Home » 44 වැනි සිග්නීස් සම්මාන උලෙළ

44 වැනි සිග්නීස් සම්මාන උලෙළ

by mavan
November 6, 2025 1:29 pm 0 comment

සිග්නීස් අන්තර්ජාතික සංවිධානය ශ්‍රී ලංකාව ශාඛාව මඟින් 44 වැනි වරටත් සංවිධානය කරනු ලැබු සිග්නීස් උත්තමාචාර සිනමා හා ටෙලි නාට්‍යය සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ආසියානු රදගුරු සම්මේලනයේ ජන සන්නිවේදන කොමිසමේ විධායක ලේකම් ගරු ජෝන් මිෂෙන් පියතුමා සහ වැඩ බලන අපෝස්තලික තානාපති ගරු රොබෙර් තෝ ලුච්නි මාහිමිපාණන් ප්‍රධානත්වයෙන් පැවැත්ව්ණි.

2023 සහ 2024 වර්ෂයේ සඳහා තිරගත හා විකාශය වූ සිනමා පට හා ටෙලි නාට්‍ය අගයමින් සම්මාන 90ක් මෙහිදී පිරිනමනු ලැබිණි. මෙවර ජිවිතේ එක්වරක් පමණක් පිරිනමන සිග්නිස් උත්තමාචාර සම්මාන හතරක් පිරිනැමිණ. ගීත ක්ෂේත්‍රයට හා කලා වෙනුවෙන් කළ අනූපමේය සේවය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලනි, ආචාර්ය වික්ටර් රත්නායක ද ප්‍රවීණ චිත්‍රපට කාර්මික ශිල්පී පාලිත වීරකෝන්, ප්‍රවීණ චිත්‍රපට ශබ්ද සම්පාදක ඩබ්ලිව් ජී.පොඩිරත්න යන සිව් දෙනා මෙවර සම්මානයට පත්‍රවිය. (සම්මාන ප්‍රතිඵල ලබන කලාපයේ පළ වේ)

 

සටහන හා සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT