117
2025 රාජ්‍ය දෘශ්‍ය කලා ප්‍රදර්ශනය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ජේ.ඩී.ඒ පෙරේරා ශාලාවේ දී පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පින් සහ මූර්ති ශිල්පින්ගේ නිර්මාණ මේ සඳහා ඇතුළත්ව තිබුණි.
රාජ්‍ය දෘශ්‍ය කලා ප්‍රදර්ශනය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කේ.එස් දිල්හානි සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.
