කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන කම්මට්ඨානාචාර්‍ය පූජ්‍ය පානදුරේ ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් රචිත Forbidden Love of a Buddhist Monk කෘතිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ‘කසිණ’ සිනමාපටය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දා කොළඹ සම්බුද්ධත්ව මන්දීරයේදී පැවැත්විණි.
නුදුරේදීම රූගත කිරීම් ආරම්භ කෙරෙන කසීණ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය ඉන්දියානු නිළි කාජල් උර්මිලා ජයින් සහ ඉන්දීය සුපිරි නළුවකු වන හිමාන්සු සෝනී විසිනි. මොවුන් දෙදෙනා ශ්‍රී සම්බුද්ධ ගෞතම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළ නළු නිළි දෙපළ වීම විශේෂත්වයකි. මීට අමතරව ශශ්‍රී ලංකාවේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වීමට නියමිතයි.
සමීර වක්වැල්ල කසිණ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි.
‘කසිණ’ චිත්‍රපටයේ රූගත කිරීම් නුදුරේදීම ලංකාවේ සහ ඉන්දියාවේ සිදු කිරීමට නියමිතය. මෙය නිර්මාණය වන්නේ සමාජ සත්කාරයක් ලෙස බව කසිණ චිත්‍රපටයේ නිෂ්පාදක යුක්ති එකදීර වන්නිආරච්චි මාධ්‍යයට පැවසීය. මෙම අවස්ථාව සඳහා මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න, යොවුන් නිළි සත්සරණී පියුමිකා සහ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ දායකභවතුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
