හෙළයේ මහා ගාන්ධර්වයන් අප අතරින් සමුගත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ඩබ්ලිව් ඩී. අමරදේව සූරීන්ගේ 9 වැනි ගුණානුස්මරණ දිනය එළඹෙන 3 වැනි දාට යෙදී ඇත.
එයට සමගාමීව අමරදේව ආවර්ජනා නමින් විශේෂ වැඩසටහනක් හා අමරදේව ගීතාවලියක් එදින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ප.ව.03.00ට පැවැත්වේ. එදිනම අපේ ගම පරිශ්‍රයේ ඉදිවන අමරදේව අසපුවේ සුසානාගාරය වෙත පුෂ්ප උපහාර දැක්වීමක්ද සිදුකිරීමට නියමිතය. අමරදේවයන්ගේ මුඛ්‍ය දේශනය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදුකරන අතර ඔහුගේම සංගීත අධ්‍යක්ෂණය යටතේ අමරදේව ගී ප්‍රසංගය එම පරිශ්‍රයේදීම පස්වරු 06.00ට පැවැත්වේ. කථනය කැලුම් ශ්‍රී මාල් බිම්සරා ප්‍රේමරත්න සමග චමින්ද ගුණරත්න ගෙනි.
හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය ඩබ්ලිව් ඩී. අමරදේව සූරීන්ගේ 9 වැනි ගුණානුස්මරණය 3 වැනි දා
13
previous post
