Home » 40 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ

40 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ

by mavan
January 22, 2026 11:04 am 0 comment

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කළ 40 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ දිවයින පුරා විසිර සිටින කලාකරුවන් ඇගයෙන ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළේ මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වේ. දිවයින පුරා විසිරී සිටින ප්‍රවීණ කලාකරුවන් 200 දෙනෙකු මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

සංගීතය, නර්තනය, චිත්‍ර, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර හා මූර්ති ආදී ක්ෂේත්‍රයන් හි නියැලුණු කලා ශිල්පීන් රැසක් සඳහා කලාභූෂණ සම්මාන පිරිනැමිම සිදු කෙරිණි.

ප්‍රවීණ කලාකරුවන් වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය, ජනක ෆොන්සේකා, ආර්. ෂඩගෝපන්, දි.ග සෝමපාල, විනී හෙට්ටිගොඩ, ලූෂන් බුලත්සිංහල, අර්නි පීරිස්, මනෝජ් පිරිස්, නිරංජලා සරෝජනී, මිරැන්ඩා හේමලතා සහ ඉන්ද්‍රානි බෝගොඩ ඇතුළු ජාතික තලයේ කලාකරුවන් මෙහිදී කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය සහ සහතික පත්‍රය සමඟ මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

සම්මාන උලෙළ ඇමතූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එහිදි පවසා සිටියේ තාක්ෂණික මෙවලම් අවම වූ යුගයක සිය බුද්ධිමය ප්‍රතිභාව මෙහෙයවා ශශ්‍රී ලංකේය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් මෙම කලාකරුවන් විසින් කරන ලද කාර්යභාරය අනුපමේය බවයි

කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රවර්ධන) ධම්මිකා කේ. විජයසිංහ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මහත්ම මහත්මීන් හා කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT