ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ චරිත් අබේසිංහ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ර්ප. මිසිස් චිත්‍රපටිය නොවැම්බර් 20 දින සිට ඊ. ඒ .පී. සිනමා මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතය. ගිරිරාජ් කෞශල්‍ය විසින් තිර රචනය ලියන ලද හාසේයීත්පාදක සිනමා නිර්මාණයක් වන මෙහි උද්දික ප්‍රේමරත්න, දිනක්ශි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, මිහිර සිරිතිලක, සරත් කොතලාවල, සමන් හේමරත්න, ආනන්ද කුමාර උන්නැහේ, පියුමි බොතේජු, අසංග පෙරේරා, මදුශාන් නානායක්කාර, ලාල් කුලරත්න, මදුශාන් හත්ලාහවත්ත, තුෂිණි ප්‍රනාන්දු, දිල්ෂාන් පතිරත්න, ප්‍රියාල් වීරසිංහ, රුක්මන් තිලකරත්න, සමන්ත ලියනපතිරණ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති.
කැමරා අධ්‍යක්ෂණයෙන් හා ආලෝකකරණයෙන් චරිත් අබේසිංහ, සංස්කරණයෙන් ඉරුෂ ගමගේ, වර්ණ සංයෝජනයෙන් යශෝද ධනුපම, අංග රචනයෙන් නලින් ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂණයෙන් සරච්චන්ද්‍ර ජයවීර, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, ගී පද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟින් කැලුම් ශ්‍රී මාල්, ගීත ගායනයෙන් සුපුන් පෙරේරා, උද්දික ප්‍රේමරත්න සහ අමන්ද්ය උත්පලී, සහය අධ්‍යක්ෂණයෙන් නුවන් ශ්‍රීනාත් කස්තුරිආරච්චි, දායකව ඇති ර්ප. මිසිස් රයිගම් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් ආචාර්ය රවි ලියනගේ විසින් නිෂ්පාදනය කරයි. මින් කලකට ඉහත චරිත් අබේසිංහ ජූලියා සිනමාපටය නිෂ්පාදනය කරමින් සිනමාවට පැමිණියේය.
