Home » සුන්දරත්වයේ මායාව රිවස්ටන්

සුන්දරත්වයේ මායාව රිවස්ටන්

by mavan
April 2, 2026 10:57 am 0 comment

පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල සහ වෙනත් භයානක අපරාධයන්හී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන කරුණු මත, සැඟවූ ආයුධ සහ වෙනත් උපකරණ සොයා ගැනීම පිණිස ඔවුන්ව පිටතට රැගෙන යාමේදී, සිදු වූවා යැයි පවසන වෙඩි හුවමාරුවීම් සහ දියේ ගිලී සිදුවූ මරණ පිළිබඳව එක්තරා කාලයකදී සමාජයේ කතිකාවතක් ගොඩනැඟුණේ, පොලිසිය විසින් නීතියේ ආධිපත්‍යය දැඩි ලෙස බිඳීමින් සහ නොසලකා හරිමින් කටයුතු කරන්නට යෙදී සිටින බවයි. එසේම එම අපරාධකරුවන් අපහරණය කිරීම පසුපස පොලිසියට උපදෙස් දීම සඳහා බලගතු ඉහළ හස්තයන් වූ බවට ද මත පළවිණි. ඔවුන්ගේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් උසස්වීම් ලද නිලධාරින් ද සිටිතැයි කියැවිණ.  හරහා ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ ද තමන්ට කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති අපරාධයකට සම්බන්ධ එක්තරා කලින් තීරණය කරගත් නිශ්චිත ස්ථානයකට රැගෙන යන පොලිස් නිලධාරීන් පිරිසකගේ සිතිවිලි හා ඔවුන්ගේ හෘද සාක්ෂින්, ඔවු නොවුන් ඇමතීම පිළිබඳව අනුවේදනීය විවරණයකි. 

ලලිත් රත්නායක ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂවරයකු මෙන්ම, චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිර පිටපත් රචකයෙකු ද වෙයි. වසර 26 ක් පුරාවට නිර්මාණකරණයේ නියැළී සිටින ඔහු කලාවට අවතීර්ණ වනුයේ පාසල් වේදිකාවේ නාට්‍යකරණය තුළිනි. 1993 වසරේදී ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වන ඔහු, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය ඩිප්ලෝමාවට ලියූ නිබන්ධනය ඇසුරින් ‘සවස පිපෙන මල්’ නම් වූ ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් හා නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළේ ඔහුගේ පළමු නිර්මාණය ලෙසිනි. ලලිත් රත්නායකයන්ගේ ප්‍රථම ප්‍රාසංගික නිර්මාණය වූයේ ‘තෙත් සහ වියළි’ ටෙලිනාට්‍යයි. ඉන්පසුව ‘අරුන්ගල්’ නමින් දෙවන ප්‍රාසංගික ටෙලි නාට්‍ය ඉදිරිපත් කළ අතර, එම ටෙලි නාට්‍ය ද්විත්වය විවිධ සම්මාන උළෙලයන්හිදී සම්මාන රැසකට හිමිකම් පෑමට සමත් විය. වෘත්තිකයෙකු ලෙස රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින ඔහු වාර්තා වැඩසටහන් සහ වෙළඳ දැන්වීම් රැසක් නිර්මාණය කර ඇත. 2019 වසරේ තිරගත වූ ‘විෂම භාග’ ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය වන අතර, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘බොම්බයි මොටයි’ චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT