36 වැනි සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන් චිත්‍රපටයට සම්මාන ද්විත්වයක් හිමි විය. ආසියානු වෘත්තාන්ත චිත්‍රපට අංශයේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ලලිත් රත්නායකටත්, හොඳම නළුවා සම්මානය එහි රංගනයේ නිරත වූ මහේන්ද්‍ර පෙරේරාටත් හිමි විය.මහේන්ද්‍ර පෙරේරා සමග එහිදී හොඳම රංගනය සඳහා වන නිර්දේශ නාම අතරට රන්දික ගුණතිලකද නිර්දේශ විය.
එසේම පසුගිය දොළොස් වැනි දා ආරම්භ වූ කේරල අන්තර්ජාතික සිනමා උලෙළේ 30 වැනි අදියරය සඳහා ද රිවර්ස්ටන් තිරගත වන අතර මෙම උලෙළේදී රටවල් 82කට අයත් සිනමා පට 206ක් නියෝජනය කරනු ලබයි. පුරා දින නවයක් කේරළයේ තිරුවනස්පුරම් හිදී පැවැත්වෙන මෙම උලෙළ සඳහා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක නිරත වෙන රන්දික ගුණතිලක ද එක්ව සිටි.
මින් පෙරද ලෝකයේ ප්‍රධානතම චිත්‍රපට උලෙළක් වන ෂැංහයි අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම තිර රචනය සඳහා වන සම්මානයද හිමි කර ගත් රිවර්ස්ටන් චිත්‍රපටය ප්‍රභාත් රෝෂන් සමග නිමන්ති පෝරගේ නිෂ්පාදනය කර ඇත. එසේම මේ වන විට දැනගන්නට ලැබී ඇත්තේ මෙම උලෙළේ රිවර්ස්ටන් ඇතුළු චිත්‍රපට 19 ක් තිරගත වීම ඉන්දීය මධ්‍යම රජය විසින් වාරණය කර ඇති බවයි කේරළ සිනමා උලෙළේ ලෝක සිනමා අංශය යටතේ ආරාධිත චිත්‍රපටයක් ලෙසින් සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටය ප්‍රතිෂ්ඨාපනය කළ සම්භාව්‍ය අංශය යටතේ තිරගතවන බව දැන ගන්නට ලැබී ඇත.
ඉන්දියාවේ ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් වෙනුවෙන් ශිවේන්ද්‍ර සිංගේ ඉදිරිපත් කිරිමෙකි.
