Home » කළා පුවත්

කළා පුවත්

by mavan
January 29, 2026 1:05 pm 0 comment

“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies”

77 වැනි ඉන්දීය ජනරජ දිනය සැමරීම සඳහා සංවිධානය කළ සංගීතමය සන්ධ්‍යාවක් පසුගිය දා Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies නමින් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ. බොලිවුඩ් ගීත රැසක් පසුබිම් ගායන ශිල්පිනි අනුරාධා පෞද්වාල් මෙදින ගායනා කරන ලදී. පැමිණ සිටි අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පැමිණ සිටි සියල්ලන්ගේ රසික ආදරයට එදින ඇය පත්විය. මෙම සංගීත ප්‍රසංගය ශශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

***********************************************************************************************************************
‘චෙකොව් සන්ධ්‍යාව’ අද නාමෙල් මාලනී පුන්චි තියටර්හි දී

සුප්‍රකට රුසියානු ගත් කතුවරයෙකු වූ ඇන්ටන් චෙකොව්ගේ 166 වැනි ජන්ම දිනය සහ ‘චෙකොව් සන්ධ්‍යාව’ වේදිකා නාට්‍යයෙහි නිර්මාතෘ වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ 88 වැනි ජන්ම දිනය සැමරීම පාදක කරගනිමින් වසර 33 කට පසුව චෙකොව් සන්ධ්‍යාව රවිඳු මහේන්ද්‍රගේ නව නිෂ්පාදනයක් ලෙස 2026 ජනවාරි 29 දින බොරැල්ල නාමෙල් මාලනී පුන්චි තියටර්හි දී පස්වරු 3.30 සිට 6.30 දක්වා වේදිකාගත කිරීමට නියමිතය.

එදිනට සරසවි ප්‍රකාශනයක් ලෙස මෙම නාට්‍යයෙහි කෘතියක් එළිදැක්වේ. මෙහි රංගනයෙන් දායකවන්නෝ ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු, ජයනි සරත්චන්ද්‍ර, ඉන්දික ජයසිංහ, අජිත් සිරිමාන්න යන රංගන ශිල්පී, ශිල්පිනියන් ය. එදිනම පස්වරුවේ කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී ද මෙය පැවැත්වේ.

– වසුන්දරා කුමාරී ධර්මරත්න

***********************************************************************************************************************
ආදරණීය තරුවක් ගීත එළිදැක්වීම 30 දා

දිල්ශාන් අමරසිංහ අධ්‍යක්ෂණය කළ ආදරණීය තරුවක් චිත්‍රපටයේ ගීත එළිදැක්වීම සහ ඊට සමගාමීව පැවැත්වෙන ‘ආදරණීය තරුවක්’ ගී ප්‍රසංගය 30 දා සවස 6.30 ට කොළඹ රාජකීය විද්‍යාලීය Mas Arena  හිදී පැවැත්වේ.

මෙම ප්‍රසංගයේදී දිනේෂ් ගමගේ, සංඛ දිනෙත්, කාංචනා අනුරාධි, කේසර්, රයිනි චාරුකා, සුනීර සුමංගල, ශනුද්‍රි ප්‍රියසාද්, සාරංග දිසාසේකර සහ රවීන් තාරුක ගී ගැයීමට නියමිතයි. නුදුරේදීම තිරගත වීමට නියමිත ‘ආදරණීය තරුවක්’ චිත්‍රපටයේ සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්, සංගීතා වීරරත්න ඇතුළු ජනප්‍රිය නළු නිළියෝ රාශියක් රංගනයේ යෙදෙති. මෙහි කැමරාකරණය සහ ආලෝකකරණ විශ්වජිත් කරුණාරත්න විසිනි. තිර රචනය දුල්හාරි ඉලංගකෝන් ගෙනි.

ආදරණීය තරුවක් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය දේවින්ද පතිරණ විසින් සිදුකර ඇති අතර දිනේෂ්‍ ගමගේ, යොහානි ද සිල්වා, කාන්චනා අනුරාධි, කයිසර්, නදීමාල් පෙරේරා පසුබිම් ගායනයෙන් සහය වෙති. නිරෝෂන් එදිරිමාන්න සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන ආදරණීය තරුවක් චිත්‍රපටය දිසාසේකර ෆිල්ම්ස් නිෂ්පාදනයකි.

***********************************************************************************************************************
K S Chithra live in concert එළැඹෙන පෙබරවාරි 07 වැනිදා

ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායිකා කේ.එස් චිත්‍රා විසින් මෙරටදී පවත්වනු ලබන සුවිශේෂ සංගීත ප්‍රසංගය K S Chithra live in concert එළැඹෙන පෙබරවාරි 07 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සුවිශේෂ සංගීත ප්‍රසංගයේදී මධු බාලක්‍රිෂ්ණන්, සත්‍ය ප්‍රකාශ්, ක්‍රිෂ්ණා අය්යර්, මානශී, අනමිකා, රූපා රේවතී යන ශිල්පී ශිල්පිනියන්ද එදින ඇය සමඟ එම ප්‍රසංගය වර්ණවත් කිරීමට නියමිතය.

K S Chithra live in concert Falcon Events / NE productions සහ JFX Events ඉදිරිපත් කිරීමකි.

***********************************************************************************************************************
ස්වස්ථික සංවත්සර මේලා ප්‍රසංගය 2026 වල්පොලදි

ලේක්සයිඩ් උක්හේන තරුණ කැළ සංවිධානය කරන ස්වස්ථික සංවත්සර මේලා ප්‍රසංගය 2026 රාගම වල්පොල ශශ්‍රී ගුණානන්ද ක්‍රීඩා පිටියේදී එළැඹෙන 31 වැනිදා ප.ව.7.30ට නොමිලේ පැවැත්වේ.

සලින්ද ප්‍රනාන්දු සමඟ ඒතත All write සංගීතයට පුන්සිරි සොයිසා, මාෂලින් පතිරණ, බේබි ශානිකා, තිවංක ඩිල්ෂාන්, තරංග නෙල්සන්, සුනෙත් උදයරත්න සමඟ ටෂ්නි පෙරේරා ප්‍රසංගය ගීතවත් කරති.

සම්පත් සමරසිංහ සමඟ ජනක අලහකෝන් ප්‍රධාන අනුග්‍රහයෙන් එක්වන අතර ප්‍රසංග කථනය ජගත් නාත්තන්ඩියගෙනි.

***********************************************************************************************************************

හදේ පිපි ගී මල් එළිදැක්වේ

ලතා රසික හවුලේ නිර්මාතෘවරිය මල්ලිකා පීරිස් මහත්මිය රචනා කළ ගීත දෙසීයයක් අඩංගු හදේ පිපි මල් ගීත පොත පසුගිය දා එළිදැක්වීය. පැරණි ගීත තනු වලට ගැළපෙන ලෙස නව පද මාලා රචනා ඇතුළත් වීම මෙහි ඇති විශේෂත්වයයි. මොරටුව පහළ ඉඳීබැද්ද ස.ණ.ස (බටහිර) ශාලාවේදී පැවති මෙම උත්සවයට කලාකරුවන් ඇතුළු ලතා රසික හවුලේ සාමාජිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

***********************************************************************************************************************
ගුරු තරුව 31 බොරුල්ලේදි

මිහිර සිරිතිලක තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ගුරු තරුව නාට්‍ය නිර්මාණය එළැඹෙන 31 වැනිදා දර්ශන වාර දෙකක් පස්වරුවේ බොරැල්ල නාමෙල් මාලනි පුන්චි තියටර් හිදී වේදිකා ගත කෙරේ.

***********************************************************************************************************************
සෙලෝලයිඩ් සිහිනය ප්‍රසංගය

සෙලෝලයිඩ් සිහිනය ප්‍රසංගය එළැඹෙන 31වැනිදා සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

කසුන් කල්හාර, නුවන්දිකා සේනාරත්න, සුනීර සුමංගල, අක්ෂා කුලතුංග, අමන්ධ්‍යා උත්පලි, සුනෙත් උදයරත්න එදින ප්‍රසංගය ගීතවත් කරති.

***********************************************************************************************************************
මම නෙවෙයි වෙන කෙනෙක් රත්නපුරේදී

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ අගනුවර ආදි ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක්, ලක්මාල් ප්‍රෂාන් ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන ‘මම නෙවෙයි වෙන’ කෙනෙක් 30 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් රත්නපුර නව නගර පුස්තකාල රඟහලේදි වේදිකාගත කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT