30
2025 මහා රංගාභිෂේකය 10 උඩරට නර්තන කලඑළි මංගල්‍යය 2025 දෙසැම්බර් මස 13 වෙනිදා පෙරවරුවේ මීගමුව අභයසේකරාරාමයේදී පැවැත්වේ. නර්තනාචාර්‍ය මුදියන්සේ දිසානායක, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහතරට නර්තනාංශයේ කථිකාචාර්‍ය හර්ෂ වික්‍රමතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම කලඑළි මංගල්‍යයට සහභාගී වීමට නියමිතය. මෙම කලඑළි මංගල්‍යය සංවිධානය කරනු ලබන්නේ මීගමුව හංසිනී මධුරප්පෙරුම රංගායතනයේ අධිපතිනි නර්තනාචාර්‍යනී හංසිනී මධුරප්පෙරුම විසිනි. මෙවර ඇයගෙන් ශිල්ප ලැබූ සිසුවියන් දොළොස් දෙනෙකු සුබ මොහොතින් පාහිම්පත් පැලඳවීමට නියමිතයි.
