‘වෙස්ටර්න්’ හෙවත් ‘පැරණි බටහිර අමෙරිකානු’ ප්‍රභේදයට අයත්, නැතහොත් ‘කවුබෝයි’ චරිත වටා නිර්මාණය වුණු චිත්‍රපටවල ඉතිහාසය වසර 1903 තරම් ඈතට දිව යනවා. මෙම ශානරය ඇමරිකානු සිනමාව, ඇමරිකානු නවකතාව, කෙටිකතාව, පුවත්පත් ලිපි, චිත්‍ර කතා සහ රූපවාහිනිය ආදී විවිධ මාධ්‍යයන්හි එකතුවෙන් නිර්ම්ත වූවකි. ‘ද ග්‍රේට්ට්‍රේන් රොබරි’ නම් වූ පළමු කවුබෝයි චිත්‍රපටය නිහඬ චිත්‍රපටයක් වූ අතර, විනාඩි 12 ක ධාවන කාලයකින් යුක්ත විය. එදා මෙදා තුර මෙම ගණයේ චිත්‍රපට අති විශාල සංඛ්‍යාවක් තිරගත වී ඇති අතර, ‘ද ට්‍රෙෂර් ඔෆ් ද සිඑරා මාද්රේ’ (1948), ‘ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් දි අග්ලි’ (1966), ‘හයි නූන්’ (1953), ද සර්චර්ස් (1956), ද වයිල්ඩ් බන්ච් (1969), අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964)’, යන ඒවා ඉහළින්ම වැජඹෙන සිනමා කෘති බවට බොහෝ විචාරකයින්ගේ අදහසයි. මෙම කවිබෝයි චිත්‍රපටයන්ට නව පණක් දුන් විශිෂ්ට සිනමාකරුවකු වේ නම් ඒ සර්ජියෝ ලියෝන් ය. 
ඔහු 1960 දශකයේ කැපී පෙනුණේ බටහිර තාලේ චිත්‍රපටවලට (කව්බෝයි චිත්‍රපට) මුලුමනින්ම නව ජීවයක් දෙමින් ස්පැගට් වෙස්ටර්න්ස් යන නම් ලත් චිත්‍රපට කිහිපයක්ම ලෝකයාට තිළිණ කරමින්, මනරම් පුළුල් දසුන් ද ඊටම ඈඳා ආකර්ෂණීය සමීප රූපවලින් අලංකාර වූ අතරින් පතර සිදුවන ප්‍රචණ්ඩ සිදුවීම්වලින් සැරසුණු එනියෝ මොරිකොනීගේ සංගීතයෙන් ඔප දැමූ තුවක්කු සහ ඉර එළියේ ඔපෙරා බඳු වූ ලියෝන්ගේ මෙම චිත්‍රපට ක්ලින්ට් ඊස්ට්වුඩ් ඇතුළුව ඇමරිකානු නළුවන් ගණනකට රැකියා සොයා දෙන්නට සමත් වීමෙනි. වෙස්ටර්න් ශානරයේ චිත්‍රපට ප්‍රභේදය ඇසුරින් පසුකාලීනව ටෙලිවිෂනයේ ආගමනයත් සමඟ ටෙලිකතා මාලා (ඊම ඵඥපඪඥඵ) නිෂ්පාදනය වීම ආරම්භය සිදු විය. වෙස්ටර්න් ශානරයේ විශිෂ්ට චිත්‍රපට බොහෝ නිර්මාණය වූවත් ටෙලිකතා මාලා නිෂ්පාදනය වී ඇත්තේ ස්වල්පයකි. මේ වසරේ අන්තර්ජාලයේ විකාශය වූ ‘ඒථඥපඪජචද ර්‍ථපඪථඥමචත’ ටෙලි කතා මාලාව වෙස්ටර්න් ශානරය යටතේ නිෂ්පාදනය වූ ගුණාත්මක ටෙලි කතා මාලාවකි. ‘ඒථඥපඪජචද ර්‍ථපඪථඥමචත’ කතා මාලාව ප්‍රේක්ෂකයා අතර වඩාත් අවධානය දිනාගන්නේ එහි අන්තර්ගත සිනමානුරූපිබව නිසාමයි. ටෙලිගතිය ඉක්මවා යන සිනමාත්මකබව (ඛ්ඪදඥථචබඪජ) එහි පිහිටා ඇත.
කතාංග (ඡ්නඪඵධඤඥඵ) හයකින් සමන්විත ‘ඒථඥපඪජචද ර්‍ථපඪථඥමචත’ ටෙලි කතා මාලාව සුප්‍රකට නෙට්ෆ්ලික්ස් සමාගමේ නිෂ්පාදනයකි. මෙහි කතාව දැක්වෙන්නේ වර්ෂ 1857 – 1858 වසරේ සිදු වූ ‘යුටා යුද්ධය’ පැවති කාල අවකාශ පසුබිමෙහි ය. තම සැමියා ඝාතනය කර පළා යමින් සිටින ‘සාරා රොවෙල්’ සහ ඇගේ පුත් ‘ඩෙවින්’ වටා කතා මාලාවේ සිදුවීමි පෙළ ගැසී ඇත. මෙම දෙපළ පසුපස තිළිණ දඩයම්කරුවන් (ඕධභදබර ඩ්භදබඥපඵ) පැමිණෙයි. ඒ මොවුන් දෙපළ ජීවග්‍රහයෙන් ගෙනත් දෙන බවට රතු නිවේදන නිකුත් කරන ෂෙරිෆ්වරුන් විසින් ඇමරිකානු ඩොලර් 1500ක ත්‍යාග මුදලක් නියම කරමිනි. තිළිණ දඩයම්කරුවන් සාරා සහ ඇගේ පසුපස පැමිණෙයි. සාරා විසින් ප්‍රදේශයේ වෙසෙන දඩයම්කරුවන්, මංකොල්ලකරුවන්, රතු ඉන්දියානු ගෝත්‍ර ජනතාවගේ ඇස්වලට වැලි ගසා පළා යයි. ඔවුන් දෙපළගේ පළා යෑම මධ්‍යයේ ඊට පසුබිමින් රතු ඉන්දියානුවන් සහ සුදු ජාතිකයන්ගේ ගැටුම් පිළිබඳව ද නිරූපණය වෙයි. රතු ඉන්දියානුවන් යනු අතිශය කෲරතර ප්‍රචණ්ඩත්වයෙන් යුතු පිරිසක් බව පෙන්වයි. ඇමරිකාවේ මුල් අයිතිකරුවන් වූ රතු ඉන්දියානුවන්ගෙන් උදුරා ගත් ඉඩම් වෙත සුදු ජාතිකයන් මර්දනකාරී ආධිපත්‍යය පිළිබඳ නිරූපණය වෙයි. ඇමරිකාවට සංක්‍රමණය වූ සුදු ජාතිකයන් සහ ස්වදේශික රතු ඉන්දියානුවන් අතර සටන මෙහි පිළිබිඹු වීම දේශපාලනික-සාමාජීය වශයෙන් සන්නිවේදනය කරන දෘෂ්ටිවාදීමය අර්ථ කථනයක් ලබා දෙන්නට දරන උත්සාහයක් බවයි මගේ පෞද්ගලික ව්ශ්වාසය නම්.
‘ඒථඥපඪජචද ර්‍ථපඪථඥමචත’ කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත්තේ සුප්‍රකට සිනමාකරුවකු වන ‘පිටර් බර්ග්’ විසිනි. ඔහු නිර්මාණය කළ වැදගත් හොලිවුඩ් චිත්‍රපට ලෙස ‘බැට්ල්ෂිප්’ (2012), ‘ලෝන් සර්වයිවර්'(2013), ‘ඩීප්වෝටර් හොරයිසන්'(2016) ය. කතා මාලාවේ චරිත සඳහා පණ පොවන විශිෂ්ට නළු නිළියන් දාමයක් සිටියි. හොලිවුඩයේ සුපිරි නළු ‘ටෙිලර් ක්ට්ෂ්’, ‘ජේ කොට්නි’, ‘ෂියා විගම්’ සහ ‘බෙටි ගිල්පින්’ වැනි දක්ෂ නළු නිළියන් රැසක් විසින් කතා මාලාවේ චරිත සඳහා ප්‍රාණය සපයයි. කතා මාලාව වෙත ශානරීය පෙනුම ලබා දෙන්නේ හිම රැඳී කඳුකර මිටියාවත්, මඩ ගොහොරු පිරී අනවසර ජනාවාස සහ වියළි දේශගුණයක් සහිත වටපිටාවයි. මෙම පරිසර සාධක ගැටුමේ ඓන්ද්‍රිය අංගෝපාංග ය. ඇමෙරිකාවේ භූමිවල එකල වාසය කළ රතු ඉන්දියානුවන්ගේ සහ යටත්විජිතවාදී බටහිර සුදු ජාතිකයන්ගේ සැහැසිමය ප්‍රචණ්ඩ ක්‍රියා සහ සංකීර්ණගත හැසරීමි රටාවෙන් කතා මාලාවට නව ප්‍රාණයක් ලබා දී තිබේ. කතා මාලාව ගතානුගතික ඇමරිකානු බටහිර චිත්‍රපටවලට තිබෙන ශෛලිය මඳකුදු වෙනස් කළ නමුත් කතාව, කතා සාරය, චරිත ගොඩ නැඟුම සහ මනෝභාවය යන කරුණු එම පැරණි චිත්‍රපටවලට සපුරා වෙනස් ස්වරූපයන් ගනී.
තවද වීරයා හා දුෂ්ටයා අතර සදාචාරාත්මක වෙනස ද කළු සහ සුදු මිශ්‍ර අළු චරිත ලෙස පෙන්වා දී තිබෙනවා. කෙටි හා හදිසි ප්‍රචණ්ඩත්වයෙන් බිඳී ගිය ඉතා සුළු, දෙබස් හා සුළු සිදුවීම් ඇති දිගු, මන්දගාමී දර්ශන කතා මාලාවේ අන්තර්ගත වේ. විටෙක දැඩි නිහඬතාවය මඟින් ජීවිතයක ඇති අවිනිශ්චිතතාව හඟවයි. කුමන මොහොතකදී රයිෆලයකින් හෝ රිවෝල්වරයකින් උණ්ඩයක් පිට වේවිදෝ යන කුකුස සැමවිටම ප්‍රේක්ෂකයාගේ හද තුළ මෙකී නිහඬතාව ඉස්මතු කරන්නට සමත් වෙනවා. පරිසරය සහ ඒ යුගය පිළිබඳ පරාසයක් පෙන්වන ඇඳුම් ආයිත්තමි, නගර, විලාසිතා ආශ්‍රයෙන් මිසෝන් සේන් භාවිතය විශිෂ්ට ආකාරයෙන් නිර්මාණය කර තිබෙන බවට ඇගයුම් ලැබෙන්නේ කතාවේ විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාවය තීව්‍ර කිරීමෙනි. කැමරාකරණය සුවිශේෂි රූප සත්කාරයක් (ඍඪඵභචත තධධඬ) ලබා දෙන්නට සමත් වෙන්නේ විවිධ කැමරා කෝණ භාවිතා කර ඇති විලාසයෙනි. කතා මාලාව පුරා යොදාගෙන ඇති ඒකාකාරී සංගීත රාවය විසින් කතා මාලාව වෙත කැන්දාගෙන එන අපූර්වත්වය නම් මතකයෙන් නොමැකෙයි. ‘ඒථඥපඪජචද ර්‍ථපඪථඥමචත’ ටෙලි කතාමාලාව මෑතභාගයේ නිර්මාණය වූ ගුණාත්මක ටෙලි නිෂ්පාදනයකි. ඒ සිනමාත්මක ආලංකාරිකයකින් සමන්විත සිනමා වැඩබිමකි.
මලින්ත විතානගේ
