අරුණ ජයවර්ධන විසින් තිරරචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ‘මාරියා’ චිත්‍රපටය නොවැම්බර් 21 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ.
සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘මාරියා’ අන්තර් ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
මෙහි මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ සහ සුරන් දසනායක රංගනයෙන් දායක වී ඇත.
මාරියා හි කැමරාකරණය චන්න දේශප්‍රියගේ වන අතර සංස්කරණය ඩිලන්ත පෙරේරා ගෙනි. ශබ්ද පරිපාලනය ශෂික රුවන් මාරසිංහ ගෙනි. ප්‍රියංක තිලක් රත්නායක විසින් අංග රචනය සිදුකර ඇති අතර කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න විසිනි. සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි විසිනි. අනුර ජයවර්ධන සහ අංජලී බුදවත්ත විසින් ගීත රචනය කර ඇත. මාරියා චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ඉන්ද්‍රජිත් සිල්වා විසිනි.
