Home » සුරලොවින් නරලොවට වඩිනා සුර දෙටුවෝ

සුරලොවින් නරලොවට වඩිනා සුර දෙටුවෝ

by mavan
February 26, 2026 1:13 pm 0 comment

සුර දෙටුවෝ සිනමා පටයේ කතා තේමාව ගොනුවී ඇත්තේ, රැකවල් දූතයන් දෙදෙනකුගේ රැකවරණය ලබන පුංචි දියණියක් පිළිබඳවයි. සාමාන්‍යයෙන් අසා තිබෙන අයුරින් දේව කතාවන්හී ලියවී තියෙන්නේ, එක් අයෙකුට සිටිය හැක්කේ එක් රැකවල් දූතයෙක් පමණක් බවයි. නමුත් අහම්බයෙන් මේ පුංචි දියණියට රැකවල් දූතයෝ දෙදෙනෙකු ලැබෙන්නේ ඇයටත් නොදැනීමයි. ඇයට එසේ ලැබෙන්නේ, මෙම දියණිය මියගිය තම සීයා සහ ආච්චීගෙන් කළ ඉල්ලීමකට අනුව නමුත්, දෙදෙනෙකු ලැබීමට හේතු වන්නේ රැකවල් දූත මධ්‍යස්ථානයේ ප්‍රධානියාට සිදුවන යම් අතපසු වීමක් නිසාවෙනි. මෙම සිදුවීම වඩාත් අති සුවිශේෂි කාරණයක් වන්නේ රැකවල් දූතයන් දෙදෙනා දෙයාකාර සිතුම් පැතුම් හා චර්‍යාවන්ගෙන් යුක්‍ත වීමයි. එක් අයෙක් වගකීම් සහගත ආදරණීය යහපත් චරිතයක් වුවද, අනෙකා නිතරම පිස්සු විකාරයට වඩාත් නැඹුරු විනෝදමත් චරිතයකි. කෙසේ වෙතත් මෙම රැකවලුන් දෙදෙනාව පෙනෙන්නේ ඉහත කී පුංචි දියණියට පමණි. සීයා සහ ආච්චි මියයාම හේතුවෙන් මේ දියණිය හැදී වැඩෙන්නේ ළමා නිවාසයක් තුළයි. මෙම ළමා නිවාසය ආරම්භ කළ යුවළ මියගිය පසුව, මෙම දියණිය සහ එම ආයතනය අයිතිකර ගැනීම සඳහා එක් කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් සහසික ක්‍රියාවක නිරතව සිටී. සිදුවීමට යන අනර්ථය පිළිබඳව රැකවල් දූතයන්ට යම් වැටහීමක් ඇතිවේ. කුමන්ත්‍රණ කරුවන්ට නොපෙනෙන රැකවල් දූතයෝ දෙදෙනා ඔවුන්ගේ වැඩ පෙන්වන්නේ ඉන් අනතුරුවයි.

ලක්මාල් වීරසිරි, දකුණු පුරවරයේ හම්බන්තොට පුංචි ග්‍රාමයක ඉපිද, එම ප්‍රදේශයේම ‍ප්‍රාථමික විද්‍යාලයකින් පහේ ශිෂ්‍යත්ව කඩඉම ජයග්‍රහණය කරමින්, කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණි ගමේ කොල්ලෙකි. ඔහු තුළ සිරව තිබූ රංගන කලා කෞශල්‍යයන්, ආනන්දයේ පාසැල් වේදිකාව මතින් පිටතට එන්නේ නිරායාසයෙනි. එලෙස කලාවට අත්පොත් තබමින් ආනන්දයටත්, අධ්‍යාපනයටත් සමුදෙන ඔහු, කලාවට කිසිදු සම්බන්ධයක් නොවූ විවිධ රැකියාවන් කිහිපයක නිරත වුවද, මනසින් ඉවත්ව නොගිය ඔහුගේ කලා උණට යම් තරමකින් හෝ ප්‍රතිකාරයක් ලැබෙන්නේ, එකල ප්‍රචලිතව තිබූ මැක්ස් රූපවාහිනී සහ මැක්ස් රේඩියෝ නාලිකාවන් සමඟ සම්බන්ධව නිවේදකයෙකු ලෙස කටයුතු කිරීමට ලැබීමෙන් පසුවයි. එම නිවේදක කඩඉම ඔහු යා යුතු මඟ හෙළිකර දීමට සමත් වීමත් සමඟම, ඔහු ඔහුගේ නොනවතින ගමන පටන් ගනී. ඒ ගමන් මඟ සුන්දර නොවූවත්, මේ වන විට ලක්මාල් වීරසිරි නොහොත් ලකා මෙරට මෙන්ම විදේශයන් හීද ජනප්‍රිය චරිතයක් වී අවසන්ය. ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදකයකු, ගීත රචකයෙකු, තිර පිටපත් රචකයකු, ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියකු සහ සංස්කරණ ශිල්පියෙකු ලෙස ලක්මාල් මේ දක්වා දිගු ගමනක් පැමිණ සිටී. වර්තමානයේ ලකා – සිකා යනු පොඩි දරුවන් පවා සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් දැන හැඳීන සිටින ප්‍රකට චරිත යුගලකි. එසේම ලකා – සිකා යනු, එක කුස උපන් අක්කා නගාලගේ දරුවෝද වෙති. ඔවුන් දෙපළ විසින් ඉදිරිපත් කරන විවිධ වැඩසටහන් රැගත් “ලකයි-සිකයි” යූ ටියුබ් නාලිකාව, හොඳම නාලිකාවට හිමි රයිගම්, සුමති (2019), ස්ලිම් ඩිජීස් (2022) හා යුනි ගෝල්ඩ්(2023) ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වී ඇත. “සුර දෙටුවෝ” ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණ ප්‍රවේශයයි.

ප්‍රධාන රංගන දායකත්වය

ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ, නෙතිනි දුලන්මා, ශාලිකා නදීෂානි, සුහන්දි වෝසදී, දර්ශන් තවරාජා, සුදීක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර, ධනංජය සිරිවර්ධන, මනේජ් සන්ජය, දිනේෂ් තරංග, කනිෂ්ක අතුකෝරල, වර්නි ෆර්ඩිනැන්ඩු, සංජය බණ්ඩාර ඇතුළු පිරිසකි.

ප්‍රධාන කාර්මික දායකත්වය

අධ්‍යක්‍ෂණය – ලක්මාල් වීරසිරි

නිෂ්පාදනය- සුදේෂ් මුතුනවගොන්න

විධායක නිෂ්පාදනය – අරුණ ජයවර්ධන

කැමරා අධ්‍යක්‍ෂණය – මාධව කමල්සිරි

නිර්මාණ සැලසුම්කරණය – සුනෙත් මාලිංග ලොකුහේවා

තිර රචනය- සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි, ප්‍රියනාත් විදානපතිරණ

සංස්කරණය – මාධව කමල්සිරි, පැතුම් සඳරුවන්

නිෂ්පාදන කළමනාකරණය- පාලිත තෙන්නකෝන්

සහය අධ්‍යක්‍ෂණය- තරිඳු ආරච්චිගේ

වර්ණ සංයෝජනය සහ පසු නිෂ්පාදන අධීක්ෂණය – ශාන් අල්විස්

ශබ්ද පරිපාලනය- ශසින් ගිම්හාන් පෙරේරා

කලා අධ්‍යක්‍ෂණය- අකුරම්බොඩ පියතිස්ස

කලා අධ්‍යක්‍ෂණ සහය – රංජිත් ඩී. සිල්වා, ගයාන් ගලේවෙල

අංග රචනය – රංගන තිලකවර්ධන

අංග රචනා සහය – මධුක ජයතිලක, නතාශා ද සිල්වා

ගී පද රචනය – ලක්මාල් වීරසිරි

ගීත ගායනය- ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ, මනේජ් සංජය, සෙතිනි වීරසිරි, නෙතිනි දුලන්මා

ගී තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්‍ෂණය – නිසාම් ගුණසිංහ, කසුන් කල්හාර ජයවර්ධන

සටන් අධ්‍යක්‍ෂණය- සඳුන් ප්‍රනාන්දු

කොණ්ඩා සැකසුම- තිළිණි සමරසිරි, සුරාජ් රශ්

ඇඳුම් නිර්මාණය – පවිත්‍රා අබේසිංහ

ගීත රූපරචනය – චාරුක දුෂ්මන්ත

නිශ්චල ඡායාරූප- ඉන්දික මල්ලවාරච්චි

දෙවන, තෙවන සහය අධ්‍යක්‍ෂණය – තීක්ෂණ මනරම්, චළිදු තීක්ෂණ

නිෂ්පාදනය සහය – මයිකල් විජය කුමාර, සරත් වීරසිංහ ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT