නවක චිත්රපට අධ්යක්ෂවරයෙකු වන අනිශ්ක ජයසිංහ තිරරචනා කොට අධ්යක්ෂණය කරනු ලබන “Beginning” චිත්රපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්රපට සංස්ථාවේ ජෝ අබේවික්රම ශාලාවේදී පැවැත්විණි.
විදේශයක හැඳී වැඩුණු සිංහල තරුණයෙකු වටා ගෙනෙන “Beginning” හි ප්රධාන චරිතයට පණ පොවන්නේ පසන් රණවීරයි. මීට අමතරව තුමිඳු දොඩම්තැන්න, ඩිනාරා පුංචිහේවා, ටෙහානි චිට්ටි, නිදායන් නසීර්, තරුෂ කුමාරසිංහ, වරුන් සේතු, ශාලා අමරසූරිය, ටේස් ජයසිංහ රංගනයෙන් දායක වෙති.
Beginning හි කැමරාකරණය චන්න දේශප්රියගෙනි. සංස්කරණය තිස්ස සුරේන්ද්ර වන අතර නාද ශික්ෂණය සහ සංගීත අධ්යක්ෂණය චින්තක ජයකොඩි විසිනි. වර්ණ සංයෝජනය අසංක වික්රමසිංහ ගෙනි. රාජිත දික්හින්න වේශ නිරූපණයෙන් දායක වී ඇත.”Beginning ” Vision 41 Productions නිෂ්පාදනයකි. චිත්රපටයේ සහාය අධ්යක්ෂණය හා සම්බන්ධීකරණය දමින්ද ඩී.මඩවලගෙනි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය
