Home » සිනමා කලා දිනපොත 2025

සිනමා කලා දිනපොත 2025

by mavan
January 8, 2026 10:42 am 0 comment

ජනවාරි 03 වැනිදා රෝස ආදරේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා හර්ෂ උඩකන්ද විය.

05 වැනිදා අධ්‍යක්ෂ ඒ ඒ ජුනයිඩීන් මිය ගියේය. ඔහුගේ උපත 1946 ජනවාරි 28 වෙනි දින සිදුව ඇත.

20 වැනිදා කලා තරු මාසික සඟරාව නිකුත් කරනු ලැබීය. මෙහි සංස්කාරවරු සඳහන් නොවේ.

21 වැනිදා නාමල් ප්‍රසන්නගේ වාර්තා චිත්‍රපට වංශය ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. එහි ලෝක වාර්තා චිත්‍රපට ඉතිහාසය ගොනුකොට තිබුණි.

22 වැනිදා ගායක අනිල් භාරතී මිය ගියේය. ඔහුගේ උපත 1950 ජනවාරි 8 වෙනි දින සිදුව ඇත.

23 වැනිදා කාසි වාසි චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබීය. අධ්‍යක්ෂවරයා ජයප්‍රකාශ් සිවගුරුනාදන් විය.

23 වැනිදාම රාණි චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා අශෝක හඳගම විය.

29 වැනිදා වේශ නිරූපණ ශිල්පී රංජිත් වික්‍රමසිංහ මියගියේය. ඔහුගේ උපත 1960 මැයි 20 දින සිදුව ඇත.

පෙබරවාරි 13 වැනිදා රංගන ශිල්පිනී කුමාරි පෙරේරා මිය ගියාය. ඇයගේ උපත 1956 සැප්තැම්බර් 15 වෙනි දින සිදුව ඇත.

14 වැනිදා ගොවි තාත්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා දර්ශන රුවන් දිසානායක විය. දාහතර වැනිදාම හැට නමය චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරිය වින්ද්‍යා හාරිස්පත්තුව වූවාය.

15 වැනිදා ගායක සනත් නන්දසිරිගේ උපහාර සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය. එහි වටිනාකම රුපියල් පනහකි.

16 වැනිදා විජය නමින් සිනමා ශාලාවක් විවෘත කරනු ලැබීය. මෙය අධිකාරී ඉන්ටෙන්මන්ට් මඟින් විජය කුමාරතුංගට උපහාර පිණිස ඉදිකරන ලද්දකි.

20 වැනිදා ගායිකා අමිතා වැදිසිංහ මිය ගියාය. ඇයගේ උපත 1943 මාර්තු 22 වෙනි දින සිදුව ඇත.

23 වැනිදා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සන්තුස ලියනගේ මියගියේය. උපත 1968 වසරේ සිදුව ඇත.

26 වැනිදා වේශ නිරූපණ ශිල්පී වසන්ත විට්ටච්චි මිය ගියේය. ඔහුගේ උපත 1957 දෙසැම්බර් 21 වෙනි දින සිදුව ඇත.

28 වැනිදා රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මිය ගියාය. ඇයගේ උපත 1964 පෙබරවාරි 21 වෙනි දින සිදුව ඇත.

මාර්තු 04 වැනිදා රංගන ශිල්පී ප්‍රසන්න ෆොන්සේකා මියගියේය. ඔහුගේ උපත 1947 මාර්තු 25 වෙනි දින සිදුව ඇත.

06 වැනිදා අයිස් ක්‍රීම් චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා ප්‍රදීප් ධර්මදාස විය.

07 වැනිදා අධ්‍යක්ෂ අශෝක නිස්සංක මිය ගියේය. ඔහුගේ උපත 1953 ජනවාරි එක වෙනි දින සිදුව ඇත.

07 වැනිදා තේජා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා නිලන්ත හපන්වීර විය.

14 වැනිදා නෙළුම් කුලුණ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා ඉලංගෝරාම් විය. දාසය වැනිදා රංගන ශිල්පිනී අකුෂ්ලා සෙල්ලයියා මියගියාය. ඇයගේ උපත 1958 ජනවාරි අට වැනි දින සිදුව ඇත.

17 වැනිදා සාරි ගප්පි චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා මාලක නන්දන විය.

25 වැනිදා වාලම්පූරි හෙවත් හීන හතක් හමාරක් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා ලක්මාල් ධර්මරත්න විය. 26 වෙනිදා කැමරා ශිල්පී චන්ද්‍රලාල් මනමේන්ද්‍ර මිය ගියේය. ඔහුගේ උපත 1947 අගෝස්තු අටවෙනි දින සිදුව ඇත. 27 වැනිදා කපුටු කොහෝ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා සෝමරත්න දිසානායක විය.

අප්‍රේල් 22 වැනිදා රංගන ශිල්පිනී නන්දා වීරක්කොඩි මිය ගියාය. ඇයගේ උපත සිදුව ඇති දිනය අවිනිශ්චිතය.

27 වැනිදා ගායක සමන් ද සිල්වා මිය ගියේය. ඔහුගේ උපත 1957 පෙබරවාරි හයවෙනි දින සිදුව ඇත. මෙම මස සිනමා ප්‍රදීප පුවත්පත ජනගත කරනු ලැබීය. සංස්කාරකවරයා සමර ශශ්‍රී දඩල්ලගේ විය.

මැයි 09 වැනිදා සෝනා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා සහන් ජයරත්න විය.

13 වැනිදා අධ්‍යක්ෂ ආරියරත්න විතාන මිය ගියේය. ඔහු උපත 1943 නොවැම්බර් 14 වැනි දින සිදුව ඇත. 22 වැනිදා දේවී කුසුමාසන චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරයා ජයන්ත චන්ද්‍රසිරි විය.

24 වැනිදා නිළි රැජන මාලිනී ෆොන්සේකා මිය ගියාය. ඇයගේ උපත 1947 අප්‍රේල් 30 වෙනි දින සිදුව ඇත.

25 වැනිදා ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මිය ගියාය. ඇයගේ උපත 1933 මාර්තු 23 වෙනි දින සිදුව ඇත.

27 වැනිදා රංගන ශිල්පිණි අයේෂා වීරකෝන් මියගියාය. ඇයගේ උපත 1935 අප්‍රේල් 22 වෙනි දින සිදුව ඇත.

29 වැනිදා හවුස් ෆුල් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා ලාල්ප්‍රියදේව විය.

30 වැනිදා බහුචිතවාදියා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරයා මාලක දේවප්‍රිය විය. 30 වැනිදාම තිලක් කෝදාගොඩ රචිත එහිම සුදු මැලි පිටපතක් ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. එය බහුචිතවාදියා චිත්‍රපටය මුල් කොටගත් කෘතියකි.

ජූනි 03 වැනිදා ගායිකා ග්‍රේටා ජෙනට් ද සිල්වා මිය ගියාය. ඇයගේ උපත 1926 මැයි 6 වැනි දින සිදුව ඇත.

13 වැනිදා සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වූයේ 04 වැනි වරටය.

24 වැනිදා සරසවිය සම්මාන උලෙළ පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වූයේ 35 වැනි වරටය.

27 වැනිදා ක්ලැරන්ස් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරයා තේජා ඉද්දමල්ගොඩ විය.

ජූලි 12 වැනිදා සූර්යයා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා අනූෂ සංජීව එදිරිමුණි විය.

15 වැනිදා සුමති සම්මාන උලෙළ පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වූයේ 30 වරටය.

30 වැනිදා සිනමා ලේඛක හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මිය ගියේය. ඔහුගේ උපත 1937 ජූනි 5 වැනි දින සිදුව ඇත.

31 වැනිදා Hello from the other side චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරිය විනෝෂා කිරිවන්දෙණිය වූවාය.

අගෝස්තු 06 වැනිදා වේශ නිරූපණ ශිල්පී ලලිත් ධර්මවර්ධන මිය ගියේය. ඔහුගේ උපත 1950 ජනවාරි 27 වෙනි දින සිදුව ඇත.

14 වැනිදා මදර් ලංකා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා මහේ්ෂ් මුණසිංහ විය.

29 වැනිදා එළද බ්‍රා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා පූජිත සේනාරත්න ගුණතිලක විය.

30 වැනිදා තුසිත ජයසුන්දර රචිත සිරිලක සිනමා උණුසුම ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඉන් 2024 දෙවර්ශයේ සාර්ථකව ප්‍රදර්ශිත සිංහල චිත්‍රපට කිහිපයක් විචාරයට ලක් කොට තිබුණි.

සැප්තැම්බර් 04 වැනිදා ජීවන්ත දයානන්ද රචිත සිත්තරෙකුගේ සිනමා රූප රිද්මය ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඉන් උදයකාන්ත වර්ණසූරියගේ සිනමා භාවිතය විවර කොට තිබුණි.

09 වැනිදා මාලක දේවප්‍රිය බහුචිතවාදියා ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට බහුචිතවාදියා චිත්‍රපට විචාර ඇතුළත්ව තිබුණි.

19 වැනිදා මුම්බායි දෙමළ භාෂිත දේශීය චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරිය නව යූගා කුගරාජා වූවාය.

19 වැනිදාම නීරා චිත්‍රපටයත් ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂකවරයා වාසව බදුගේ විය. 22 වැනිදා ගීත රචක කරුණාරත්න ඩී පිලිප් මිය ගියේය. ඔහුගේ උපත 1940 ජුනි 26 වෙනි දින සිදුව ඇත.

23 වැනිදා රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මිය ගියේය. ඔහුගේ උපත 1969 මාර්තු 20 වෙනි දින සිදුව ඇත.

25 වැනිදා දීප්ති ෆොන්සේකා රචිත රිදී සීනුව ඇන්ජලින් ග්‍රන්ථයේ ජන ගත කරනු ලැබීය. ඉන් ඇන්ජලින් ගුණතිලක පිළිබඳව විවර්ශනයක් කර තිබුණි

25 වැනිදා සිනමා ලේඛක ප්‍රභාත් කුමාර මියගියේය ඔහුගේ උපත 1948 ජනවාරි 14 වෙනි දින සිදුව ඇත.

26 වැනිදා සිහින සරුංගල් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරු උපුල් වීරසිංහ හා තාරක අධිකාරී වූහ. 26 වැනිදාම පවිත්‍රා රූපසිංහ රචිත මම නීල් ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඉන් නිල් රූපසිංහගේ චරිතාපදානය කියැවිණ.

27 වෙනිදා රූපසේන සිල්වා රචිත ජාතික සිනමා මහා වංශය ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට ප්‍රාග් සිනමාවට ඩිජිටල් යුගය දක්වා දේශීය සිනමා ඉතිහාසය අන්තර්ගතව තිබුණි.

28 වැනිදා ප්‍රංශ චිත්‍රපට උළෙල තරංගනී සිනමාහළේ පවත්වනු ලැබීය. සංවිධානය ප්‍රංශ තානාපති කාර්යාලය මගිනි 28 වැනිදාම රූපසේන සිල්වා රචිත සේනගේ සුපිරි සිනමාව ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට සේන සමරසිංහගේ චරිතාපදානය ඇතුළත් වී තිබුණි.

29 වෙනිදා දෙරණ සිනමා සම්මාන උළෙල පවත්වනු ලැබීය එය මෙවර පැවැත්වූයේ දහවෙනි වරටය.

ඔක්තෝබර් 2 වැනිදා ආයු චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරයා චත්‍ර වීරමන් විය.

03 වැනිදා වෙනිල් ශාන්ත රචිත සිනමා කර්මාන්තය හා අර්බුදයේ පැතිකඩක් ග්‍රන්ථය ජනගත කරනු ලැබීය එය සිනමාව පිළිබඳ විචාරාත්මක ලිපි එකතුවකි.

05 වැනිදා චන්න බණ්ඩාර විජයකෝන් රචිත බිහායින් ද සීන්ස් ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. එය දේශීය සිනමාව අලළා ඉංග්‍රීසි බසින් ලියන ලද්දකි.

07 වැනිදා ගායිකා චන්ද්‍රාණී ගුණවර්ධන මිය ගියාය. ඇයගේ උපත 1943 ඔක්තෝබර් 07වැනි දින සිදුව ඇත. 10වැනිදා මෝඩ තරිඳු චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය අධ්‍යක්ෂවරයා තිසර ඉඹුලාන විය. ‍රැයක් හෝ පැයක් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා ලාල් විරසිංහ විය.

නොවැම්බර් 01වැනිදා සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළ පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වූයේ 47 වෙනි වරටය එක සිට හතර දක්වා රුසියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ එම කේන්ද්‍ර ශාලාවේ පැවැත්වෙනු ලැබීය. ඊට චිත්‍රපට හතරක් ඇතුළත්ව තිබුණි.

20 වැනිදා මිස්ටර් මිසිස් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා චරිත් අබේසිංහ විය. 20 වැනිදාම සිනමාලේඛක පියසිරි නාගහවත්ත මියගියේය. ඔහුගේ උපත 1935 මැයි 10 වැනි දින සිදුව ඇත 21 වැනිදා විජයරත්න වරකාගොඩ පෙදෙස විවෘත කරනු ලැබීය. එය ඔහුගේ නිවසට යන මාවතයි 21 වැනිදාම මාරියා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා අරුණ ජයවර්ධන විය.

28 වැනිදා අදිරන් දෙමළ භාෂිත දේශීය චිත්‍රපටයත් එහි සිංහල හඬ කැවූ පිටපතක් ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂවරයා දිනේෂ් කනගරාජා විය. 30 වැනිදා නිෂ්පාදක චිත්‍ර බාලසූරිය මිය ගියේය. ඔහුගේ උපත 1932 ඔක්තෝබර් 22 වෙනි දින සිදුව ඇත. 30 වැනි දාම ගායිකා පුණ්‍යා කතිආරච්චි මිය ගියාය. ඇයගේ උපත 1946 අප්‍රේල් 16 වෙනි දින සිදුව ඇත.

දෙසැම්බර් 03 වැනිදා රංගන ශිල්පී එඩ්මන්ඩ් ජයසිංහ මියගියේය. ඔහුගේ උපත 1940 වර්ෂයේ සිදුව ඇත.

04 වැනිදා රංගන ශිල්පීන් නිහාල් ප්‍රනාන්දු මිය ගියේය. ඔහුගේ උපත 1954 ජූලි 29 වෙනි දින සිදුව ඇත.

10 වැනිදා අර්නස් වඩුගේ රචිත සිනමා රන්පොත ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට සිංහල සිනමාවේ ජනකාන්ත නළු නිළි ඡායාරූප හා තොරතුරු ඇතුළත්ව තිබුණි.

22 වැනිදා රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මියගියේය. ඔහුගේ උපත 1941 පෙබරවාරි 11 වෙනි දින සිදුව ඇත.

26 වැනිදා සයිනයිට් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂකවරයා නලින් රාජපක්ෂ විය 30වැනි දා සිට 2026 ජනවාරි හතර වැනිදා දක්වා යාපනයේ ජාත්‍යන්තර සිනමා උලෙළ පවත්වනු ලැබීය. එය මෙවර පැවැත් වූයේ එකොළොස්වැනි වරටය.

27 වැනිදා හෙළ ගී රැජන ලතා වල්පොල මිය ගියාය. ඇය උපත ලැබුවේ 1934 නොවැම්බර් 11 වැනිදාය.

රූපසේන සිල්වා

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT