චූටික්කි, සිදා, සිදංගනා, ජිත්මි ලෙස මේ ඕනෑම ආදරණීය නමකින් හැඳීන්වුවද රසිකයන්, හිත මිතුරන් අතරේ දන්නා පුංචි රංගන ශිල්පිනියක සමඟ අද අපි කතා බහ කරන්නෙමු. විශේෂයෙන් ‘ නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ ජිත්මිගේ චරිතය ඔස්සේ රසිකයන් අතරට වඩාත් සමීප වූ ළමා රංගන ශිල්පිනි සයුනි සිදංගනා කුරේ සිය රංගන දිවියේ මතක හා අනාගත අභිලාෂයන් ගෙන හැර පෑවේ මෙසේය.
මම ඉගෙන ගන්නෙ කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ.පහ වසරේ.මම මේ වාගෙ වැඩසටහන්වලට සහභාගි වෙන්න පටන් ගත්තේ එක වසරෙ ඉඳන්.වෙළෙඳ දැන්වීම් සඳහා තමයි මුලින් ම පෙනී හිටියේ. දෙදහස් විසි දෙක අවුරුද්දේ මම ස්වර්ණවාහිනියේ අවුරුදු සිඟිති කුමරිය බවට පත් වුණා. එතකොට මම එක වසරේ. ඒ ඔස්සේ තමයි මට ‘ මැස්සා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ අවස්ථාවක් ලැබෙන්නේ. රඟපාන්න කැමැත්තක් තිබුණේ ගොඩක් පුංචි කාලයේ ඉඳලමයි. පෙර පාසල් යන කාලයේ වගෙ ඉඳන්ම.
නිකිණි කුසුම් නාට්‍යයේ ‘ ජිත්මි’ විදියට තමයි මාව ගොඩක්ම ප්‍රසිද්ධ. දැනට වැඩ කරගෙන යන නාට්‍යය තමයි ‘ සමන්මලිය’ කියන ටෙලි නාට්‍යය.
අනාගතයේදී නිරූපණ ශිල්පය හා සම්බන්ධ ගුරුවරියක් වෙන්නයි කැමැත්තෙන් ඉන්නෙ. මේ වෙද්දී ඒ ගැන මම පාඨමාලාවකුත් මේ වෙද්දී මම හදාරා තිබෙනවා. ඒ පාඨමාලාව අවසානයේ පැවැති නිරූපණ දැක්මේදී හොඳම ළමා නිරූපණ ශිල්පිනිය ලෙස කිරුළු පැලඳුවා.
අනාගතයේ වෛද්‍යවරියක වෙන්න කැමැත්තකුත් තියෙනවා. ඉතින් මම මගෙ රඟපෑම් නරඹන අය ඒවා රස විඳීනවා දකින්න ආසයි. ඔවුන් එක්ක සතුටින් ඉන්න, මිනිස්සුන්ට උදව් කරන්න මම හරිම ආසයි.සතුන්ටත් ගොඩක් ආදරෙයි. ඉතින් ඒ හැමදෙයක් අතරෙ මට ආදරය කරන අයට මම කියන්න ආසයි මා එක්කම ඉන්න කියන එක. මම රංගනයේ යෙදෙන නිර්මාණ බලන්න කියන එක. ඒ වගේම එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනව මම.
ඉතින් ඒ හැමෝටම ආදරය කරන්න, එයාලගේ ආදරය දිනාගන්න මම ගොඩක් ආසයි.
මේ වෙද්දී මම රඟපාල තිබෙන ටෙලි නාට්‍ය ඔක්කොම හයක් විතර.
ඉදිරියේ දී ‘අමුතු තුනක්’ ඒ වගේම අත්පුඩි කියන චිත්‍රපට දෙක එන්න තිබෙනවා. ඉන් ‘ අත්පුඩි’ කියන චිත්‍රපටයේ නම් මම ප්‍රධාන චරිතයක් තමයි නිරූපණය කරන්නේ.
දැනට රඟපාන චරිතවලින් ‘ සමන්මලිය’ කියන චරිතයට මම හරි කැමතියි. ඉදිරියේ දී සුරංගනාවියක් විදිහට ඒ වගේම ඩ්‍රැකියුලා චරිත නිරූපණයක යෙදෙන්නත් ආසයි.
ඉතින් මට මේ ගමන එන්න උදවු කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අතර මගෙ අම්මා යි තාත්තා යි වගේම විශේෂයෙන් සූරියආරච්චි සර්, ඉන්දික ධර්මතිලක සර්,තුෂාර තෙන්නකෝන් සර්, සුසන්ත සෙනෙවිරත්න සර්, උදානි මැඩම් වගේම සුලීශා මැඩම්වත් මම මතක් කරන්න කැමැතියි.
2022 ස්වර්ණවාහිනී සිඟිති අවුරුදු කුමරිය (ප්‍රථම ස්ථානය)
2023 රයිගම් ටෙලි සම්මාන (ජූරියේ කුසලතා සම්මාන)
2024 හොඳම ළමා නිරූපණ ශිල්පිනිය ලෙස කිරුළු පැලඳීම (ත්‍රිකලා ධරණි නිරූපණ ඇකඩමිය)
රඟපෑ ටෙලි නාට්‍ය
ස්වර්ණවාහිනියේ මැස්සා ටෙලි නාට්‍යය (පළමුවැනි ටෙලිනාට්‍යය)
හේල්‍යන් ටෙලිනාට්‍යය – ටීවී දෙරණ (ජූරියේ කුසලතා සම්මාන)
නිකිණි කුසුම් ටෙලිනාට්‍ය – ටීවී දෙරණ ‘සමන්මලිය’ සුප්‍රීම් ටීවී
සුසුමක් නිහඬයි හිරු ටීවී කෙටි නාට්‍යය
දුරුතු මන්දාරම හිරු ටීවී පෝය කෙටි නාට්‍යය වෙළෙඳ දැන්වීම්
හිත දුර හන්දා (ජධමඥප), ලොකු මාමා (රන්වල බලකාය) – මියුසික් විඩියෝ
මීට අමතරව පාසලේ නාට්‍ය සදහා ද සහභාගි වේ.
