Home » හෙළයේ මහා ගාන්ධර්වයාණන්ට පුෂ්ප උපහාර ප්‍රසංගයක්

හෙළයේ මහා ගාන්ධර්වයාණන්ට පුෂ්ප උපහාර ප්‍රසංගයක්

by mavan
November 6, 2025 12:06 pm 0 comment

අප අතරින් සමුගත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ඩබ්ලිව් ඩී. අමරදේව සූරීන්ගේ 9 වැනි අනුස්මරණ දිනය පසුගිය 3 වැනි දාට යෙදීතිබුණි.

එයට සමගාමීව අමරදේව ආවර්ජනා නමින් විශේෂ වැඩසටහනක් හා අමරදේව ගීතාවලියක් එදින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදීපැවැත්විණි. එදිනම අපේ ගම පරිශ්‍රයේ ඉදිවන අමරදේව අසපුවේ සුසානාගාරය වෙත දූ දරුවන් සහ කලාකරුවන් පැමිණි විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පුෂ්ප උපහාර දැක්වීමක්ද සිදු කෙරිණ. මුඛ්‍ය දේශන ප්‍රවීණ ජනමාධ්‍යවේදී තිලකරත්න කුරැවිට බණ්ඩාර සහ ආචාර්ය රෝහණ වීරසිංහ පැවැත්වූහ. අමරදේව ගී ප්‍රසංගය එම පරිශ්‍රයේදීම රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට පස්වරුවේ පැවැත්විණ.

අමරසිරි පීරිස්, ජානකී පීරිස්, උද්දික ප්‍රේමරත්න, සුභානී අමරදේව, අනුරාධා නන්දසිරි, රන්ජන අමරදේව, අසිත් චනුෂ්ක අතපත්තු, ගිම්හාන කෝමන් ගොඩ, රොවේන් අර්ල් පීරිස්, ආශ්කා කුලතුංග, තිළිණ සුදේශ්, පාලින්ද උඩවෙලා ආරච්චි, හංසනී කරුණාරත්න, තනුර මදුගිත්, හිමාශ මනුප්‍රිය,

එදින ප්‍රසංගය ආලෝකවත් කළහ. කථනය කැලුම් ශ්‍රී මාල් බිම්සරා ප්‍රේමරත්න සමඟ චමින්ද ගුණරත්න ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT