කුඩා කල පටන් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ඇලුම් කරනු ලැබුවේ කිසියම් හෝ දිනෙක මෙරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අභිලාෂයෙනි. නමුත් දෛවය ඔහුට අහම්බෙන් උරුම කරනු ලැබුවේ රංගනය වීම විශේෂත්වයක් විය. අහම්බෙන් රංගනයට පියවර තැබූ ඔහු අද වේදිකාවේ පුංචි තිරයේ සිනමාවේ තාරුණ්‍ය පිරි නළු පිරිවර අතර කැපී පෙනෙන නළුවකු වී හමාරය නමින් ඔහු අකලංක ප්‍රභාෂ්වර.
අපි කතා කරමු මේ දවස් වල කා අතරත් රසික සිත් දිනා සිටින අකලංක සමඟ.
කොහොමද අකලංක මේ දවස් වල අලුත් තොරතුරු?
මේ දවස්වල අලුත් චිත්‍රපටයකට වගේම ටෙලි නාට්‍යයකට සූදානම් වීමක් තියෙනවා. සමීර හසුන්ගේ චිත්‍රපටයක් වෙනුවෙන් තමයි මේ සූදානම. තවම ඒකට නමක් දාලා නැහැ. පෙබරවාරි මාසේ රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. ප්‍රියන්ත කොළඹගේ ගේ බැද්දේගම ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් දායක වෙන්න තමයි මේ පෙර සූදානම.
මේ දවස්වල කාර්යබහුල වෙලා තියෙන්නේ මොන මාධ්‍යයේ නිර්මාණ ඔස්සේද?
වේදිකාව තුළ මේ දවස්වල නාට්‍ය තුනක් වෙනුවෙන් රට වටා යමින් ප්‍රේක්ෂකයන් අතරේ රැඳීලා ඉන්නවා. චාමික හත්ලහ වත්තගේ “කොළඹ හතේ තොරණ”, චාලක රණසූරියගේ “අටවන බුවනෙක”, චාමර ගුරුගේ ගේ “අප අතර” වූ වේදිකා නාට්‍ය ත්‍රිත්වයෙන් වෙනස්ම චරිත තුනක් වෙනුවෙන් ජීවමාන වෙනවා.
අටවන බුවනෙක නාට්‍ය හාස්‍ය පිරි නාට්‍යයක්. එහි මම ඇමැති ආරක්ෂකයෙක්ගේ චරිතයක් කරනවා. දේශපාලකයන් ළඟ සමීපව ඉන්න මේ වගේ පුද්ගලයන්ට ජීවිතයේ කවදාවත් කරන්න අමාරු දේවල් තමයි කරන්න වෙන්නේ. අන්න ඒ වගේ කෙනෙක්ගෙ චරිතයක් හාස්‍ය කැටුව මම අටවන බුවනෙක නාට්‍ය නිර්මාණය තුළ කරනවා. අප අතර වූ නාට්‍ය නිර්මාණය තුළ ආදරය මානුෂීය සම්බන්ධතා ඇතුව ආදරය මූලික කරගත් නාට්‍ය නිර්මාණයක්. එහි කුසල්ගේ චරිතය මම කරනවා. අලුත බැඳපු ජෝඩු එක පිරිමියාගේ චරිතය තමයි කුසල් හරහා මම ඉදිරිපත් කරන්නේ . මේක සීරියස් නාට්‍යයක් කොළඹ හතේ තොරණ පර්යේෂණාත්මක නාට්‍යයක්. මේ රංග වෘන්දයක් නළුවොත් අට දෙනෙක් ඉන්නවා අපි සංගීතය කණ්ඩායමක් අපි තොරණක් ඇසුරින් කතා වස්තුවක් ඉදිරිපත් කරනවා මනමේ කතාව.
අකලංක වේදිකාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නේ කෙසේද?
2011 වසරේ යශෝධරා සරත්චන්ද්‍ර, කුසුම් සිරි ලියනගේ රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘දඟයා සහ පුංචි අන්දරේ’ නාට්‍ය නිර්මාණයෙන් තමයි ජනප්‍රිය වේදිකාවට ප්‍රවිෂ්ටය ලබන්නේ චාමික හත්ලහවත්ත තමයි මගේ නාට්‍ය ගුරුවරයා.
පාසල් අවධියේ පටන් රංගනය තුළ නියැළි පුද්ගලයෙක්ද ඔබ?
නෑ. මගේ පාසල ගල්කිස්ස ලලිත් ඇතුලත් මුදලිමහා විද්‍යාලය මගේ පාසලේ නාට්‍ය ගුරුවරයා වුණේ චාමික හත්ලාහවත්ත මම පාසලේ කිසිම නාට්‍යයකට සම්බන්ධ වුණේ නෑ. පාසලේදී මම කළේ ක්‍රිකට් ගහන එක ඒ ක්‍රීඩාවට මම ගොඩක් ප්‍රිය කළා. මගේ ඉලක්කය වුණේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයකු වීමයි. අහම්බෙන් තමයි මම කලාකාරයෙක් වෙන්නේ. වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නෙ. මගේ පාසලේ නාට්‍ය ගුරුවරයා චාමික සර් වුණත් මම සර් එක්ක සමීප ගනුදෙනුවක් පාසල තුළ කරලා තිබුණෙ නැහැ. සර් සහ මා අතර කලා නිර්මාණය සඳහා සම්බන්ධතා ඇති කරන්නේ මගේ යාළුවෙක්. ඔහු සචිත්‍ර කරුණාරත්න චාමික සර් රාජ්‍ය ළමා නාට්‍යවලට කරපු නාට්‍යයකට චරිතයකට කෙනෙක් මදිවෙලා සොයමින් ඉන්නකොට මගේ යාළුවා මම ගැන කියල සර් ළඟට එක්කන් ගිහින් හඳුන්වල දුන්නා. එතැනදි තමයි මගේ පාසලේ ගුරුවරයා වුණත් සර් හා මා අතර කතාබහක් ඇති වෙන්නෙත්. ‘හා හා හරි අපූරු හාවා’ රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සර් කරපු මේ නාට්‍යය 2009 හෝ 2010 රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා ඉදිරිපත් කෙරුණා. ඒ නාට්‍ය තමයි මගේ වේදිකා නාට්‍ය රංගනයේ ඇරඹුම.
ප්‍රසිද්ධ වේදිකාව තුළ නාට්‍ය නිර්මාණ බොහොමයක් වෙනුවෙන් දායකවෙන්න ඔබ වාසනාවන්ත වෙනවා සේම ප්‍රසිද්ධ නාට්‍යවේදීන්ගේ ඇසුර ලබමින් ඔවුන්ගේ නාට්‍ය නිර්මාණ කලාව වේදිකාවේ දිගටම රැඳී සිටීමටත් ඔබ වාසනාවන්ත වෙනවා නේද?
ඔව් ජයලත් මනෝරත්නයන්ගේ ‘හඬ නිහඩ’, ‘සෙල්ලම් නිරිදු’ චාමික හත්ලාහවන්න ගේ ‘මකරා’, ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නුවනි චිගේරා, ‘ජොහාන් ඇලෝසියස්’ වගේ නිර්මාණකරුවෝ සමග මට ගනුදෙනු කිරීමේ භාග්‍ය උදාවෙනවා රංගනයෙන්.
වේදිකාවෙන් පුංචි තිරයට ප්‍රවිෂ්ඨ වන නළුවෙක්ද අකලංක?
ඔව් මම තමයි පුංචි තිරය හොයාගෙන යන්නේ මගේ සාමකාලීන මිත්‍රයෙක් ඉන්නවා ජෙනට් ඇන්තනී කියලා. ඔවුත් සමග මම යනවා ස්වාධීන රූපවාහිනියේ දිගු ටෙලි නාට්‍යයක ඔඩිෂන් එකකට. ඒ ටෙලි නාට්‍ය වුණේ අපේක්‍ෂා එහි අධ්‍යක්ෂවරයා ලිලන්ත කුමාරසිරි. ඒ ඔඩිෂන් එකේදී මාව තෝරා ගන්නවා එහි රංගනය සඳහා මට මතක හැටියට 2013 වසරේ මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය අපේක්ෂා. ඊට පස්සේ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ හිමකඳු ටෙලි නාට්‍ය සඳහාත් මාව ඒ නිර්මාණයට දායක කරගත්තා.
වේදිකාවෙන් පුංචිතිරය හොයාගෙන එන ඔබට යළිත් ටෙලි නිර්මාණ දෙකක රඟපෑමත් සමග නැවතත් වේදිකාව සොයා යන්න හේතුවක් තිබුණාද?
මම වේදිකාව තුළ හඳුනාගත් මිත්‍රයෝ පිරිසක් හිටියා. ඒ මිත්‍රකම මගෙන් දුරස් වෙන බවක් හැඟුණා. අපි එකතුව කරපු නිර්මාණවල රිහසල්වලට. නාට්‍ය දර්ශනවලට සමහරවිට මම මේ ටෙලි නාට්‍ය රංගනය නිසාවෙන් එන්න බැරිව මගහැරුණු බවක් ඇතිවුණා. ඒ නිසා මට මාව මිස්වෙන ගතියක් ඇතිවෙන්න පටන් ගත්තා වගේ හැඟීමක් දැනුණා. ඒ පාර මම කලේ පුංචි තිරයට තිබ්බ මගේ පය ආයෙත් අඩියක් පස්සට අරන් සුපුරුදු වේදිකාවට පැමිණීම.
නැවතත් වේදිකාවෙන් පුංචි ඉදිරියට එක්වෙන බවක් අපිට දකින්න ලැබුණා.
ඔව් ඊට පස්සේ මම වියළි ටෙලි නාට්‍ය හරහා තමයි නැවත පුංචි තිරයේ ප්‍රේක්ෂක හදවතට සමීප වන්නේ. මුලින්ම මට අපේක්ෂා, හිමකඳු ටෙලිනාට්‍ය නිර්මාණවල රඟපාන කොට ඒ නිර්මාණ විකාශය වන කාලය තුළ මිනිස්සු අතර මම ජනප්‍රියභාවයෙන් පැවතියත් ටෙලිනාට්‍ය රංගනයෙන් බැහැරවීමත් සමඟ ඒ ජනප්‍රිය බව දුරස් වුණා. ඒක මගේ ගමනට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් නිහඬ බව යටපත් කරලා ප්‍රේක්ෂකයා අතරට ආපු වියළි ටෙලිනාට්‍යයේ කළුගේ චරිතය හරහා මම එතෙක් මගෙන් ඈත් වූ ප්‍රේක්ෂකයා නැවත මා සතු කර ගත්තා.
වියළි ටෙලි නිර්මාණය ඔය තරම් ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කර ගැනීමට හේතුව ලෙස ඔබ දකින්නේ?
ශාන්ති දිසානායක මහත්මියගේ දඩමංකඩ කියන පොත ඇසුරින් තමයි වියළි වල පිටපත ලියවුණේ. ඒ ටෙලි නාට්‍යයේ ස්වභාවය වගේම එහි පිටපතේ ස්වභාවය ටෙලි නාට්‍යවලින් මිනිස්සු ඈත් වෙලා ඉන්න අවධියක මිනිසුන්ව යළිත් ග්‍රහණයට ගන්න හැකියාවක් ඇති කළා කියලා මම හිතනවා.
මේ මෑතකදී විකාශය වෙලා අවසන් වූ රට පවුල ටෙලි නාට්‍යයේ ධනුකගේ චරිතයට ගොඩක් මිනිස්සු ප්‍රියකළා. වියළි ටෙලි නාට්‍යයෙන් මම ඇදබැදගත් වැදගත් ප්‍රේක්ෂක ප්‍රජාව තව දෙගුණ තෙගුණ වුණා. රට පවුල ටෙලි නාට්‍ය නිර්මාණයත් සමග
සිනමාවට ඔබ ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තේ කොහොමද?
මම මුලින්ම චිත්‍රපටයකට කියල රඟපෑවේ 2019 රොහාන් පෙරේරාගේ සීගිරි චිත්‍රපටයේ. තාම ඒක තිරගත වුනේ නෑ. සංජීව පුෂ්කුමාරගේ පීකොක් චමින්ද ඉලූක්වලගේ ‘මාගම් සෝලි’, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’, චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.
ඔබ රංගනයේ නියැළී එක චිත්‍රපටයක් මේ වෙනකොට තිරගතවෙලා අවසන් නේද?
සෝලෝ ටවුන් චිත්‍රපටය තිරගත වුණා. ඒකේ මම පොඩි චරිතයක් කළා. චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ‘ෆාදර්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි වල තිරගත වෙන්න නියමිතයි. සංජීව පුෂ්පකුමාරගේ පීකොක් ර්‍ථඥධජධජඬ ඹ්චථඥදබ (විහග ප්‍රේමය) චිත්‍රපටය ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී බෙස්ට් ආටිස් ක්‍රන්ට්‍රිබියුෂන් කියන එක යටතේ ලැබුණු සම්මානයත් සමඟ මම ගැන කතාබහක් ඇතිවුණා.
ඔබේ සිනමාත්මක රංගනය තවම ලාංකික ප්‍රේක්ෂක ප්‍රජාව තව හරිහැටි දැක්කේ නෑ කියලද ඔබ කියන්නේ?
ඔව් මගේ සිනමා රංගනයේ කතාබහක් නිර්මාණය වන සිනමා නිර්මාණයක් හැටියට මුලින්ම තිරගත වෙන්න නියමිත ෆාදර්. මට කරන්න පුළුවන් උපරිම උත්සාහයෙන් මම කරපු හැම චිත්‍රපටයක්ම රඟපෑවා. එකක් කියලා මට විශේෂත්වයක් නෑ. ඒ නිර්මාණ සඳහා මගේ රංගනයට මොනවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා මම දන්නෑ.
ක්‍රිකට් ක්‍රීඩකයකු වෙන්න හීන දකින ඔබ අහම්බෙන් නළුවෙකු වී ඉතා කෙටි කාලයක් තුළ ජනප්‍රිය ධාරාවේ පුරුකක් වීමේ රහස මොකක්ද?
රහසක් කියලා කියනවට වඩා මම මේ ප්‍රශ්නයට මෙහෙම දෙයක් පිළිතුරක් හැටියට කියන්නම්. වේදිකාව තුළ මුලින්ම රංගනය ගැන හරිහැටි දැනුමක් අපි තුළ පළපදියන් වුණොත් ඒ අය ඕනෙ තැනක කැච්වෙනවා. පිරිසක් අතර වුණත් වේදිකාවේ ලබපු පන්නරයක් හොඳ හැටි කැපී පෙනීමක් දකින්න තියෙනවා. අන්න ඒ කැපී පෙනීමේ ගුණය තමයි ඉතා කෙටි කාලයක් තුළ ජනප්‍රිය දහරාවේ පුරුකක් වෙන්න ඉනිමගක් වුණේ කියලා මට හිතෙනවා.
සාර්ථක රංගන අභ්‍යාසයකට හොඳම තෝතැන්න වේදිකාව කියලා මේ ක්ෂේත්‍රයට පියමනින්න බලාපොරොත්තුවන නවකයෙක්ට ඔබ යෝජනා කරනවාද?
ඔව් ඒ කතාවේ කිසිම වැරැද්දක් නෑ. වේදිකාව සමඟ ඉන්නකොට නිරන්තරයෙන් සතත අභ්‍යාසය කියන දේ තුළ රැඳෙන්න වෙන්න සිදු වෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර සජීවීව ලබන්න සිදුවෙනවා. මම හිතනවා නවකයෙකුට රංගනය හදාරන්න හොඳම පාසල වේදිකාව කියලා.
ඔබේ පවුලේ බලපෑමක් යම් විදියකින් කලාවට නැඹුරුවක් ඇති කරන්න හේතුවක් එහෙම වුණාද?
නෑ. තාත්තා කුඩා කල නළුවෙක් වෙන්න ආශාවෙන් හිටපු කෙනෙක්. හන්තානේ කතාව චිත්‍රපටයේ ඔඩිෂන් එකකට පවා ගිහින් තියෙනවා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ඒත් ඒ දේ හරි ගිහින් නෑ.
අකලංකට රංගනය වගේම ගායනයේ් හැකියාවත් ඇති?
ඔව්. මට සිංදු කියන්න පුළුවන් තවම මම ගායකයෙක් වෙන්න ඕනේ කියලා හිතලා නෑ. මම රඟපාන්න ආස නිසා.
අද ඔබ ජනප්‍රියත්වය හඹා යන පුද්ගලයෙක් බවට පත්වෙලාද?
නෑ. මට හම්බවෙන නිර්මාණයක් මම උපරිම කැපවීමෙන් කරනවා. ස්වාභාවිකව වෙන දේ මට වළක්වන්න බෑ. ඒ දේට ඉඩ දීලා මගේ සරල ගමන මම යනවා.
ඔබට දැන් ලැබෙන පිළිගැනීම සමග තව තවත් ජනප්‍රියවීමේ ආශාව නිසාවෙන් නිර්මාණ සොයන්නෙක් බවට පත්වෙලාද?
මම නිර්මාණ සොයා යන අවස්ථා තියෙනවා. මාව නිර්මාණකරුවන් සොයාගෙන එන අවස්ථාත් තියෙනවා. දෙයාකාරයෙන්ම සිදුවන දෙයක්. මම ආස කරන නිර්මාණකරුවෙක් ඉන්නවා නම් මම කතා කරන අවස්ථා තියෙනවා මට රඟපාන්න පුළුවන් මට අවස්ථාවක් දෙන්න කියලා. අනිත් පැත්තෙන් අධ්‍යක්ෂකවරු ඇවිත් කතා කරනවා වැඩක් කරමුද අපි කැමතියි ඔයාව දාලා වැඩක් කරන්න කියලා.
රංගනයේ නියැළෙන්න ඔබ හීන දකින නිර්මාණ, අධ්‍යක්ෂවරු එහෙමත් ඔබේ හිතේ ඉන්නවද?
අපේ රටේ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ මලිත් හෑගොඩ වගේම හොලිවුඩ් සිනමා නළුවකු අධ්‍යක්ෂවරයකු වූ මේල් ගිබ්සන්ගේ නිර්මාණ සඳහා දායකවෙන්න කැමැතියි.
මාධ්‍ය ත්‍රිත්වයේම ගනුදෙනු කරන ඔබ වඩාත් රුචිකත්වයක් දක්වන්නේ මොන මාධ්‍යය සදහාද?
මම කැමති වේදිකාවට.
අද ජනප්‍රිය ධාරාව තුළ පුංචි තිරය සිනමාව පත්වී ඇති අවධියක වේදිකාවට ප්‍රිය කරන ඔබව වේදිකාවෙන් අද ප්‍රේක්ෂකයා දුරස්වෙන කාලයක රංග ශිල්පියෙක් ලෙස ඔබේ අනාගතය ගැන බියක් නැද්ද?
මම ළඟ අනවශ්‍ය ආටෝප නෑ. ස්වාභාවික ගතිය තුළ ජීවත් වෙන්න කැමති කෙනෙක්. මම හදපතුලෙන් කැමති වේදිකාවට සංඛ්‍යාත්මකව මාව හඳුනා ගන්නේ කොතරම් කුඩා පිරිසක් වුණත් මම කැමතියි වේදිකාවේ ලබන නිදහසට. හුදකලාවක් තිබුණත් ඒ නිදහසට මම බොහොම ප්‍රිය කරන කෙනෙක්.
නිදහස ප්‍රිය කළත් රුචි අරුචිකම් කොහොම වෙතත් ආර්ථිකයත් ජීවත්වෙන්න වැදගත් නේද?
එහෙම හිතුවොත් මට ටෙලි නාට්‍ය චිත්‍රපට ගැන හිතන්න වෙනවා. මම ගුරුවරයෙක් විදියටත් වැඩ කරනවා. මෝදර ආනන්ද විද්‍යාලයේ. එහි මම නාට්‍ය හා රංගකලාව දරුවන්ට උගන්වනවා. බාහිර පුද්ගලයෙක් වශයෙන් ඉදගෙන ඔවුන්ට වැඩමුළු පවත්වනවා.
වේදිකාව, සිනමාව, පුංචි තිරය මාධ්‍ය කොට ඔබ රංගනයේ නියැළෙන පුද්ගලයෙක් ලෙස මේ සඳහා ඔබට ගුරුවරුන් වුණේ කවුද?
මට ගුරුවරු නෑ. ඇක්ටින් වලින් මම ඉගෙන ගත් මූලික දෙයක් මත එදිනෙදා කරන පුහුණුවීම් වලින් තමයි මේ මාධ්‍ය තුනේම ගනුදෙනු කිරීම සිද්ධ කරන්නේ. මට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. අපි එකිනෙකා ඔවුන් ඔවුන් අතර සාකච්ඡා කරනවා. ඇට් එකක් කොහොමද එකින් එක වෙනස් කරන්නේ කොහොමද කියලා වේදිකාව, පුංචි තිරය, සිනමාව කියලා. කොටුවුණු පුද්ගලයෙක් නොවෙයි මම රංග ශිල්පියෙක් පමණයි. මාධ්‍ය පැත්ත වෙනස් වුණත් මම රංගන ශිල්පියා පමණයි.
මොන චරිත රඟපෑවත් රංග ශිල්පියෙක් ලෙස අදටත් ඔබ හීන දකින චරිත ඇතිි නේද?
අධ්‍යක්ෂවරු දෙන චරිත අපි රඟපානවා. නමුත් මට අවුරුදු අසූවක මහල්ලෙක්ගේ චරිතයක් දුන්නොත් මම කැමතියි. උපරිම මට්ටමින් ඒ චරිතය කරන්න ඒ වගේම තමයි සමාජයේ මොන පැත්තෙන් හරි කතාබහට ලක් වූ හොඳ නරක පැත්තෙන් චරිත කරන්න මගේ කැමැත්තක් තියෙනවා.
තාරුණ්‍යයේ කලදවස ගෙවන පුද්ගලයෙක් වශයෙන් ප්‍රේමවන්තයාගේ වපසරියේ රැඳෙන්න ආශාවක් නැද්ද?
ප්‍රේමය තුළ රැඳීම මට ඒකාකාරී ගතියක් තියෙනවා. මම කැමතියි පේ‍්‍රමවතාගෙන් මිදී විවිධ චරිත කරන්න. ලව් කරනවටා වඩා නළුවෙක් හැටියට කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා.
ඔබේ සාර්ථක ගමනේ පිටුපස සිටින සෙවනැලි එහෙමත් ඇති?
චාමික හත්ලාවත්ත හැරුනු කොට ඊට ඉහළින් මට ගුරුවරු නෑ. මගේ අම්මා ශ්‍රියාණි වීරරත්න, තාත්තා චන්ද්‍රදාස අක්කා ඉමල්ෂා ප්‍රභාවි මේ අය තමයි මගේ පිටුපස සිටින සෙවණැලි. ඊට අමතරව මගේ ළඟ සිටින මිත්‍රයෝ පිරිස.
ෆාදර් සිනමා නිර්මාණය සමගින් නොබෝ දිනකින් හමුවෙමු?
ඔව් තව වැඩි දවසක් නෑ අලුත් අවුරුද්දට මෑත භාගේ නිර්මාණය වූ දැවැන්ත චිත්‍රපට නිර්මාණයක් ලෙස මම ‘ෆාදර්’ දකිනවා. මේ නිර්මාණය මගේ රංග ජීවිතේ එක් කඩඉමක් වෙයි කියලත් හිතනවා මේ කතා තේමාව අපි නිතර දෙවේලේ දකින මානසික රෝගී මනුස්සයෙක් පේ‍්‍රමයක් තියන කතාවක් ප්‍රේමවන්තයෙක්ගේ් කතාවක් නොවෙයි. සටන් තියෙන සින්දු තියෙන ක්‍රියාදාමයන් ඇති ඉස්සර බයිස්කෝප් මාදිලියේ චිත්‍රපටයක් තමයි ෆාදර්.
මේ චිත්‍රපටය මගේ විතරක් නෙමෙයි අධ්‍යක්ෂවරයාගේ සිට රඟපෑ වැඩි දෙනෙකුගේ කඩඉමක් වෙයි කියලා මම හිතෙනවා. ඒ වගේම ෆාදර් සිනමා නිර්මාණය සිනමාවේ ලෑන්ඩ් මාර්ක් එකක් වෙයි කියලත් මම හිතනවා.
චන්දන දයාසිරිවර්ධන
