Home » 55 වැනි කේරළ රාජ්‍ය සිනමා සම්මාන උලෙළේ ප්‍රසන්නගේ Paradise චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක්

55 වැනි කේරළ රාජ්‍ය සිනමා සම්මාන උලෙළේ ප්‍රසන්නගේ Paradise චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක්

by mavan
November 6, 2025 8:26 am 0 comment

පසුගිය දා ඉන්දියාවේ පැවති කේරළ ප්‍රාන්ත සිනමා සම්මාන උලෙළේදී ප්‍රවීණ සිනමාවේදි ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradiseඉන්දියානු චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක් හිමිවිය. එනම් හොඳම කතාව (ප්‍රසන්න විතානගේ), විශේෂ ජූරි සම්මානය සහ රංගනය වෙනුවෙන් විශේෂ ජූරි සම්මානය (දර්ශනා රාජේන්ද්‍රන්) යන සම්මාන ත්‍රිත්වයයි. මෙම උලෙළේදී සුපිරි නළු මම්මුටි වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහුට මෙම සම්මානය හිමිවූයේ විචාරක පැසසුමට ලක්වූ ‘බුමයුගම් ‘ චිත්‍රපටයේ කොඩුමොන් පොටිගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙනි. මෙම සම්මානය ප්‍රකාශයට පත්කරන ලද්දේ සංස්කෘතික සහ චිත්‍රපට අමාත්‍ය සජී චෙරියන් විසින් ප්‍රකාශ් රාජ් ප්‍රමුඛ හත්දෙනෙකුගෙන් යුත් ජූරි සභාව ඉදිරියේය.
පසුගිය වසරේ කේරළ අන්තර් ජාතික චිත්‍රපට උලෙළෙදී සම්මාන කිහිපයක් දිනාගත් ‘ ෆෙමිනිචි ෆාතිමා චිත්‍රපටයේ රඟපෑ ෂමිලා හම්සා හොඳම නිළිය සඳහා වන සම්මානය දිනා ගත්තේය.
මොලිවුඩයේ බ්ලොක්බස්ටර් චිත්‍රපටය වූ මංජුම්මේල් බෝයිස් චිත්‍රපටය විවිධ කාණ්ඩ යටතේ සම්මාන 10ක් දිනා ගනිමින් වසරේ හොඳම චිත්‍රපටය බවට තේරී පත්විය. කලා අධ්‍යක්ෂ අජයන් චලිසේරි හොඳම කලා අධ්‍යක්ෂවරයා ලෙස තේරී පත්වූ අතර ෂිජින් මෙලිටින් එම චිත්‍රපටයේ හොඳම ශබ්ද නිර්මාණය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තේය.

හොඳම නළුවා මම්මුටි

හොඳම නළුවා මම්මුටි

හොඳම නිළිය ෂම්ලා හම්සා

හොඳම නිළිය ෂම්ලා හම්සා

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT