ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 44 වන ජාතික යෞවන නාට්‍ය උලෙළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බණ්ඩාරණායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ කමත පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙවර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 56ක් දෙනකු සදහා සම්මාන සහ කුසලතා සම්මාන සමඟ ඇගයුම් සහතික පිරිනැමිණි. සම්මාන ප්‍රදානයේ දී ප්‍රවීණ නාට්‍යවේදීන් රැසක් ද ඇගැයුමට ලක් කෙරිණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යනාදී මහත්ම මහත්මීහු සහ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවෝ රැසක් මේ සඳහා සහභාගි වූහ.

