහු මේ ගමන රැගෙන යන්නේ. මේ නිර්මාණයට කිසිවකු වෘත්තියෙන් ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු ද, කියලා බලපාන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි වෛද්‍යවරු මේ සිනමා ක්ෂේත්‍රයේ නිරතවීම. සිනමාවට කාගෙන් හරි ප්‍රයෝජනයක් වෙනවා නම් ඔහුගේ දිග පළල අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ”‘
සිනමාවට අමතරව වෛද්‍ය කපිල සූරියආරච්චි සංගීත ප්‍රජා චිකිත්සාව හඳුන්වාදීම, 2007 වර්ෂයේ ‘සල නිසල’ සංගීත වැඩසටහන හඳුන්වා දීම, එහි ගීත අනූවක් රචනා කර ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමඟ වැඩසටහන කරගෙන යාම තුළින් සමාජයට විශාල මෙහෙවරක් ඉටු කළ පුද්ගලයකු ලෙස හඳුන්වා දිය හැකිය. මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී අමරසිරි පීරිස්, වෛද්‍ය කපිල සූරියආරච්චි එක්ව ගෙන ගිය මෙම වැඩසටහන ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑර රස විඳීමට ජනතාවට අවස්ථාව උදාකර දුන්නේය. ලාංකික මිනිසුන්ගේ හා පිටරට ජනතාවගේ මානසික ආතතිය හා ජීවන සුවය වෙනුවෙන් මේ කලා සාහිත්‍ය පෝෂණය කිරීමේ වැඩසටහන හරිම ජනප්‍රිය වීම ඔහු ලද තවත් භාග්‍යයක් ලෙස සැලකිය හැකිය. නිවේදකයකු ද වන වෛද්‍ය කපිල කම්පන වැනි වැඩසටහන්වල කිසිදු කොළයක් පාවිච්චි නොකර වැඩ සටහනේ නිවේදන කටයුතු මෙහෙයවීම ඔහු ලද සුවිශේෂී හැකියාවකි. වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවත් ඉන් එහාට ලෝකයට සමාජයට යම් දෙයක් දායාද කිරීම වෛද්‍ය කපිල ගේ අභිප්‍රායයි. ඔහුගේ එයට කදිම උදාහරණයක් වන්නේ ‘ප්‍රතිරූ’ සිනමා පටය යි. පසු නවතම සිනමාපටය වන ඔහුගේ සිනේමා සිනමාපටයයි.
‘‘මම හැදුණ වැඩුණ මගේ දෙවන මව්බිම ලෙස සලකන්නේ සෝවියට් රුසියාව. අපේ රටේ වගේ කුහක මිනිසුන් ජීවත් වෙන්නේ නෑ. මේ ලංකා භූමියෙත් දේවත්වයෙන් පිදිය හැකි මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒත් වැඩි දෙනා තව කෙනෙකුට ඊර්ෂියාව ක්‍රෝධය වපුරන පිරිසක්. ඒක මම දකින්නේ හරිම දුකෙන්. මගේ හැකියාවන් කාටවත් ගන්නත් බෑ. ඔවුන්ගේ හැකියාවන් මට ගන්නත් බෑ. උගන්නන්න විතරයි පුළුවන්. මම කලාවට වගේම ක්‍රීඩාවේ ද දක්ෂයෙක්. ඒ කාලේ විශ්වවිද්‍යාලයේ මට කිව්වේ දස ප්‍රයාමයකු කියලායි. මම ක්‍රීඩා දහයක් කළා විනාඩි ගාණක් ඇතුළත. විශ්වවිද්‍යාල මට්ටමින් වාර්තා පිහිටුවපු ක්‍රීඩකයකු වුණා. විශ්වවිද්‍යාල වාදන ශිල්පියකු වුණා. මේ සිනමාපටය කරන්න ඉස්සෙල්ලා සිනමාවේ ගෝලීය ආවකාසේ තුළ සැරිසරන වස්තු විෂයයන් සොයන්න ගත්තා. අධ්‍යයනය සමඟ පර්යේෂණය කළා. මම විශාල සංඛ්‍යාවක් චිත්‍රපට බැලුවා. සිනමාව තුළ නිවෙන දැවෙන අඳුරු පැතිකඩ මොනවගේද කියලා. තිර පිටපත් ලියන්න ගත්තා. මේ වෙනවිට මම පිටපත් හාරසියක් පන්සියයකට වැඩිය ලියලා තියෙනවා.
එසේ කතාව දිග හැරගෙන ගිය ඔහු මේ වනවිට වෙළඳ දැන්වීම් පන්සියයක් හාරසීයකට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.
ඔහුගේ ප්‍රතිරූ සිනමාපටය නිර්මාණය වූයේ යුද්ධය පාදක කරගෙන සත්‍ය සිදුවීම් අලළා අම්මාවරුන්ට හා හමුදාවට කරන ගෞරවයක් ලෙසිනි. ඉන්පසු ඔහු ගේ බලාපොරොත්තුව වන්නේ පර්යේෂණාත්මක සිනමාපටයක් නිර්මාණය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ‘සිනේමා’ අධ්‍යක්ෂණය වේ.
‘‘සමහරු හිතනවා මම සිනමාවට එන්නේ ඕපපාතික ලෙස කියලා. එහෙම දෙයක් මගෙන් වෙලා නෑ. මම කැමරාවට වෙනස් වූ ආකාරයෙන් කතා තේමාවක් අරගෙන සත්‍ය දෙයක් රැගෙන එන්නේ. සිනේමා කොයිම මොහොතකවත් කොපි කලාවේ ජීවත්වන සිනමාපටයක් නොවේ.මම සෑම අංශයක් සම්බන්ධව ප්‍රායෝගිකව හා දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්නේ. සිනමාව තුළ තිබෙන ඕනෑම අංශයක් කෙරෙහි හොඳ අවබෝධයක් නොතිබුණා නම් මේ නිර්මාණය සාර්ථකව කරන්න මට අවස්ථාව ලැබෙන ප්‍රමාණය අඩුයි. මේ වන විට සිනමාපටය හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිරගත වෙනවා. මේ නිර්මාණය තිරගත වෙන මොහොතේ පවා මේ සිනමාපටය තුළ කතා කරන මාෆියාව සිදුවෙනවා. නිර්මාණයකට නිෂ්පාදකයකු සොයා ගැනීමද හරිම අමාරුවෙන් සිදුවෙන්නේ එවැනි මාෆියාවන් මේ තුළ සිදුවෙනවා නම් නිෂ්පාදකයන් නැවත නිර්මාණකරණයට එන්නෙ නෑ. අපි කළ යුත්තේ ඔවුන්ව ආරක්ෂා කරනවා වෙනුවට ඔවුන්ට සිනමාව එපා කරවන එකයි”‘
සිනමාපටය පුරා දිවෙන ප්‍රධාන චරිත දෙකක් වන්නේ සුමාල් හා තරුණයා අතර සිදුවන දෙබස්වලින් මිලිමීටර් 35 සැලෝලයිට් පටිය ඉවර වී ඩිජිටල්කරණයට සිනමාව පාවිච්චි කළ යුතුයි කියන සිනේමා තුළින් ලාංකික සිනමාවට ඩිජිටල්කරණය නැවත එන බව මෙම සිනමාපටයෙන් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චි යථාර්ථයක් කර ඇත.
‘‘අද සිනේමා ගලවා විසි කරන්න දත මිටි කන පිරිස වැඩිවෙලා. එයට හේතු සාධක වෙන්නෙම සිනමාහල් හිමියන් ප්‍රදර්ශක මණ්ඩල හිමිකරුවන් සෑම මොහොතකම කරනු ලබන්නේ, සිනමා ගුණය නොවන චිත්‍රපටවලට ඉඩ දීමයි. ඒත් චිත්‍රපට ගුණය තියෙන සිනමාපට ගලවා විසි කර දමනවා”‘
වෛද්‍ය කපිල සූරියාරච්චි සඳහන් කරන ආකාරයට ප්‍රේක්ෂකයාට කරන ලොකු අසාධාරණයක් මේ තුළ ගැබ් වී ඇත. සිනමාව තුළ තිබෙන මාෆියාව නැති විය යුතුයි. එසේත් නැත්නම් විකල්ප ධාරාවන් පැමිණිය යුතුය. මේ පවතින කතාන්දර අතර සිදුවීය යුතු වන්නේ නියාමනයක් හා සිනමාශාලා සම සේ බෙදී යාමයි. සිදුවන ලොකුම අසාධාරණය තමයි සිනමාශාලා වෙලාවන් එය ඔවුන්ට ඕන, ඕන විදිහට වෙනස් කිරිමයි. එසේ වෙනස් කිරීම තුළ ප්‍රේක්ෂකයාට මරු පහරක් එල්ල කරනවා වගේ ඔවුන්ට ඕන සිනමාපට බලන්නට එන විට එය නොවේ තිරගත වෙන්නේ.
වෛද්‍ය කපිල සූරියාරච්චි සඳහන් කරන ආකාරයට සිනමාව තුළ සිටින කළු කඩ මින්සුන් ටික අයින් වුණොත් ගුණාත්මක සිනමාවක් සහ ඔවුන්ගේ ආධිපත්‍යයෙන් තොර සිනමාපට ප්‍රේක්ෂකයාට අවහිරයකින් තොරව රසවිඳීමට හැකිවනු ඇත. ලෝක සිනමාව තුළ තිබෙන ගුණාත්මක භාවයන් නොදන්නා කම තමයි මෙයට හේතු වී ඇත්තේ.. කොපි කලාව තුළ නිර්මාණය වන සිනමා පට තමයි වැඩි හරියක් දක්නට ලැබෙන්නේ. ඒත් මේ සිනේමා කොපි නොවූ සත්‍ය කලාවක් සත්‍ය ලෙස ම විග්‍රහ කරන රූප රාමු තුළින් පෙන්වන නිසා දැඩි පීඩනයකට ලක් වෙනවා කියලා මම හිතනවා. යහපත් අධ්‍යක්ෂකවරයකු කවදාක්වත් අධ්‍යක්ෂවරයකුට කැපිලි කෙටිලි සිදු නොකරන නිසාත් අධ්‍යක්ෂකවරයකු හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂවරයකුගෙන් දකින්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලු ගුණාංගයන් තුළ පමණයි වෛද්‍ය කපිල සූරියආරච්චි තාමත් රඳා පවතින්නේ සිනමා කොපි නොවුණු සත්‍ය කතාවක් නිසා ප්‍රතිචාර හොඳට ලැබෙන නිසා ඔවුන් වැලඳ ගන්නවා. නිර්මාණ ශිල්පියකු හැමවිටම දකින්න ඕන සවිඥානාත්මක නොවන අවිඤ්ඤාවයි. එවිටයි හොඳ නිර්මාණයක් දැකගන්නට පුළුවන් වෙන්නේ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න