රංගනයට වගේම ගායනයටත් එකසේ දස්කම් පාන ඇය නව නිර්මාණ රැසකට දායකත්වය ලබාදී ඇත. පැරැණි ගීයට පෙම් බඳීන ගමන් එය තුළ රැඳෙමින් නව ආරක ගීත රැසක් පෝෂණයට දායක වී ඇත. පෝදා ඒකාංගික ටෙලි නාට්‍ය ගණනාවකට දායකත්වය ද ලබා දී තවත් ටෙලි නාට්‍ය ගණනාවක රංගන දායකත්වය ඉතා විශිෂ්ට ලෙස ලබාදී ඇත. පැල්මඩුල්ලේ පදිංචි ඇය රුචිරා රාජපක්ෂ. ඇය සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.
සංගීතය වගේම රංගන ක්ෂේත්‍රයටත් අවතීර්ණ වී ඇති ඔබ කොහොමද කලාවට ප්‍රවේශ වුණේ කියලා පැහැදිලි කරනවද ?
මම පොඩි කාලේ ඉදලා ගීත ගායනයට ගොඩක් ආසයි. පාසලේදී පළමු වසරේ ඉදන් මම සාහිත්‍ය සමිති වල සින්දු කියනවා. බයක් නෑ. අම්මටත් සින්දු කියන්න පුළුවන් සමහරවිට ඒ ආභාෂය වෙන්න ඇති. මම සාමාන්‍ය පෙල දක්වා විෂයක් විදියට සංගීතය හැදෑරුවා. පාසැල් කාලෙන් පස්සේ මට ගමේ හා තවත් ප්‍රදේශවල පැදුරු සාජ්ජ හා සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරන්න අවස්ථාව උදා වුණා. ඒකත් එක්ක මම ගායනය සම්බන්ධයෙන් තව ඉගෙන ගන්න විශාරද ජීවානන්ද කුලරත්න සර් ළඟට ගියා. එහිදී සර් ගොඩාක් දේවල් කියලා දෙනවා.මම දැනටත් සර් ළඟ ගායනය සම්බන්ධයෙන් උපාධියක් කරනවා. ඒක මට වඩාත් ශක්තියක් උනන්දුවක් ඇති කලා ගායනයට තවත් යොමු වෙන්න.
ඊට පස්සේ විජය ජීවය පදනම එක්ක සම්බන්ධ උනාට පස්සේ තමයි මට මගේ ගීත නිර්මාණය කරගන්න පුළුවන් වුණේ.
මම පොඩි කාලෙත් ඕන කෙනෙක් දිහා බලලා අනුකරණය කරනවා. පොඩි කාලේ ඉදන් ආසයි රංගනයටත්. පාසැල් කාලෙත් පාසලේ පැවැත්වෙන නාට්‍යවල රගපාලා තියනවා. රංගනයට සම්බන්ධ වුණේ රංගන වැඩමුලු වලට සම්බන්ධ වුණා. ප්‍රවීණ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තමයි මට රංගනයට අවස්ථාව උදා කරලා දුන්නේ මේ හැමදේම මම කලේ හරිම ආසාවෙන් එතුමන්ට බොහොම ස්තුතියි.
සංගීත ක්ෂේත්‍රයේ දී ඔබේ ගමන් මඟට උදව්වක් වුණේ කවුද? මෙතෙක් කළ නිර්මාණ පිළිබඳව පැහැදිලි කරනවද?
මුලින්ම මගේ අම්මා හා පවුලේ අයගේ දිරිගැන්වීම හා මගේ මිය ගිය සොයුරාගේ ආසාව. එයා හරිම ආසයි මම සිංදු කියනවා අහන් ඉන්න. මගේ සොයුරාටත් ඒ සතුට විදිනවා ඇති කොහේ හරි ඉදන්. ඒ වගේම විජය ජීවය පදනමේ සභාපති නිහාල් ප්‍රනාන්දු මහතා තමයි ඒකට අවස්තාව හදලා දුන්නේ
මගේ පළමු ගීතය
නෙලා දලු මිටි හොවා උරයේ
කුසේ හංගා ලැව් ගිනී
ඇසේ කඳුලින් සේදුවා දුක දිනන්නට
ලෝකයේ බැමි අම්මා අම්මා අම්මා
මේ ගීතයේ පද වැල්
ක්‍රිෂා කඩුපිටිය සහෝදරිය
සංගීතය- විශාරද ලසන්ත රත්නායක
මගේ දෙවැනි ගීතය යුග ගීතයක්
හීන ඉහිරුණු ගම් තුලානේ
සුදට පිපි ඈ මූකලානේ
බිඳුණු ස්වරයක් අතර සිරවී
මලානික වූ උවන පෙනුණේ
පද නිර්මාණය ලේඛක දේශෝදාර ලියනගේ
සංගීතය විශාරද ලසන්ත රත්නායක.
මේ යුග ගීතය මා සමඟ ගායනා කරන්නේ රංගන ශිල්පී විශ්ව කොඩිකාර
විශේෂයෙන් මෙම ගීත දෙකම රචනා කරපු දෙදෙනාම කිසිදු මුදලක් නොගෙනම ඒ ගීත මට ලියලා දුන්නා. මුදල්ම නෙවෙයි කලාව කියන එක පසක් කලා..
රංගන ගමන් මගේ ඔබ නිර්මාණ කීපයකටම දායක වෙලා තිබෙනවා. ඒ සඳහා උදව් කළ අය බොහෝ දෙනෙක් ඔබට අත්වැලක් වී තිබෙනවා. ඒ ගැන කෙටියෙන් හැඳීන්වීමක් කරනවද?
මට මුල්ම අවස්ථාව ලබා දුන්නේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එතුමන්ගෙ නාට්‍ය දෙකකට මම සම්බන්ධ උනා සුසුම් රස්තියාදුව, සසංකාරා
විජය ජීවය පදනමේ සභාපති නිහාල් ප්‍රනාන්දු මහතා විසින් මට පොහොය නාට්‍යයක් සදහා සම්බන්ධ වෙන්න අවස්තාව උදා කරලා දුන්නා. ඒ නාට්‍යය නුදුරේදී ප්‍රචාරය වෙයි.
මගේ සංගීත ගුරුතුමා විශාරද ජීවානන්ද කුලරත්න සර් මට ගායනය දියුණු කරන්න ගුරුහරුකම් කියලා දෙනවා.
ඔබ සමාජ සේවයටද එක් වී තිබෙන බව ආරංචිය
කලාවෙන් කොයිතරම් දුරට සමාජ සේවයක් කළ හැකිද?
මම හිතන්නේ කලාවෙන් විවිධ පැතිකඩ ඔස්සේ සමාජ සේවා සිදු කරන්න පුළුවන්. ඒකට අපේ හිත ගත දෙකම ශක්තිමත් කරගෙන අරමුණක් තියාගෙන වැඩ කරන්න ඕනී. අපි ආත්මාර්ථ කාමී නොවුණොත් ඒ දේවල් කරන්න ලේසියි.
ප්‍රාසංගික වේදිකාව පිළිබඳ ඔබට තිබෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?
ගොඩාක් අය ආදරේ මගේ හඬට. පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් තියනවා මගේ හඬට.
සංගීතය වගේම රංගන ක්ෂේත්‍රයේ මෙතෙක් කළ නිර්මාණ වගේම,ඉදිරියේ ඔබ කිරීමට බලාපොරොත්තු වන නිර්මාණ ගැන කිව්වොත්?
ලස්සන ගීතයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. ඒ වගේම 2026 වසරේ අලුත් චිත්‍රපටයක චරිතයක් ලැබිලා තියනවා. මේ හැම දේම හරිම ආසාවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා..
ඔබ නවක පරපුර නියෝජනය කරන්නෙක් වගේම, පැරණි ගීත කලාව සහ පැරණි රංගන වේදය පිළිබඳ ඔබ දරණ අදහස කුමක්ද?
ඇත්තටම පැරණි ගීත කියන්නේ අතීත වර්ථමාන, අනාගත කාලවල අමරණීය ලෙස තියන ලස්සන නිර්මාණ මිනිසුන්ගේ හදවත් වැලද ගත්ත ලස්සන නිර්මාණ රංගනයත් ඒ වගේමයි. ඒකනේ අදටත් ඒ නිර්මාණ වල පැවැත්ම තියෙන්නේ. හොද නිර්මාණ කවදාවත් විනාශ වෙන්නේ නෑ…හැමදාම ආදරේ ඒ කලාකරුවන්ට හා ඒ නිර්මාණවලට
නව පරපුරේ සාමාජික සාමාජිකාවන්ට ඔබ දෙන ආදර්ශවත් පණිවිඩය කුමක්ද?
මුලින්ම මේ විෂයන් දෙක හොදින් අධ්‍යයනය කරන්න.තමන්ගේ අනන්‍යතාවයක් හදා ගන්න. මිනිස්සුන්ට හොඳ රසවින්දනයක් ඇති නිර්මාන බිහි කරන්න. කලාවෙන් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න පුළුවන් එතකොට.
ඇම්.ඒ.සී.රංජන් මඩගම්මන
